'ලංකාදීප' සහ 'අද' පුවත්පතේහි සේවය කරන ප්‍රවීණ මාධ්‍යවේදී පුෂ්පකුමාර ජයරත්න විසින් තායිලන්තයේ සිදුකරන ලද සංචාරයන් ඇසුරෙන් ලියැවෙන කෘතියක් මෙම සාකච්ඡාවට මුල්වෙයි. මේ ඒ සම්බන්ධයෙන් ඔහු හා අප අතර වූ කතාබහෙන් තැබෙන සටහනකි.
මුලපිරුම
මේක මගේ පළමුවැනි පොත. පොතේ නම 'සුන්දර සියම් දේශයේ දින 30ක්' කියලා. මම අවස්ථා හතරකදී තායිලන්තයේ සංචාරය කළා. පළමුවෙන්ම තායිලන්තයේ සංචාරය කරලා, එතැනදී ඒ සංචාරයේ දැකගත්ත කරුණුවලින් තමයි මුලින්ම 'ඉරිදා ලංකාදීප' පුවත්පතට ලිපියක් සැපයුවේ.
ලිපිය සකස් කළේ තායිලන්තයේ ශ්‍රී ලාංකික යුවළක් පවත්වා ගෙන යන ආපන ශාලාවක් ඇසුරෙනුයි. එහි නම 'මානෙල් ලංකා' ඔවුන්ගේ සිංහල කෑම වේලක් කන්න ලංකාවේ යන ඔක්කොම එතැනට තමයි එකතු වෙන්නෙ. ඉතිං මට හිතුණා මේ ගැන ලිපියක් ලියන්න ඕන කියලා.
ඉතිං පළමුවැනි ලිපිය විශාල ප්‍රමාණයෙන් ඉරිදා ලංකාදීපයේ පළවුණා. ඉන් අනතුරුව හඳුනාගත් තව ශ්‍රී ලාංකික ව්‍යාපාරික තරුණයෙක් ඉන්නවා නාලක නිරෝෂන් කියලා. එයා තායිලන්තයෙන් ශ්‍රී ලංකාවට විදේශිකයන් රැගෙන එනවා. ලංකාවෙන් තායිලන්තයට ලාංකිකයන් රැගෙන යනවා. ඔහුගේ ව්‍යාපාරය 'සවාරි ට්‍රැවල්ස් පෞද්ගලික සමාගම'.
ඊළඟ සංචාරයේදී ඔහු මාව ගෙන්වාගෙන, අවස්ථා තුනකදී තායිලන්තයේ ඈත ප්‍රදේශ, දර්ශනීය ස්ථාන නරඹන්න ඕන ගොඩාක් තැන් මම දැකගත්තා. ඒ ආශ්‍රිතව විවිධ ලිපි පුවත්පත්වල පළවුණා. ලිපි ආශ්රිත කරගෙන තමයි දින ගණන එකතු කරගෙන මේ පොත එළිදක්වන්නෙ.
එළිදැක්වීම
මගේ පොත එළිදක්වන්නෙ එළැඹෙන ජූලි 15 වැනිදා පස්වරු 2.30ට කුරුණෑගල 'බ්ලූ ස්කයි' හෝටලයේදී. මේකේ ප්‍රධාන ආරාධිතයන් ලෙස විජය පුවත්පත් සමාගමේ සභාපති රංජිත් විජයවර්ධන මහතා, 'දිනපතා ලංකාදීප' ප්‍රධාන කර්තෘ සිරි රණසිංහ මහතා සහභාගි වීමට නියමිතයි. ඊට අමතරව පොත පිළිගන්වන්නෙ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාට.
ඒ වගේම ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහත්වරුන්ට. මෙහිදී විශේෂ දේශනයක් ඉරිදා ලංකාදීප ප්‍රධාන කර්තෘ ආරියරත්න දොඹගහවත්ත මහතා විසින් සිදුකිරීමට නියමිතයි.
පොතෙහි විශේෂතා
මම දන්නා තරමින් මින් පෙර මෙහෙම කෘතියක් ලියැවිලා නැහැ. තායිලන්තය කියන්නෙ අපේ රටට ගොඩක් සමීප ස්ම්බන්ධයක් තියෙන රටක්. ගොඩක් දුරට බුද්ධාගමත් රැකිලා තියෙන්නේ සියම් දේශයෙන් ආව සියම් උපසම්පදාව නිසා. මම හිතන්නේ මගේ එක ලිපියක් අදාළ වෙනවා උපාලි තෙරුන් වහන්නේ ලංකාවට උපසම්පදාව රැගෙන එන්න ලංකාවේ දූත පිරිස රැඳිල හිටිය විහාරස්ථානය සහ ඒ හිමියන් පිළිබඳව.
විශේෂයෙන් මේ පොත ලියන්න අදහස් කළේ, තායිලන්තය කියන්නෙ හැමදේකින්ම ප්‍ර‘යෝජනය ගන්න ජාතියක්. ඔවුන්ට යුනෙස්කෝවෙන් නම් කළ ලෝක උරුම තියෙන්නේ එකක් හෝ දෙකක්. නමුත් අපේ ලංකාවේ තියෙනවා ලෝක උරුම හයක් විතර යුනෙස්කෝව මගින් නම් කළ. මම හිතන්නෙ ඔවුන්ට ලක්ෂ ගණන් අවුරුද්දකට සංචාරකයන් පැමිණෙනවා.
නමුත් ඊට වඩා ගිය සුන්දරත්වයක් තියෙන ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණෙන්නෙ නැහැ. මම හිතන්නෙ ඒකට අපේ සංචාරක කටයුතු භාර නිලධාරීන් වගකියන්න ඕන. මොකද ලංකාව පිළිබඳව දෙන්න ඕන ප්‍රචාරණය විදෙස් රටකට ගිහිල්ල නැහැ කියන එක තමයි, ඒ පිළිබදවත් මම මේ පොතේ සඳහන් කරල තියෙනවා.
ඒ වගේම ඇයි අපේ රටේ තියෙන සුන්දරත්වයෙන් ප්‍ර‘යෝජනයක් ගන්නෙ නැත්තෙ, අපට විශාල විදේශ විනිමයක් සංචාරක ව්‍යාපෘතියෙන් උපයන්න තියෙද්දිත් ඇයි ඔවුන් ඒ දේවල් නොකරන්නෙ කියලා සඳහන් වෙනවා.
077 3 512 600