ඇමෙරිකානු සුපිරි රැප් ගායක පිට්බුල් සිය ආසියානු සංචාරය අවලංගු කර තිබේ. ඒ අනුව ඔහු එළැඹෙන 26දා ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ ප්රසංගයද අවලංගු කර තිබේ.
පිට්බුල් සිය ආසියානු සංචාරයේදී ජපානය, සිංගප්පූරුව, හොංකොං, දකුණු කොරියාව, තායිලන්තය, ඉන්දුනීසියා, තායිපේ හා ශ්‍රී ලංකාවේදී ප්‍රසංග පැවැත්වීමට නියමිතව තිබුණි.
ඔහුගේ සංචාරය අවලංගු කිරීම පිළිබඳව නිවේදනයක් නිකුත් කරනන අයි.එම්.ඊ. ආයතනය පවසන්නේ පිට්බුල් සිය සංචාරය අවලංගු කිරීම පිළිබඳව සමාව ඉල්ලා සිටින බවත් අනාගතයේදී ආසියාවට පැමිණෙන බවත්ය.
එසේම ඔහුගේ ප්‍රසංගයන් සඳහා වෙන්කර ගත් ප්‍රවේශපත්‍රවලට අදාළ මුදල් ඉදිරියේදී ආපසු ගෙවීමටත් නියමිතය.