රිය අනතුරකට ලක්ව මිය ගිය හොලිවුඩ් සුපිරි නළු පෝල් වෝකර්ගේ එම රිය අනතුරට හේතුව අධික වේගය බව ඒ පිළිබඳව පරීක්ෂණ පැවැත්වූ නිලධාරීන් සොයාගෙන තිබේ.
‘Fast & Furious’ චිත්රපට මාලාව හරහා අතිශයින්ම ජනාදරයට පත්වූ පෝල් වෝකර් සිය ‘පෝෂ්’ රථය අනතුරට ලක්වීමෙන් මරණය පත්විය. එම අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථය පැයට කිලෝමීටර් 72 ක වේගයකින් ධාවනය කර ඇතැයි පරීක්ෂණ පැවැත්වූ ආරක්ෂක අංශ නිලධාරීන් සොයාගෙන තිබේ.