මේ දිනවල බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්වන චිත්‍රපටයක් ලෙස සන්ජේ දත් රංගනයෙන් දායක වන 'භූමි' චිත්‍රපටය හැඳින්විය හැකිය. මෙය සන්ජේ දත් 2014 වර්ෂයෙන් පසුව දායක වන චිත්‍රපටයක් වීමද විශේෂත්වයකි. මෙම චිත්‍රපටයේ ප්රචාරක පටය පසුගියදා අන්තර්ජාලය යොමු කෙරිණි. මේ සමග ඉන්දියාව නොසන්සුන් වූ බව ඉන්දියානු වෙබ් අඩවි කිහිපයක් වාර්තා කර තිබිණි.
ඊට හේතු වූයේ සන්ජේ දත්ට ආදරය කරන රසික රසිකාවන් විසින් අනර්තර්ජාලය ඔස්සේ කරනු ලැබූ විප්ලවයක් හේතුවෙනි. මේ වනවිට විශාල නැරඹුම් ප්‍රමාණයක්ද එම ප්රචාරක පටය සඳහා ලැබී තිබේ. මෙහි ඇත්තේ ඉතාමත් අතලොස්සක චරිත ප්‍රමාණයක් බව ඉන්දියානු මාධ්‍ය වාර්තා කරයි.
සන්ජේ දත් සමගින් ප්‍රධාන චරිතය හැඩ කරන ආදිති රාඕ හයිදරි (Aditi Rao Hydari) පිළිබඳ පුවත් මැවෙමින් පවතී. ඇය ක්ෂේත්රය තුළ එතරම් ජනප්‍රිය චරිතයක් නොවන බව බොහෝ දෙනාගේ අදහස වෙති. කෙසේ නමුත් ඇය මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට හැඩ කරයි.
2006 වර්ෂයේදී ක්ෂේත්රයට පිවිසි ඇය, මුල්ම වශයෙන් රංගනයෙන් දායක වන්නේ 'Prajapathi' නම් 'මලයාලම්' චිත්‍රපටය හරහාය. එය ඇයගේ ප්‍රථම සිනමා නිර්මාණය වේ. ඉන් පසු ඇයට දෙවැනි චිත්‍රපට වරම හිමි වන්නේ දමිළ චිත්‍රපටයක් සඳහාය. ඒ 'මලයාලම්' චිත්‍රපටයක් වන 'Sringaram' චිත්‍රපටය සඳහාය.
2008 වර්ෂයේදී ඇයට හින්දි සිනමාව සඳහා ඒමට අවස්ථාව උදාවන්නේ 'Delhi 6' නම් චිත්‍රපටය සමගිනි. ඇය එතෙක් රංගනයෙන් දායක වූ චිත්‍රපට සඳහා දායක වී තිබුණේ අතුරු චරිතයන් සඳහාය. ඉන් පසු ඇයට 2009 වර්ෂයේදී දායක වූ 'Yeh Saali Zindagi' චිත්‍රපටය හරහා සම්මානයක් සඳහා පාත්‍ර වීමටද අවස්ථාව උදාවිය.
2010 වර්ෂයේදී ඇයට චිත්‍රපටයක් සඳහා දායක වීමට අවස්ථාව උදා නොවුණු අතර, 2011 තිරගත වූ 'Rockstar' චිත්‍රපටය සඳහා රංගනයෙන් දායක වීමට අවස්ථාව ලැබිණි. 2012 වර්ෂයේදී දායක වූ චිත්රපටයකද ප්‍රධාන චරිතයක් පණපෙවීමට අවස්ථාව නොලැබිණි. පසුව 2013 වර්ෂයේදී තිරගත වූ 'Murder 03' චිත්‍රපටයේ ප්‍රධාන චරිතය හැඩ කිරීමේ වාසනාව ඇයට හිමිවිය. පසුකාලීනව රංගන ජීවිතයේ වෙනස් පැතිකඩක් නිර්මාණය වූ බව ඇය සඳහන් කරයි. අනතුරුව ඇය චිත්‍රපට 05කට දායක වූවාය.
ඇය 2016 වසරේ තිරගත වූ චිත්‍රපටය පිළිබඳ බොහෝ දෙනෙකු කතාබහ කළහ. විශිෂ්ට නළුවෙකු වන අමිතාබ් බච්චන් සමග ඇයට රංගනයෙන් දායක වීමට වරම් ලැබෙන්නේ 'Wazir' චිත්‍රපටය හරහාය. එම වසරේදී අතිසාර්ථක ලෙස තිරගත වූ 'වසීර්' චිත්‍රපටයේ 'රුහානා අලී' ලෙස රඟපෑ සුරූපී අදිති රාඕ රඟන දමිළ චිත්‍රපටයක් තිරගත වීමට නියමිතව තිබුණද, එය තිරගත නොවුණු බව සඳහන් වේ.
අදිති රංගනයෙන් දායක වූ 'කත්රු වෙලියුදායි' නමැති එම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලැබ ඇත්තේ ප්‍රකට සිනමා නිර්මාණකරුවෙකු වන මනිරත්නම් විසින්ය. මෙය අදිති රංගනයෙන් දායක වන දෙවැනි දමිළ සිනමා නිර්මාණය වීමද විශේෂත්වයකි.
අදිති සමගින් මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ සූර්යාගේ සොහොයුරා වන කර්ති ශිවකුමාර්ය. රහමන් විසින් සංගීතය අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටය සුන්දර ආදර කතාවක් පදනම් කරගෙන නිර්මාණය කර ඇති බව සඳහන් වේ. කෙසේ වුවද මෙම චිත්‍රපටය කල්යෑමේ හේතුවක් එකල සඳහන් නොවුණි.
තම ජීවිතය වෙනස් කරන චිත්‍රපටයක් මේ වසර අවසානයේදී එළිදැක්වීමට නියමිතව ඇති බව ඇය සඳහන් කරයි. 'Bhoomi' චිත්‍රපටයේ වැඩකටයුතු මේ වනවිටත් සිදුවන බවද ඇය පවසයි. 2016 වර්ෂයේදී තිරගත වීමට නියමිතව තිබූ 'Kaatru Veliyidai' චිත්‍රපටය පසුගියදා තිරගත විය.
ඊට අමතරව ඇයගේ චිත්‍රපටය තුනක් ඉදිරියේදී එළිදැක්වීමට නියමිතව ඇති බව ඉන්දියානු මාධ්‍ය පෙන්වා දෙයි. මෙම වසරේ ආන්දෝලනාත්මක චිත්‍රපටයක් සඳහා දායක වීමට තමන්ට හැකිවීම පිළිබඳ ඉතා සතුටු වන බව ඇය විශේෂයෙන් සඳහන් කර තිබේ.