තමා කලු සල්ලි අත ගා නොමැති බවත්, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් සල්ලි ගෙන නොමැති බවත් මේරියනස් සංගීත කණ්ඩායමේ නායක නලීන් පෙරේරා මහතා සඳහන් කරයි.
හම්බන්තොට වරායේ පළමු අදියර විවෘත කිරීිමේදී සිදුවී ඇතැයි කියන දූෂණ පිළිබඳව මහා පරිමාන වංචා පිළිබඳ ජනපති කොමිසම කරනු ලබන පරීක්ෂණයකට අදාළ ප්‍රකාශයක් ලබාදිමට පැමිණීම පිළිබඳව 'අද' වෙබ් අඩවියට විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කළේය.
එම පරීක්ෂණයට තමා සහය දෙන බවත් කොමිසම හමුවේ පවතින ලියවිලි හා තමා සන්තකයේ පවතින ලියවිලි අතර කිසිඳු ගැටලුවක් නොමැති බවත් ඔහු පැවැසීය.
කෙසේ වෙතත් ඇතැම් මාධ්‍ය මේ පිළිබඳව වැරදි තොරතුරු ජනතාව වෙත යවන බවත් තමාගේ නවතම ගීතයක් එළි දැක්වන විට නොලැබෙන අන්දමේ ප්‍රචාරයක් හා මාධ්‍යයේ උනන්දුවක් මෙම සිදුවීමට ලැබී තිබෙන බවත් ඔහු පැවැසීය.
"අපි වෙනස් වෙලා නෑ. අපේ ගාණ අය කළා. අපි ගෙදර ආවා. මේ පරීක්ෂණවලට බය නෑ. හැංගෙන්නෙත් නෑ. නමුත් මෙහි වැරදි තත්ත්වය තමයි මාධ්‍ය ජනතාවට දෙනනේ. හරිම දුප්පත් මාධ්‍ය ජනතාවට හරි තොරතුරක් යවන්න කටයුතු කරනේ නෑ.
මිනිසුන්ගේ අවධානය අනවශ්‍ය පැත්තකින් ලබා ගන්න කටයුතු කරනවා.අපි කලු සල්ලි අතගාලත් නෑ. කාගෙවත් සාක්කුවලට බැහැලත් නෑ. මහින්ද රාජක්ෂගෙන් සල්ලි අරගෙනනත් නෑ. එක්කෙනෙක් දෙන්නෙක් වැරදි කළාම ඒක හැම කළාකරුවෙක්ටම බලපානවා.
"