(UPDATE) අභාවප්‍රාප්ත වූ මර්සි එදරිසංහ මහත්මියගේ දේහය මහජන ගෞරව අද (18 දා) දහවල් 12 දක්වා ජාතික කලාභවනේ තැන්පත් කිරීමට නියමිතය. අනතුරුව දේහය රැගත් අවමංගල්‍ය පෙරහැර මර්සි එදිරිසිංහ මහත්මියගේ ගම්පළාත වන අඹේපුස්සේ පිහිටි නිවස ඇයගේ නිවස රැගෙන යනු ඇත. දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (19 දා) අඹේපුස්ස කතෝලික පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.
ඡායාරූපය රංගන රුවන්
...............................................................................................................
මර්සි එදිරිසංහ මහත්මියගේ දේහය අද දහවල් පටන් මහජන ප්‍රදර්ශනය සඳහා කොළඹ ජයරත්න මල් ශාලාවේ තැන්පත් කිරීමට නියමිතය. ඒ මහත්මියගේ අවසන් කටයුතු පිළිබඳව පසුව දැනුම්දෙන බව ඇයගේ පවුලේ උදවිය පවසයි.
ගෆූර් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සවස 4.00 ට තිහාරියේදී සිදුකිරීමට නියමිතය. එම්.ඒ.ගෆූර් මහතා චිත්‍රපට 200කට අධික ප්‍රමාණයකට කැමරාකරණයෙන් දායක වී තිබේ.