ඇය ජාතික ජනමාධ්‍ය සම්මාන උලෙළේදී පුරා වසර පහක් හොඳම නිවේදිකාව බවට පත්වූවාය. 'පිපෙන කුසුම්', 'නෙළුම් පොහොට්ටු', 'ශ්‍රී මංසල', 'හින්දි ටොප් ටෙන්', 'ඇන්ටන් ටොප් චාට්', 'සිහින මන්දිරය', 'ශ්‍රී රශ්මි', 'ශ්‍රී එෆ් එම් තරුවක් සමග වරුවක්' වැනි වැඩසටහන් රැසකට නිවේදනයෙන් දායක වූ ඇය භාෂිණී සමරසිංහයි. අද කතාබහ දිගහැරෙනුයේ ඇය සමගිනි.
නිවේදක පවුලක නවතම පුරුක
මගේ තාත්තා පාලිත සමරසිංහ. ඔහු ගුවන් විදුලියේ හිටපු ප්‍රවීණ නිවේදකයෙක්. එමෙන්ම වැඩසටහන් අධ්‍යක්ෂකවරයෙක්. අම්මා රත්නා සමරසිංහ. ඇයත් බොහොම ජනප්‍රිය ප්රවෘත්ති නිවේදිකාවක්. නිෂ්පාදකවරියක්. ඒ දෙන්නගේ එකම දරුවා තමයි මම. මම පුංචි කාලෙ ඉඳලා හැදුණෙ වැඩුනෙ ගුවන් විදුලියත් එක්කයි. මම අම්මත් එක්ක ස්ටුඩියෝවෙන් ස්ටුඩියෝවට යනවා. ඉස්සර හරිම ගාම්භීර තැනක් තමයි ගුවන් විදුලිය. දැන් අපි දකින්නේ කෙටි කාමරවල රේඩියෝ ටීවී තියෙන තැනක් විදියටනේ.
අක්කර ගාණක ලොකු පරිසරයක ප්‍රභූ විදියට ඇඳ පැලඳගත් නිවේදක නිවේදිකාවන් ඉන්න කාල සීමාවක තමයි මම අම්මයි තාත්තයි පස්සෙන් ගියේ. සෑහෙන වෙලාවක් ගුවන් විදුලියේ සැරිසරන්න සිදුවුණා. ඒ කාලෙ තමයි රේඩියෝ සඟරාවෙ බින්දුගේ දිනපොත කියලා දරුවෙක් ඉදිරිපත් කරන දිනපොතක් ඉදිරිපත් කරන්න ලැබුණේ. ඒක තමයි මගේ පළවෙනි වැඩසටහන. ප්‍රේම් අංකල්ගේ අනාථ දරුවෙකුගේ ජීවිතය ගැන කියන නාට්‍යයකත්, සුගතපාල අංකල්ගේ නාට්‍යවල වගේම අම්මගේ වැඩසටහන්වලටත් සම්බන්ධ වුණා. ඊට පස්සෙ තමයි විවිධ නාට්‍යවලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ. සුගතපාල අංකල්ගේ, අම්මගේ වැඩසටහන්වලට ළමා චරිතයක් ඕන කිව්වාම මම තමයි ඒ වැඩසටහන්වලට යන්නෙ. එහෙම තමයි පුංචි කාලෙ ගෙවුණෙ.
ගුවන් විදුලියෙන් සවනට
මම පාසල් ගියේ විශාඛා විද්‍යාලයට. 1999දී ලංකාවේ පළමුවැනි පෞද්ගලික ගුවන් විදුලි නාළිකාව නැවත එළිදක්වන වෙලාවේ එයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. එහිදී මට මුලින්ම වෙළඳ දැන්වීමක් ලැබුණා. එය සාර්ථකව සිදුකළාම පුතා ඔයා වැඩේ හොඳට කළා. අපිත් එක්ක වැඩ කරන්න එන්න කීවා. ඊට පස්සෙ ටික දවසක අපේ අම්මලගෙ ඔෆිස් එකේ ඉඳපු අධ්‍යක්ෂකවරයෙක් කතා කරල කිව්වා මාව වැඩසටහන් කිහිපයක් තියෙනවා එවන්න කියා. ඒ පොඩි ළමයින්ගෙ වැඩ සටහන් කිහිපයක්. එයට ගියාම හරි වෙනස් අත්දැකීමක් තිබුණා. ඒ තමයි ගුවන් විදුලියෙ දැක්කෙ ලොකු ස්ටුඩියේවක මේසයක් තිබෙනවා මයික් එකක් තිබෙනවානේ.
එහා පැත්තෙන් කන්ට්‍රෝල් රූම් එකක් තිබෙනවා. එහි කන්සෝල් හයක් විතර තිබෙනවා. ඔපරේටර් කෙනෙක් ඉන්නවා එයා තමයි සිග්නල් දෙන්නෙ. එතෙන්ට එන්න පෙර අපේ අම්ම එයාගෙ කණ්ඩායමත් එක්ක මෙහෙයවනවා. තැටි ගෙනත් දෙන්න කෙනෙක් ඉන්නවා. පටි ගෙනත් දෙන්න කෙනෙක් ඉන්නවා. ඊට අමතරව ඩිස්ක් ගෙනත් දෙන්න තව කෙනෙක් ඉන්නවා. පිටපත් ලියන්න තව කෙනෙක් ඉන්නවා. පිටපත කියල දෙන්න තව කෙනෙක් ඉන්නවා වගේ ලොකු කණ්ඩායමක් එකතු වෙලා තමයි විනාඩි 15 වැඩසටහන් කළේ. ඒකත් පටිවලට අරගෙන ඒ පටි ආයෙ බලලා ඊට පස්සෙ තැටි ගබඩාවට බාර දීලා විනාඩි 15 වැඩසටහනට පැය ගාණක් මහන්සි වෙනවා. ලොකු කාර්යමණ්ඩලයක්.
තාක්ෂණික පෙරළිය හා සබැඳි දිවිය
පළමු වතාවට අපේ අම්මලගෙ ඔෆිස් එකේ විශාල පිරිසක් එක්ක වැඩ කරනවා වුණාට මෙතනට ගියාම මම තනියම මෙහෙයවාගෙන කෙලින්ම ගුවනින් ශ්රාවකයාත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්නෙ කියල දැනුණා. ඉස්සර ගුවන් විදුලියේ වෙලාව කියන්න විතරයි සජීවීව සම්බන්ධ වෙන්නෙ. සුවිශේෂී කාරණයක් තිබුණොත් සජීවීව කතා කළා පමණයි. මෙතනට ගියාම සජීවීව ශ්රාවකයාත් එක්ක සම්බන්ධ වෙන නිසා මෙය හරි වෙනස් අත්දැකීමක්. පැය දෙකේ තුනේ වැඩසටහන් තියෙන නිසා එක දිගට කතා කරන්නත් පුළුවන් නිසා මම කැමති වුණා. පාසල් ඉවරවෙලා හැමදාම මට වැඩසටහන් ලියන්න සිද්ධ වුණා .
කියවූ තරුණ හදවත්
නමුත් මට ගුවන් විදුලියෙන් ප්‍රශ්නයක් ආවා මගේ මහගෙදර වගේ තැන වුණාට පෞද්ගලික ගුවන් විදුලියකට සම්බන්ධ වෙලා වැඩ කරනවා කියල දැනගත්තාම දෙකෙන් එකක් තෝරගන්න කියලා. පසුව මම තීරණය කළා සවනට සම්බන්ධ වෙන්න.
සාමාන්‍ය පෙළ කාලෙ මේ දෙකෙන්ම අයින් වෙලා උසස් පෙළට යන කාලෙ ටී වී එළිදැක්වීමට යනවා. ජැක්සන් ඇන්තනී මහතා ඇතුළු කණ්ඩායමට සම්බන්ධවෙලා නෙළුම් පොකුණ කියන ගවේෂණාත්මක වැඩසටහනට සම්බන්ධ වුණා. තරුණ පරපුරත් එක්ක සරච්චන්ද්‍රයන් තරුණයන් කියවපු විදිය වගේ හරිම දේවල් මෙන්ම මගේ ගීතය නමින් වැඩසටහනක් කළා. උසස් පෙළ විභාගයෙන් පසුව සවනේ වැඩකරන්න පටන් ගත්තා. අවුරුදු ගාණක් උදෑසන වැඩසටහන වගේම සති අන්තයේ ඇන්ටන් ටොප් චාට් වගේ වැඩසටහන් මෙහෙයවූවා.
ගමට රේඩියෝවක් ගෙනියමින් ඔවුන් එක්ක සජීවීව සම්බන්ධ වෙන්න ලැබෙන්න 2000 වසරේ ශ්‍රී එෆ් එම් හා සම්බන්ධ වීමට ලැබීමත් එක්කයි. හරිම සජීවීයි. ශ්‍රී ගමට ගියා. කාලයත් එක්ක තරගකාරීත්වය එකතු වෙනවනේ. ඒ සමග එකිනෙකා සල්ලි දීල තමන්ගේ නාළිකාව අස්සවන්න පටන් ගත්තා. එහි අරමුණ තමයි තමන්ගේ ගුවන්විදුලි නාළිකාව ඉදිරියට ගෙනයාම. ඉස්සෙල්ලම ශ්රාවකයා ගාවට යන්න පටන් ගත්තෙ, බඩු මලු දුන්නෙ, කෝටි ගණනින් සල්ලි දුන්නෙ ශ්‍රී. එහි තිබුණේ ශ්රාවකයාව ඇඳ බැඳ තබා ගැනීමම නෙවේ. පසුව හැමෝම එය කොපි කරන්න ගත්තා. අනිත් අයත් එය පටන් ගත්තම සල්ලිම නෙවෙයි මිනිස්සුන්ගේ බලාපොරොත්තු කියල අපි හඳුනා ගත්තා. මිනිසාට මිනිසා ගරුකරන අවශ්‍යතා එක්කයි බද්ධ වෙන්න උත්සාහ ගන්නෙ.