මිනිසුන් මෙම ක්ෂේත්රය පිළිබඳව හිතන විදිහ වෙනස්
ප්රශානි පෙරේරා
වෙළෙඳ දැන්වීම් සහ මියුසික් වීඩියෝ හරහා ජනප්‍රියත්වයට පත් නව පරපුරේ නිරූපණ ශිල්පිනියෙකු ලෙස ප්රශානි පෙරේරා හැඳින්විය හැකිය. මේ ඇයගේ වෘත්තීය දිවිය පිළිබඳව අද සමග යෙදුණු කතාබහකි.
ඔබ වෘත්තිමය වශයෙන් නිරූපිකාවක්?
නැහැ. මම දැනට පෞද්ගලික අංශයේ රැකියාවක් කරනවා.
ක්ෂේත්රයට අවතීර්ණ වීම ගැන කතා කළොත්?
මට රංගන ක්ෂේත්රයට අවතීර්ණ වීමට අවස්ථාව ලැබුණේ මියුසික් වීඩියෝවක් හරහායි. ඒ මම හඳුනන කෙනෙකුගේ මාර්ගයෙන්.
ඒ මියුසික් වීඩියෝව ගැන කෙටි සඳහනක් කළොත්?
මම පළමුවෙන්ම දායක වුණු ඒ වීඩියෝව තවමත් එළිදක්වලා නැහැ. ඇත්තටම සිංදුව මොකක්ද කියලවත් මට මතක නැහැ.
දායක වී ඇති අනෙකුත් නිර්මාණ මොනවාද?
මේ වන විට වෙළෙඳ දැන්වීම 3ක් සඳහා දායක වෙලා තිබෙනවා. ඊට අමරතව මියුසික් වීඩියෝ පහක් විතර එළිදැක්වීමට නියමිතව තිබෙනවා. වෙළෙඳ දැන්වීම් ගැන කිව්වොත්, පෑන් ඒෂියා බැංකුවේ වෙළෙඳ දැන්වීමත්, ඩේලි සමාගමේ වෙළෙඳ දැන්වීමකට සහ දන්තාලේප වෙළෙඳ දැන්වීමක් සඳහා දායක වෙලා තිබෙනවා.
මෙම ක්ෂේත්රයට පැමිණීමට ආසාවක් තිබුණද?
පාසල් යන කාලයේ රංගන ක්ෂේත්රයට පැමිණීමට හීනයක් තිබුණෙ නැහැ. නමුත් ආශාවක් තිබුණා. ඒ සඳහා ලොකු අවස්ථාවක් ලැබුණෙ නැහැ.
අද බිහිවන නවකයන්ට මෙම ක්ෂේත්රය ගුණද?
මිනිසුන් මෙම ක්ෂේත්රය පිළිබඳව හිතන විදිහ වෙනස්. ඒ වුණාට අපි හරි විදිහට හිටියොත් ක්ෂේත්රය තුළ වැරදි පැත්තක් දකින්න තිබෙන ඉඩ අඩුයි.
නවකයන්ට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ඔබ දකින්නේ කුමක්ද?
එවැනි චෝදනා එල්ල වන්නේ රසිකයන්ගෙන් සහ ක්ෂේත්රයේ ප්‍රවීණයන්ගෙන් වෙන්න පුළුවන්. එක්කෙනෙක් කරන වැරැද්දක් නිසා හැමෝටම කුමන හෝ චෝදනාවක් එල්ල වෙන්න පුළුවන්. තමන්ගේ හෘදසාක්ෂියට අනුව තමන් දන්නවානම් තමන් වැරදි කරලා නැහැ කියලා තමුන්ට ක්ෂේත්රය තුළ පැවැත්මක් හදාගන්න පුළුවන්. මෙම ක්ෂේත්රයේ පමණක් නොවේ ලංකාවේ මොන රැකියාවක් කළත් මඩ කියන දේ වදිනවා. ඒ නිසා තමන්ට තමන් විශ්වාසයි නම් එවැනි ප්රශ්නයන් බලපාන්නෙ නැහැ.
චිත්‍රපට සහ ටෙලි නාට්‍ය සඳහා ආරාධනා ලැබිල තියෙනවා නේද?
ඔව්, චිත්‍රපටයකට සහ ටෙලි නාට්‍යයකට ආරාධනා ලැබිලා තිබෙනවා. නමුත් මම ඉදිරියේදී කරන්න ඉන්න රැකියාවත් එක්ක තාම ඒක ගැන තීරණය කරලා නැහැ.
ඒ කියන්නේ රංගන ක්ෂේත්රයෙන් ඉවත් වෙනවාද?
ඉවත් වෙන්න හිතන්නෙ නැහැ. නමුත් මියුසික් වීඩියෝවලට සහ වෙළෙඳ දැන්වීම්වලට පමණක් සීමා වෙන්න කියල තමයි හිතන් ඉන්නේ.
පවුලේ විස්තර සහ ඔවුන්ගෙන් ලැබෙන සහයෝගය ගැන කිව්වොත්?
අම්මයි, තාත්තයි, මල්ලියි තමයි මගේ පවුලේ අය. අම්මගෙන් ලැබෙන සහයෝගය නිසා තමයි මට මෙපමණ දුරක් එන්න අවස්ථාව හිමිවුණේ.
සහයෝගය ලබා දුන් පිරිස ගැන කතා කළොත්?
මුලින්ම මගේ අම්මටයි, ගෙදර අයටයි ස්තූති කරනවා මෙපමණ සහයෝගයක් ලබා දුන්නට. අම්ම නැත්තනම් අද මට කිසිදෙයක් කරගන්න වෙන්නේ නැහැ. ඒ වගේම දිලුම්, කසුන්, සුදේශ්, අජන්ත අයියා, සමීර අයියටත්, තුසිත් මේ හැමෝටම මම බෙහෙවින් ස්තුතිවන්ත කරනවා.
ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - ඉසුරු පෙරේරා