ලෝකයේ ස්වභාවධර්මය මිනිස් දිවියට ලබාදුන් හැකියාවන් තිබේ. එයින් තමන්ගේ හැකියාව හඳුනාගනිමින් ලෝකයේ එක් එක් පැතිකඩවලට අභියෝග කිරීමට ඇයට හැකියාව ලැබී තිබේ. විවිධ සංගීත හැකියාවලින් හෙබි ඇයට ලොව ගරු කරුනු ලබන්නේ ඇයට ඇති හැකියාවන්ට පමණක් නොව ඇගේ නිර්මාණවලට ඇය විසින්ම මිලක් තබන හෙයිනි.
ඩියෑන් ආර්කෙස්ටෝන් යනු ලොව සංගීතවේදීන් අතරින් බහු සංගීත හැකියාවෙන් හෙබි සංගීතවේදිනියකි. ඇය සිය ප්‍රථම ගීතය නිර්මාණය කළේ වයස අවුරුදු තුනේදීය. ඇය තම ප්‍රථම සංගීත භාණ්ඩය වූ ගිටාරය වාදනය කළේ ඇයට වයස අවුරුදු හතේදීය. මෙවන් හැකියාවලින් හෙබි ඇය, තමන් විසින් එළිදක්වන ගීත ඇල්බමයන් ඉහළ විකිණුම් අගයකට ගෙනයන්නීය. 2013 වර්ෂයේදී ඇය එළිදැක්වූ 'Union Road' ගීත ඇල්බමය ලොව වැඩියෙන්ම අලෙවි වූ ගීත ඇල්බමය වශයෙන්ද නම් කෙරිණි. එම ඇල්බමය සඳහා වෙළෙඳ පොළේ තිබූ ඉල්ලුම කොතෙක්ද යත්, ඇයට එම ඇල්බමය දෙවැනි වරටත් එළිදැක්වීමට සිදුවිය. මේ හේතුවෙන් ඇයව හඳුන්වනු ලැබුවේ 'Multi-Platinum Selling Singer' යනුවෙනි.
කුඩා කාලයේ සිටම ඇය ඔපෙරා ගායිකාවක වශයෙන් පුහුණුවීම් සිදු කළාය. ඇය එළිදැක්වූ 'Jewel in the Sun' ගීත ඇල්බමය 'Billboard's'හි 16 වැනි ස්ථානයේ පසු වූ අතර, පසුව එය 2002 වර්ෂයේදී 11 වැනි ස්ථානයට පසුවිය. ඇය 2005 වර්ෂයේදී ගීත ලැයිස්තුවලින් පළමු තැනට පත්වූ ගායිකාවද විය. ඩියෑන් මේ වනවිට ගීත ඇල්බම 45කට අධික සංඛ්‍යාවක් එළිදක්වා තිබේ.
ඩියෑන් ආර්කෙස්ටෝන්ගේ වාදන හැකියාව ගතහොත් ඇය Guitar, Keyboard, wood Flutes, Fulcimer, Percussion යන සංගීත භාණ්ඩ මැනවින් වාදනය කරයි. ලොව ප්රමුඛ පෙළේ වැජඹෙන සංගීතඥයෙකු වන ඩේවිඩ් ආර්කෙස්ටෝන් ඩියෑන්ගේ ස්වාමිපුරුෂයා වේ. ඔහු ඇමෙරිකාවේ උපන් අයෙකු වන අතර, ඔහු ප්‍රසිද්ධියට පත්වූයේ සිය සංගීත කණ්ඩායම හරහාය. ඩියෑන් තමන් විසින් නිර්මාණය කරන ලද රෙකෝඩ් ලේබලයක් වන 'Neo Pacifica Recordings' යටතේ ගීත ඇල්බම එළිදක්වන අතර, ඇයගේ අවම ගීත ඇල්බම ප්‍රමාණයක් එළිදැක්වූ වර්ෂ ලෙස හඳුන්වනු ලබන්නේ 2009, 2010 සහ 2013 වර්ෂයන්ය. ඇය මෙම අවුරුදු තුන තුළ ගීත ඇල්බම එළිදැක්වූයේ වසරකට 01 බැගිනි. Relaxing Music ආර යටතේ සංගීතය හදාරන ඇය, ලොවට අභියෝග කරන්නේ Classical Music හරහාය.