නව නිර්මාණාත්මක සංගීතයක් පිළිබඳ ඉව කළ සංගීතලෝලීන් වෙනුවෙන් ප්‍රවීණ සංගීතවේදී මහේෂ් දෙනිපිටිය ආරම්භ කළ නව නිර්මාණාත්මක සංගීතය පිළිබඳ පළමු සංගීතාත්මක අත්දැකීම ඔබ කලකට ඉහත ඩෙල් ස්ටුඩියෝව වෙතින් නරඹන්නට ඇත.
වර්තමානයේ මහේෂ් එම කාර්යය 'දෙරණ සිංහගිරි ස්ටුඩියෝ' නමින් ඔබට තිළිණ කරන අතර, ජනප්‍රිය ගීතවලට නව නිර්මාණාත්මක සංගීතය හරහා මහේෂ් විසින් දෙනු ලැබූ නව පැහැය එම ගීත තව තවත් රසික හදවත් වෙත ළංකරවන්නට සමත් වූ බව ඒ වැඩසටහන් වෙත දැක්වූ ජනතා ප්‍රසාදයෙන් වඩාත් ඉස්මතු වෙයි.
මේ නිසා දෝහා කටාර්හිදී පසුගිය මාර්තු මස පැවැත්වූ මහේෂ් දෙනිපිටිය ලයිව් ඉන් කොන්සර්ට් හි පළමු අදියරෙන් පසු ශ්‍රී ලාංකික රසිකයන් වෙනුවෙන් එහි දෙවැනි අදියර සැප්තැම්බර් මස දෙවැනි දා සවස 6.30ට බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතය. සිය ප්‍රසංගය පිළිබඳ මහේෂ් 'අද' පුවත්පත හා යෙදුණු සංවාදයකි මේ.
Q කලින් කලට විවිධ සංගීත රැලි අපේ සංගීත ක්ෂේත්රය තුළ මතු වෙනවා. කලක් අන්ප්ලග් ගී සන්දර්ශන බිහි වුණා. මේ ප්‍රසංගයත් එවන් සුවිශේෂත්වයක් සහිතව කරලියට එන එකක්ද?
ඔව්. ඔබ කියන්නාක් මෙන් සංගීත ක්ෂේත්රයේ විවිධාකාර වූ රැලි මතුවීම ස්වාභාවිකයි. එය සිදුවිය යුත්තක්. නමුත් එය සිදුවිය යුත්තේ රසිකයාට සාධාරණයක් ඉටුවන පරිදි සහ සංගීතයට හා ගීතයට හානියක් නොවන පරිදියි. සංගීතය තුළින් මතු කරන්නට උත්සහ දරන රසය තුළ යම් නවතාවක් සහිතව ඉදිරිපත් කරන්න මම පෞද්ගලිකව යම් කැමැත්තක් දැක්වූවා.
ඒ කැමැත්ත තමයි මම ඩෙල් ස්ටුඩියෝව තුළ ක්‍රියාවට නැගුවේ. එය සුවහසක් රසික පිරිස ආදරයෙන් වැලඳගත්තා. එමෙන්ම මුල් ගීතයට හානියක් නොවී එහි රසයට අලුත් හැඩයක් දෙන්නට මා ගත් උත්සාහය සාර්ථක කරමින් එය ඇගයීමට පාත්‍ර වුණා. දැන් දෙරණ සිංහගිරි ස්ටුඩියෝව තුළිනුත් එය රසිකයන් වෙත ළංවෙනවා.
නමුත් මෙය මුලින්ම ප්‍රාසාංගික අත්දැකීමක් ලෙසට කරළියට නැගෙන්නේ දෝහාවලදීයි. එය මහේෂ් දෙනිපිටිය ලයිව් ඉන් කොන්සර්ට් හි ප්‍රථම අදියරයි. මෙහිදී ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් වෙත මෙම ප්‍රසංගය ඉදිරිපත් කරන පළමු වතාව මෙය වුණත් ප්‍රසංගයේ දෙවැනි අදියර ලෙසයි මෙය පැවැත්වෙන්නේ. සංයෝජක සංගීතය නැතිනම් ෆියුෂන් මියුසික් යන තේමාව තුළින් තමයි අපි මේ ප්‍රසංගයට අවතීර්ණ වෙන්නේ.
මෙය සංවිධානය කරන්නේ සිසාරා කලා කවය සහ වෙල් ඕන් ආයතනය විසිනුයි. ශ්‍රී ලංකා සන්දර්ශනය වෙනුවෙන් ජැට් ටෙක්නොලොජි ආයතනය ප්‍රධාන අනුග්‍රාහකත්වය දරන අතර, ආපිකෝ ආයතනය සහ ඇලිඩ් ආයතනයත්,දිල්හාර ඩේ ඉන්, සාගා ක්‍රිෙය්ෂන්, අනංමනං, ග්‍රීන් ටුවර් ඇන්ඩ් රිසෝට් මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය විජය පුවත්පත් සමාගම විසිනුත්, විද්‍යුත් මාධ්‍ය අනුග්‍රහය දෙරණ රූපවාහිනිය සහ දෙරණ එෆ්.එම්. විසින්ද දරනු ලබනවා.
Q මහේෂ් දෙනිපිටිය ලයිව් ඉන් කොන්සර්ට් සඳහා සහභාගි වන ශිල්පීන් පිළිබඳ සඳහන් කළොත්..?
කසුන් කල්හාර, නිරෝෂා විරාජිනී, උමාරියා සිංහවංශ, චිත්‍රාල් සෝමපාල, සමන් ලෙනින් යන පිරිස සහභාගි වෙනවා. ඒ සමගම වසන්ත දුක්ගන්නාරාළත් මෙහි ප්‍රාසාංගික බව වෙනුවෙන් සිය දායකත්වය දක්වනවා. කථනය සම්බන්ධයෙන් ඉෂානිත් මේ ප්‍රසංගයට එක්වෙනවා.
මේ හැරෙන්නට මෙම ප්‍රසංගය සඳහා සංගීතය සපයන ශිල්පීන් ලංකාවේ අංක එකේ වාදක පිරිස කිවහොත් විවාදයක් නැහැ. ඩෙල් ස්ටුඩියෝව සහ දෙරණ සිංහගිරි ස්ටුඩියෝ වෙනුවෙන් වාද්‍ය දායකත්වය දක්වූ සහ දක්වන ප්‍රවීණ වාදක මඬුල්ලක් මෙහි සංගීතය සපයන්න මා සමග එක්වෙනවා.
Q මේ ප්‍රසංගය තුළින් ඔබ ඉදිරිපත් කරන්නට උත්සාහ කරන නවතාව පිළිබඳ තවදුරටත් දැනගන්න රසිකයන් කැමති වේවි?
අපේ සංගීත ප්‍රසංගවල බොහෝ විට රසිකයන් අහන්නේ, දකින්නේ ගායිකාව විසින් හෝ ගායකයා විසින් ගයන ගීතය එම ආකාරයෙන්මයි. නමුත් මෙම ප්රසංගයේදී ඒ අත්දැකීම වෙනස් වෙනවා. මම ඉදිරිපත් කරන්නේ යම් ගීතයකට මා කළ නිර්මාණයක් මිස ගායකයාගේ හෝ ගායිකාවගේ ඔබ අසා ඇති ගීතය නෙවෙයි.
මෙය තනිකරම මම නිර්මාණය කර ඔබට ලබාදෙන සංගීතාත්මක අත්දැකීමක්. ඔබ පුංචි තිරයෙන් නැරඹූ හෝ ශ්‍රවණය කළ සංගීතය අලුත් කිරීමේ නිර්මාණාත්මක වෑයම මේ ප්‍රසංගය හරහා ඔබ සජීවීව අත්විඳිනවා. අනෙක වැඩසටහන ඉදිරිපත් කිරීමේ සිටම එය නවතාවක් ගත් එකක්.
එය නැරඹීමෙන්ම පමණක් කෙනෙකුට ලද හැකි නැවුම් අත්දැකීමක්. අනෙක සාමාන්‍යයෙන් ප්‍රසංගයක් යැයි කීවාම එය මෙම වතාවේදී මගහැරුණොත් නැවත වතාවක් ලංකාවේ කොහේ හෝ පැවැත්වෙන විටෙක ෙමය නැරඹිය හැකි යැයි කිව නොහැකි මට්ටමේ එකක්. මෙය පැවැත්වෙන්නේ තනි ප්‍රසංගයක් ලෙසයි. ඒ නිසා එදින පැවැත්වෙන ප්‍රසංගය නැවත එම ආකාරයෙන් දකින්නට ඉඩක් නොලැබෙන බවත් කිව යුතුයි.
Q සංගීතය අලුත් කිරීම තුළ ගීතයක රසය තීව්ර කළ හැකි හෝ හානි විය හැකි අවස්ථා දෙකම පැවතිය හැකියි නේද?
ගීතය පිළිබඳ අවබෝධයක් ඇතිව සහ හොඳ අවධානයකින්, කැපවීමකින් යම් නිර්මාණාත්මක වැඩක් කළොත් එයින් ගීතයට ආලෝකයක් ලැබෙනු විනා කිසිම හානියක් වෙන්නේ නැහැ.
නමුත් කරන්නන් වාලේ මොනවා හෝ අටවා නොසැලකිලිමත් ලෙස යමක් කරන්න උත්සාහ ගන්නවා නම් එයින් යම් හානියක් වෙන්න ඉඩක් නැහැ කියලා කියන්න බැහැ. ඒ ගැනයි ප්‍රවේශම් විය යුත්තේ. එන්න, ඇවිත් අහන්න බලන්න, රස විඳින්න. මේ ප්‍රසංගය ඔබට අලුත් අත්දැකීමක් ලබාදේවි.
ප්‍රවේශපත්‍ර සඳහා විමසීම්
ගයාන් - 077 3 833 232