ඉන්දියාවේ ඕල් ටොප්ටෙන්ස් වෙබ් අඩවිය පසුගියදා ප්රකාශයට පත් කළ අන්දමට 2014 වසරේ බොලිවුඩයේ ජනප්රියතම සිනමා නිළිය වන්නට දීපිකා පදුකෝන් සමත්ව තිබේ.
පසුගිය වසරේදී චෙන්නායි එක්ස්ප්රස්, යේජවනී හේ දිවානී, රාම් ලීලා සහ රේස් 2 චිත්රපට තුළින් ලද සාර්ථකත්වය මෙසේ දීපිකා මේ වසරේ ජනප්රියතම නිළිය වන්නට හේතු වී ඇත. මේ වසරේ ජනප්රිය නිළිය වන්නට දීපිකා සමගින් දැඩි තරගයක්දී ඇත්තේ කත්රිනා කයිෆ් බව මෙම වෙබ් අඩවිය සඳහන් කර සිටියි. කෙසේ වෙතත්, කත්රිනාගේ ඩූම් 3 චිත්රපටය පමණක් අතිසාර්ථක වීම නිසා ඇය මෙම ලැයිස්තුවේ දෙවැනි තැනට පත්ව තිබේ.
මෙවර මෙම ලැයිස්තුවේ තෙවැනි තැනට පත්ව ඇත්තේ ප්රියංකා චොප්රාය. නිළියකට අමතරව ගායිකාවකද වන ඇය මේ වසරේ සිය රසික ජනතාවට තිළිණ කළ ගීත කිහිපය නිසාවෙන් ඇගේ ජනප්රියත්වය විශාල ලෙස වැඩිවී වී ඇත. පසුගිය වසරේ ඇය රංගනයෙන් දායක වූ සන්ජිර් චිත්රපටය අසාර්ථක වුවද, මේ වසරේ තිරගත වූ ගුන්ඩේ චිත්රපටය මෙන්ම ඉදිරියේදී තිරගත වීමට මේරි කොම් චිත්රපටයද ඇයගේ ජනප්රියත්වය වැඩිවීමට හේතු වී තිබේ.
මෙම ලැයිස්තුවේ සිවුවැනි තැනට පත්ව ඇත්තේ කංගනා රනවුත්ය. මේ වසරේ තිරගත වු කවීන් චිත්රපටය අතිසාර්ථක වීම ඇගේ ජනප්රියත්වයට හේතුව වී ඇත.
පස්වැනි තැනට පත්ව සිටින කරීනා කපූර් මෙම ලැයිස්තුවේ සිටින වැඩිමහල්ම මෙන්ම විවාහ වී සිටින එකම නිළියද වන අතර, කරීනාගේ ජනප්රියත්වයට හේතුව වී ඇත්තේ ඇය රංගනයෙන් දායක වූ වෙළෙඳ දැන්වීම් නිසා බව සඳහන් වේ.
නිතරම බොලිවුඩයේ පුවත් මවන්නියකද වන කරීනා පසුගිය කාලයේදී රංගනයෙන් දායක වූ චිත්රපට බොහොමයක් අසාර්ථක වී තිබුණි. මෙම ලැයිස්තුවේ හයවැනි තැනට පත්ව ඇත්තේ සුරූපී සොනක්ෂි සින්හාය. පසුගිය වසරේ ඇය රංගනයෙන් දායක වූ වන්ස් ෆෝන් අ ටයිම් ඉන් මුම්බායි ඩෝබාරා, ලුටේරා මෙන්ම මේ වසරේ තිරගත වූ බුලට් රාජා, ආර්.රාජ්කුමාර් වගේම මෑතකදී තිරගත වූ හොලිඩේ චිත්රපටයත් අතිසාර්ථක චිත්රපට විය.
මේ වසරේ ජනප්රිය බොලිවුඩ් නිළියන් අතර හත්වැනි තැන දිනා ගැනීමට සමත්ව ඇත්තේ ශ්රද්ධා කපූර්ය. ආශික්යූ 2 චිත්රපටයේ ලැබු ජනප්රියත්වය ඇයව මෙසේ මෙම ස්ථානයට පත් කිරීමට හේතුව වී ඇත. මෙහි අටවැනි තැන දෙද් ඉෂ්කියා හා ඒක් තී ඩියාන් චිත්රපට හි රඟපෑ හුමා කුරේෂිට හිමිව තිබෙන අතර, නමවැනි තැන නර්ගිස් පක්රිට හිමිව ඇත.
උදය චොප්රාගේ පෙම්වතිය වීමත් බොලිවුඩයේ අයිටම් ගර්ල් යන අන්වර්ථ නාමය පටබැඳීමත් නිසාවෙන් නර්ගිස් මෙසේ මෙම ලැයිස්තුවට එක්ව තිබේ. මෙම ලැයිස්තුවෙන් අවසන් ස්ථානය දිනා ඇත්තේ ප්රියංකා චොප්රාගේ ඥාති සොහොයුරියක වන පරීනිති චොප්රාය.