Chappie
කොලොම්බියා පික්චර්ස් චිත්‍රපට සමාගමේ බෙදාහැරීමක් වන නෙල් බ්ලොම්කැම්ෆ් විසින් අධ්‍යක්ෂණය කළ %චැෆි^ චිත්‍රපටය මාර්තු මස 07 වැනිදා හොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ කළ සානමා නිර්මාණයකි. ක්‍රියාදාම චිත්‍රපටයක් ලෙස දිගහැරෙන මෙම චිත්‍රපටය එක්තරා රෝබොවරයෙකු වටා ගෙතී ඇති කතාවක් පදනම් කරගෙන නිර්මාණය කර ඇත.
ශාල්ටෝ කොප්ලේ, ජෝස් ෆබ්ලෝ, යොලන්ඩි විස්සර්,ඇන්ඩර්සන් කූපර් හා හියු ජැක්මන් මෙහි රංගනයේ යෙදෙන අතර, ස්ලම්ඩෝග් මිලියනර් චිත්‍රපටය හරහා ලොවපුරා කතාබහට ලක් වූ ඉන්දීය සිනමා නළු දේව් පටෙල්ද මෙහි රංගනයේ යෙදෙයි. 2009 වසරේ තිරගත වු දිස්ත්‍රික් 9 චිත්‍රපටයේ කතා තේමාවට බොහෝ සෙයින් සමාන මෙම චැෆි චිත්‍රපටය දකුණු අප්‍රිකාවේ ජොහැනස්බර්ග්හිදී රූගත කොට තිබේ. ඇමෙරිකානු ඩොලර් මිලියන 67 ක් වැය කරමින් තනා ඇති මෙම චිත්‍රපටය සයිමන් කිංබර්ග්ගේ සිනමා නිෂ්පාදනයකි. විනාඩි 120 ක් පුරා විකාශය වන මෙම චිත්‍රපටය මාර්තු මාසයේදී තිරගත වන සුපිරි ක්‍රියාදාම චිත්‍රපට අතරින් එකක්ද වේ.
Unfinished Business
හාස්‍යමය චිත්‍රපටයක් ලෙස නිර්මාණය වූ කේන් ස්කොට්ගේ %අන්ෆිනිෂ්ඩ් බිස්නස්^ මාර්තු 07 වැනිදා ප්‍රදර්ශනය අැරඹූ තවත් හොලිවුඩ් චිත්‍රපටයකි. 20th සෙන්චරි ෆොක්ස් චිත්‍රපට සමාගමේ බෙදාහැරීමක් වන මෙය ඇමෙරිකානු ඩොලර් මිලියන 7.5 ක අඩු වියදමකින් තැනූ චිත්‍රපටයකි. කුඩා පරිමාණ ව්‍යාපාර දෙකක හිමිකරුවෙකු වන ඩැනියෙල් සිය ව්‍යාපාර දියුණු කිරීමට නිතරම උත්සාහ දරන්නෙකි.
නමුත්, ලිංගිකත්වයට දැඩි ලෙස ලොල් වූ ඔහු මිතුරන්ද සමගින් සිය ව්‍යාපාරද අමතක කර දමමින් යුරෝපයේ සංචාරය කරන්නට පෙළඹේ. එහෙත්, බලාපොරොත්තු නොවූ පරිද්දෙන් ඔහුගේ ව්‍යාපාර බංකොළොත් වෙයි. වින්ස් වෝන්, ටොම් විල්කින්සන්, සීනා මිලර්, නික් ෆ්රොස්ට්, ජූන් ඩයෑන් රෆයෙල් හා එලා ඇන්ඩර්සන් මෙහි චරිත සඳහා දායකව සිටිති. ඇමෙරිකාවේ බොස්ටන් නගරයේ හා යුරෝපයේ රටවල් කිහිපයක රූගත කර ඇති මෙම චිත්‍රපටය පසුගිය වසරේ මැද භාගයේදී රූගත කිරීම් නිමකර තිබිණි. විනාඩි 91 ක් පුරා විකාශය වන මෙම චිත්‍රපටය ඇමෙරිකාවේ පමණක් ප්‍රදර්ශනය කිරීමට මේ වනවිට සැලසුම් කර තිබේ.
Cinderella
වැඩි ආදායමක් උපයාගත හැකි යැයි අනුමාන කළ හැකි හොලිවුඩ් චිත්‍රපටයක් වන කෙනට් බ්රැනාගේ සින්ඩරෙල්ලා චිත්‍රපටය එළඹෙන මාර්තු මස 13 වැනිදා හොලිවුඩයට සමගාමීව ලොවපුරා රටවල් රැසක ප්‍රදර්ශනය ආරම්භ කිරීමට නියමිතව ඇත. සින්ඩරෙල්ලා සහ කිට් කුමරු අතර ඇතිවන ආදර සම්බන්ධයක් වටා මෙම චිත්‍රපටයේ කතා තේමාව ගෙතී තිබෙන අතර, මීට පෙර නිර්මාණය වූ සින්ඩරෙල්ලා චිත්‍රපටවලට වඩා වෙනස් කතා තේමාවක් මෙහි දකින්නට ලැබේ. එමෙන්ම චිත්‍රපටය ත්‍රිමාණ තාක්ෂණයෙන් නිර්මාණය කර තිබීම විශේෂත්වයකි.
සින්ඩරෙල්ලා චරිතය මෙවර නිරූපණය කරනු ලබන්නේ නවක නිළි ලිලී ජේම්ස් විසිනි. ඇයට අමතරව කේට් බ්ලැන්චෙට්, හෙලේනා කාටර්, ඩෙරික් ජේකොබ්, හොලිඩේ ග්‍රෙන්ජර්, සොෆියා මැක්ශෙයාර්, බෙන් කැප්ලින් මෙහි සෙසු චරිත සඳහා දායක වී ඇත. වෝල්ට් ඩිස්නි සමාගමේ බෙදාහැරීමක් වන මෙම චිත්‍රපටය ඇමෙරිකානු ඩොලර් මිලියන 57 ක වියදමකින් නිෂ්පාදනය කොට ඇත්තේ සීමොන් කින්බර්ග් සහ ඩේව්ඩ් බාරොන් දෙදෙනා විසිනි. වෝල්ට් ඩිස්නි හා මෝර්ෂන් පික්චර්ස් කලාගාරවලදී මෙම චිත්‍රපටය රූගත කොට තිබේ.
The Gunman
ත්‍රාසය, භීතිය හා කුතුහලයෙන් පිරුණු ක්‍රියාදාම චිත්‍රපටයක් වන %ද ගන්මෑන්^ චිත්‍රපටය මාර්තු 20 වැනිදා ප්‍රදර්ශනය වීමට නියමිතය. ජනප්‍රිය හොලිවුඩ් සිනමා නළුවෙකු වූ සීන් පෙන් මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරන අතර, ජේවියර් බාර්ඩම්, ඉඩ්රිස් එල්බා, රේ වින්ස්ටොන්, ජස්මින් ට්රිංකා, මාක් රයිලන්ස් සෙසු චරිත සඳහා දායකවී තිබේ. පියරේ මොරෙල්ගේ සිනමා අධ්‍යක්ෂණයක් වන මෙම චිත්‍රපටය නිෂ්පාදනය කොට ඇත්තේ ඇන්ඩෘ රෝනා, ජොයෙල් සිල්වර්, පීටර් මැක්කාලීස් ඇතුළු පිරිසක් විසිනි.
ඕපන් රෝඩ් චිත්‍රපට සමාගමේ බෙදාහැරීමක් වන මෙම චිත්‍රපටය ඇමෙරිකාවට අමතරව, ප්‍රංශය හා ස්පාඤ්ඤයේද ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර ඇත. විනාඩි 115 ක් පුරා විකාශය වන මෙම චිත්‍රපටය ඇමෙරිකානු ඩොලර් මිලියන 21.3 ක වියදමකින් තැනූ එකකි. අපරාධකරුවන් මැඬලීමට දක්ෂයෙකු වන මාටින් ජාත්‍යන්තරයේ නමක් දිනා සිටියි. එහෙත්, ඔහු එම කාර්යයෙන් ඉවත්ව යාමට සූදානම් වෙයි. එයට හේතුව මාටින් ආදර සම්බන්ධයක වෙළී සිටීමය. නමුත්, සේවයෙන් ඉවත්වන ඔහු මුහුණදෙන්නේ අනපේක්ෂිත සිදුවීම් මාලාවකටය.
Home
හාස්‍යමය ත්‍රිමාණ චිත්‍රපටයක් ලෙස නිර්මාණය කර ඇති ටොම් ජොන්සන්ගේ හෝම් චිත්‍රපටය මාර්තු මස 27 වැනිදා හොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ කිරීමට නියමිතව ඇති ළමා චිත්‍රපටයකි. 20th සෙන්චරි ෆොක්ස් සමාගමේ බෙදාහැරීමක් වන මෙය ඇමෙරිකානු ඩොලර් මිලියන 132 ක වියදමකින් තැනූ චිත්‍රපටයක් වේ. මේ වසරේ අධික නිෂ්පාදන පිරිවැයක් යොදා නිර්මාණය කළ චිත්‍රපටයක් වන මෙය වෙනස්ම ආකාරයේ කතා පුවතක් රැගත් චිත්‍රපටයකි.
ජනප්‍රිය ගායිකාවන් වූ රිහානා, ජෙනිෆර් ලෝෆෙස් සමගින් ස්ටිව් මාර්ටින්, ජිම් ෆර්සන්ස් හා මැට් ලී ජෝන්ස් පිරිස මෙහි එන චරිත සඳහා සිය හඬ ලබා දී තිබේ. ක්‍රිස් ජෙන්කින්ස් නිෂ්පාදනය කර ඇති මෙම හෝම් චිත්‍රපටය ළමා සිනමාලෝලීන්ට පමණක් නොව පොදුවේ පවුලේ සැමට නැරඹිය හැකි චිත්‍රපටයක් ලෙස ලේබල්ගත කොට ඇත. විනාඩි 94 ක් පුරා දිවයන මෙම චිත්‍රපටය පසුගිය වසර අවසානයේදී වැඩ නිමකොට තිබිණි.