වෙළෙඳ දැන්වීම් සහ මියුසික් වීඩියෝ බොහොමයකින් මේ දිනවල ඔබට නිතර මුණගැසෙන චරිතයක් ලෙස නිසදි කාරියවසම් හැඳින්විය හැකිය. නිරූපණ ක්ෂේත්රයෙහි වෘත්තීමය වශයෙන් නියැළීමට සිහින දකින ඇය, සිය නිරූපණ කටයුතු පිළිබඳව 'අද' සමග මෙසේ කතාබහක නිරත වූවාය.
Q ඔබ නිරූපිකාවක් විතරද?
ඔව්, මම සම්පූර්ණ වශයෙන් නිරූපිකාවක් විදිහට තමයි කටයුතු කරන්නේ. වෙනත් වෘත්තියක යෙදෙන්නෙ නැහැ. විනෝදාංශයක් විදිහට නිරූපණය කරගෙන යනවා.
Q ක්ෂේත්රයට අවතීර්ණ වූ කාලය?
දැනට අවුරුදු එකහමාරක් විතර වෙනවා.
Q තරුණියන් බොහෝදෙනා නිරූපණයට එන්නේ වෘත්තියක් වශයෙන් නිරූපණය ලෙහෙසි නිසාද?
මෙහෙමයි, ගොඩක් අය ආසාවට තමයි නිරූපණ ක්ෂේත්රයට එන්නේ. මමත් එහෙමයි. නමුත් මේක හිතන තරම් ලෙහෙසි වෘත්තියක් නෙමෙයි. මමත් මුලින්ම හිතුවෙ ලෙහෙසියි කියලා. කැමරාවක් ඉස්සරහට ගිහිල්ලා ඉන්න තියෙන්නේ කියලයි හිතුවේ. නමුත් ඒ සඳහා නිරූපණ කරන ක්‍රමය ගැන හොයා බලද්දී ඇත්තටම ඒ පිළිබඳව ඉගෙනගෙන මේ ක්ෂේත්රයට එන්න ඕන කියලා මටත් හිතුණා. ඉන්පස්සෙ තමයි මමත් ඒ දේවල් ඉගෙන ගන්න පන්ති සඳහා දායක වුණේ. එහෙම නැතිව නිරූපණය කරන්න අමාරුයි. ඒ සඳහා ලොකු කැපවීමක් කරන්න ඕන.
Q ඒ කියන්නේ නිරූපණයට එන්න යම්කිසි දැනුමක් තියෙන්න ඕනද?
ඔව්, අධ්‍යාපනය පැත්තෙනුත් ඉගෙනීමක් තියෙනවා නම් වඩාත් හොඳයි කියලා හිතනවා. මොකද මමත් විද්‍යා අංශයෙන් උසස් පෙළ කරපු කෙනෙක්. ලෝකෙ හැමෝටම විනෝදාංශයක් තියෙනවනේ. ඉතිං විනෝදාංශය රැකියාවක් කරගන්න කවුරුත් අකමැති නැහැ. මමත් මගේ විනෝදාංශයම තමයි වෘත්තිය කරගන්න බලාපොරොත්තු වෙන්නේ.
Q ලංකාවේ බොහෝ තරුණියන්ගේ විනෝදාංශය නිරූපණය කියලද කියන්න වෙන්නේ?
මෙහෙමයි, මම නම් හිතන්නේ විලාසිතාවන් සඳහා ගොඩක් තරුණියන් කැමැත්තක් දක්වනවා. ඒ නිසා තමයි ගොඩක් දෙනෙක් මේ සඳහා දායක වෙනවා ඇත්තෙ. විවිධ විලාසිතාවන් ගැන හදාරන්න අවස්ථාව ලැබෙනවා, ගොඩක් අයව හඳුනාගන්න ලැබෙනවා සහ අලුත් දේවල් සඳහා මුහුණ දෙන්න හැකියාව ලැබෙනවනේ. මම නම් මේ සඳහා ලොකු කැමැත්තක් තියෙන්නේ. අනික් අය ගැන කියන්න නම් දන්නෙ නැහැ.
Q මේ නිසාද නිරූපණ ක්ෂේත්රයේ ප්‍රමිතියක් නැහැ කියන්නේ?
එවැනි දේවල් වෙන්නෙ එක එක්කෙනා කරන දේවල් අනුවයි. සාමාන්‍යයෙන් %ෆොටෝ ෂූට්^ එකක් කළා කියලා ඒක %ෆොටෝ ෂූට්^ එකක් වෙන්නෙ නැහැනේ. ඒ සඳහා ප්‍රමිතියක් තියෙන්න ඕන. ඒකෙ වගකීම කවුරුහරි ගන්න ඕන. ඒ දේ තුළින් වැඩක් ලැබෙන දෙයක් වෙන්න ඕන. කරන්නම් වාලේ %ෆොටෝ ෂූට්^ කළා කියලා මුකුත් වෙන්නෙ නැහැ.
Q වෘත්තීමය වශයෙන් මේ සඳහා නියැළෙද්දී ගෙවීම්වල යම්කිසි අඩුපාඩුවක් තියෙනවාද?
ඇත්තම කිව්වොත් මේ ගෙවන මිලෙහි කිසිම සාධාරණකමක් නැහැ. සමහරක් අය ඉන්නවා ඇත්තටම කපටි මිනිස්සු. අපිට කියන්නේ මේ දේ පොඩි වැඩක් හැටියට. නමුත් ඒ පුද්ගලයා විසින් වෙනත් ආයතන සඳහා ඒ ඡායාරූප විකුණනවා. ඒ දේවල් නිසා ගොඩක් හොයලා බලලා තමයි දෙයක් සඳහා සහභාගි වෙන්නෙ. ඇත්තටම කිව්වොත් සාධාරණ ගෙවීමක් නම් නැහැ.
Q නිරූපණ ක්ෂේත්රය තුළ කිසියම් වෙනසක් සිදුවිය යුතුයි කියලා ඔබ හිතනවාද?
මුලින්ම සිදුවිය යුතු දේ තමයි, කෙනෙක් කරන මහන්සියට, කැපවීමට හොඳ ගෙවීමක් කරන්න පුළුවන් තත්ත්වයක් ගොඩනැගෙන්න ඕන. මොකද කෙනෙක් යම්කිසි කාර්යයක් සඳහා ගන්නෙ ඒ කෙනා තුළ දක්ෂතාවක් තියෙන නිසානෙ. ඒ නිසා යම්කිසි මුදලක් ගෙවන්න බැරිකමක් නැහැනේ. එවැනි කෙනෙක් යම්කිසි ව්‍යාපෘතියක් කරන්නේ සල්ලි තියෙන නිසානේ. ඒ නිසා කෙනෙක්ගෙන් වැඩක් ගන්නවා නම් ඒ කෙනාට යම් වටිනාකමක් දීලා කළොත් මේ ක්ෂේත්රයේ ඉදිරියටත් දියුණුවක් දකින්න පුළුවන්.
Q දායක වූ වැඩ පිළිබඳව කතා කළොත්?
විලාසිතා දැක්මන් සඳහා නම් දායක වෙන්නෙ නැහැ. මොකද මම අසනීප වෙලා හිටියා ටික කාලයක් කකුලේ සැත්කමක් කරලා. ලංකාවේ 'ටොප් මොඩ්ල්ස්' එක්ක ෆොටෝ ෂූට් සඳහා දායකවෙලා තියෙනවා. ඊට අමතරව මියුසික් වීඩීයෝ සහ වෙළෙඳ දැන්වීම් සඳහා දායකවෙලා තියෙනවා.
Q රංගනය පැත්තට ආසාවක් නැද්ද?
මම වැඩිපුරම ආසා කරන්නේ නිරූපණයටයි. මොකද රඟපාන්න ගියාම ඒ සඳහා ලොකු කාලයක් වැය කරන්න ඕන. සමරහක් නිර්මාණ හොඳයි, ඇතැම් ඒවා හරි නැහැ. ඒක නිසා ඒ දේවලුත් තෝරගන්න ඕන. බලමු ඉස්සරහට.
ඡායාරූප - ඒෂාන් ප්‍රනාන්දු