මාධ්‍ය කේෂත්රයට යොමු වී හයමසක් ගත වනවිට ( 2003) ඇය ශ්‍රී ලංකා කර්තෘ සංසදයෙන් පිරිනැමූ වසරේ විශිෂ්ටතම මාධ්‍යවේදිනියට හිමි සම්මානය ලබාගන්නීය. 2004දී වසරේ දක්ෂතම ව්‍යාපාරික මාධ්‍යවේදිනිය ලෙසත්, සමාජ ප්‍රශ්න වාර්තා කිරීම සම්බන්ධයෙන් සුබ්‍රමනියම් ෂෙට්ටියාර් සම්මානයත් හිමිකර ගන්නීය. මේ වනවිට ග්රන්ථ කිහිපයක්ම රචනා කර ඇති ඇයගේ නවතම ළමා ග්‍රන්ථය වන්නේ 'නිල් ගප්පි අම්මාගේ අපූරු පාඩම' ළමා ග්‍රන්ථයයි. ඇය අසුන්තා එදිරිසූරියයි. මේ ඒ ග්‍රන්ථය හා ඇගේ අනෙකුත් ග්රන්ථයන් ගැන කෙටි සංවාද සටහනකි.
අලුතින්ම එළිදක්වන ග්‍රන්ථය ගැන මුලින්ම අපි කතා කරමු?
මගේ අලුත්ම ග්‍රන්ථය තමයි 'නිල් ගප්පි අම්මාගේ අපුරු පාඩම' කියන්නේ. මෙය ළමා ග්රන්ථයක්. පුංචි දරුවන් මාළුවන්ට දැඩි කැමැත්තක් දක්වන නිසාම ගප්පියෙක් වටා මේ කතාව ගොඩනගන්න ඕන කියලා හිතුණා. කේන්තිය නැති කරන පුංචි ව්‍යායාමයක් ගැන තමයි පොතේ කියවෙන්නේ. මෙහි චිත්‍ර නිර්මාණය කළේ ගුණදාස ශ්‍රී අලවත්තගේ මහතා. ජ්‍යෙෂ්ඨයෙක් මම වැනි ආධුනිකයෙක්ගේ පොතක චිත්‍ර අඳින්න භාරගත්ත එක ගැන ස්තුතිවන්ත වෙනවා. නිල් ගප්පි පවුලක් වටා තමයි මේ කතාව ගෙතෙන්නේ. මෙය මගේ දහ වෙනි ග්‍රන්ථය. ළමා පොත් වලින් හතර වෙනි ග්‍රන්ථය තමයි මෙය.
ළමා ග්රන්ථ රචනා කරද්දී ළමා මනස එක්ක තමයි වැඩි වශයෙන් ගනුදෙනු කරන්න සිද්ධවෙන්නේ. මේ අභියෝගයට කොයි විදිහටද මුහුණ දුන්නේ?
මම උපදේශනය විෂයයක් ලෙස හදාරපු කෙනෙක් නිසා මතුපිටින් දරුවෙක්ව දකිනවට වඩා ඔවුන්ගේ මනාසිකත්වය ගැඹුරින් බලන්න මට හැකියාව ලැබුණා. යහපත් පරපුරක් බිහිකරන්න නම් දරුවෙකුගෙන් තමයි පටන්ගන්න ඕන කියලා මට හිතුණා. මම දරුවන් දෙදෙනෙකුගේ මවක්. දරුවන් සමග සිටින විට මම ලියපු කතා මුලින්ම කිව්වේ මගේ අවුරුදු පහක් වයසැති දුවට. මේ පොත හොඳද නැද්ද කියන එක මුලින්ම අධ්‍යයනය කළේ චූටි දුවගෙන්. යහපත් දරුවෙක් නිර්මාණය කරන්න මම අද වෙහෙසෙනවා කියන්නේ අනාගතයේදී යහපත් පුරවැසියෙක් සමාජයට දායාද කරන්න අත්වැලක් සපයනවා කියන එක. මම ආයුර්වේද පොත් කළා, බෞද්ධ පොත් කළා. ඒ අතරේ ළමා පොත් කරන්න පටන් ගත්තා එකෙන් මම හිතනවා අනාගතයේදී කිසියම් දෙයක් කරන්න මේ හරහා පුළුවන් වේවි කියලා.
මීට පෙර ඔබ ළමා ග්රන්ථ තුනක් රචනා කරනවා. ඒ ග්රන්ථ එක්ක බලනකොට මෙම ග්‍රන්ථය විශේෂ වෙන්නේ කොහොමද?
මගේ පළමු පොත %රනාගේ මල්වත්ත^ කියන පොත. දෙවැනි පොත 'උදව්ව' හා තුන්වන පොත %ඊසාගෙන් තෑග්ගක්^. ඒ හැම පොතකින්ම පුංචි පුංචි පණිවුඩ දුන්නේ. බෙදාහදා ගැනීම, සහයෝගයෙන් වැඩකටයුතු කිරීම, අනෙකා ගැන සිතීම වැනි දේවල් තිබුණේ. %නිල් ගප්පි අම්මාගේ අපූරු පාඩම^ කියන පොත කේන්තිය පාලනය කරගන්න විදිහ ගැන කියා දෙනවා. තරගකාරී සමාජයක අපි දුවන්නේ. පුංචි දරුවන්ටත් කේන්තිය, මානසික ආතතිය වැඩිපුර තිබෙනවා. ඒ කේන්තිය නැති කරගන්න ක්‍රමයක් තමයි මෙහි පවතින්නේ. චිත්‍රත් එක්ක පොත බලද්දී ඒ ගැන සතුටුයි. එහි වෙනසක් තිබෙනවා.
කර්තෘ ප්‍රකාශන ලෙස තමයි බොහෝ විට ළමා ග්රන්ථ නිකුත් වෙන්නේ. ප්‍රකාශන ආයතන වල ළමා පොත් වලට ඒ තරම් ඉඩක් නැද්ද?
මෙම පොත සුසර ප්‍රකාශන ලෙස සිදුකරන්නේ. මේ මොහොතේ එහි හිමිකරු කපිල වික්‍රමසිංහට කෘතඥතාව පුද කරනවා. මීට පෙර සිදුකළ පොත් කර්තෘ ප්‍රකාශන ලෙස සිදුකළේ. ළමා පොතක් අනෙක් පොත්වලට වඩා ලොකු වෙහෙසක් දරා රචනා කරන්නේ. නමුත් වාණිජ ලෝකයේදී ළමා පොත් මුද්‍රණය කරන්න ප්‍රකාශන ආයතන කැමති නැහැ. හොඳ ළමා පොතක් කළත් ප්‍රතික්ෂේප කරනවා. බොහෝ ආයතන වලට ඒ සඳහා තිබෙන ඉඩ සීමිතයි.
මීට පරිබාහිරව ඔබ පොත් හයක් රචනා කරනවා. ඒ ගැන සඳහන් කළොත්?
පළමු ග්‍රන්ථය 'අභිමන් ලියපොත'. එය දිරිය කාන්තාවන් ගැන ලියවුණ පොතක්. 'දිවි සුරකින හෙළ ඔසු' නමින් ආයුර්වේද ග්රන්ථයක් නිකුත් කළා. 'රුව රකින ආයුර්වේද රහස්' නමින් පොතක් නිකුත් කළා. පසුව බෞද්ධ පොත් කළා. ඉදිරියේදී වෛද්‍ය පොතක් සාහිත්‍ය මාසය වෙනුවෙන් නිකුත් කරනවා.
තාක්ෂණයත් එක්ක තමයි මේ මොහොත වනවිට බොහෝ දරුවන් බද්ධ වී සිටින්නේ?
මිනිසාගේ පියා දරුවාය කියලා මනෝ විද්‍යාවේදී සඳහන් කරනවා. අද රට තාක්ෂණයෙන් දියුණු තත්ත්වයක තිබෙන්නේ. තාක්ෂණික මෙවලම් දරුවන්ට ඕන තරම් තිබෙනවා. ආහාරපාන, ඇඳුම් පැලඳුම් දෙනවා වගේම ඔවුන්ගේ ආධ්‍යාත්මික යහපත්කමක් හදන්න නම් උපයෝගී වෙන්නේ පොතක්. පොතකින් දරුවෙකුට ලැබෙන දේ අතිවිශිෂ්ටයි කියලයි මට හිතෙන්නේ. ඒ නිසා මම හොඳ පොතක් නිර්මාණය කරලා සමාජයට දුන්නොත් ඉන් යහපත් පරපුරක් දායාද වෙයි කියලා මට හිතෙනවා.