මේ දිනවල ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද තිරගත වන සරිගම චිත්‍රපටයේ නිෂ්පාදිකාව වන්නේ රේණුකා බාලසූරියයි. චිත්‍රපට නිෂ්පාදනයේ සීමිත කාන්තා නියෝජනය අතර ප්රමුඛ නිෂ්පාදිකාවක් වන ඇය 'සරිගම' චිත්‍රපටයේ ගමන් මග පිළිබඳව සහ වත්මන් සිනමා කර්මාන්තය පිළිබඳව කතාබහක නියැලීමට අප හා මෙලෙස එක්වූවාය.
Q 'සරිගම' හිතුව තැනට මේ වකවානුවේ අරන් යන්න පුළුවන් වුණාද?
අපි මීට කලින් කවදාවත් චිත්‍රපටයක් දෙසැම්බර් මාසෙ එළිදක්වලා නෑ. සාමාන්‍යයෙන් දෙසැම්බර් මාසෙ චිත්‍රපට එළිදක්වනවා අඩුයි. නමුත් අපිට මෙය එළිදක්වන්න වෙනත් හේතුවක් තිබුණා. මොකද සිනමාහල් ඩිජිටල් කරලා එයට සහයක් ලෙස 'සරිගම' චිත්‍රපටය ප්‍රදර්ශනය කරන ලෙස ඉල්ලා සිටියා. එයින් සිනමාහල් වියදම් කරපු මුදල් යාන්තමට හෝ පියවා ගැනීමට පුළුවන් වෙයි කියා ඔවුන් හිතන්න ඇති. මෙය ඉතා අඩුවෙන් ආදායම් එන මාසයක්. %සරිගම^ නිකුත් කරපු නිසා ආදායම හොඳ වුණා කියා චිත්‍රපට ශාලා හිමියන් පවසනවා. ඒ වගේම වෙනත් මානයකින්, අපේ පැත්තෙන් බැලුවොතින් එහෙම මම ඉලක්ක කරපු තරමට ලොකු ප්‍රශ්නයකුත් නෑ.
චිත්‍රපටය ප්‍රදර්ශනයේ යම් අඩාල වීමක් සිදුව තිබෙන්නේ ඇතැම් සිනමාහල් මුලින් එකඟ වුවත් පසුව මේ සිනමාපටය ප්‍රදර්ශනය නොකිරීමෙන්ද?
මුලින්ම මේ චිත්‍රපටය එළිදක්වන්න කියා ඉල්ලා සිටියේ සිනමාහල්කරුවන් විසිනුයි. ඔවුන් චිත්‍රපට සංස්ථාවත් එක්ක එකතුවෙලා සිනමාහල් ඩිජිටල් කරන නිසා චිත්‍රපටය දෙන්න කියා ඉල්ලා සිටියා. සිනමා ශාලා සියල්ලම චිත්‍රපට සංස්ථාවට අයිති නෑ. ඔවුන්ගේ සිනමාහල් ඩිජිටල් කරනවා අපේ මණ්ඩලයේ අපි වෙන චිත්‍රපටයක් දාන්නෙ නෑ, සරිගම චිත්‍රපටයම අරගෙන දුවන්න යනුවෙන් පැවසුවා.
හැබැයි අපි දෙවැනිදා නිකුත් කරනකොට පොරොන්දු වෙච්ච එක මණ්ඩලයක් 09 වැනිදා වෙන චිත්‍රපටයක් මුදාහැරියා. චිත්‍රපට සංස්ථාවට ඔවුන් පොරොන්දු වෙලා තිබුණෙ ඩිජිටල් කරනවා නම් අපේ චිත්‍රපටය දෙන්නයි. ඔවුනුත් මේ චිත්‍රපටයම ගන්නවා කියා තිබුණා. නමුත් අවසන් මොහොතේ ඔවුන් ඒ අදහස වෙනස් කළා. ඇත්තටම ඒක හරිම නරක වැඩක්. එහිදී සිදුවුණේ අපේ චිත්‍රපටය ගන්න හිටපු සමහර ඩිජිටල් කරපු එම මණ්ඩලයේ චිත්‍රපට ශාලාවලට ලොකු හානියක් වුණ එකයි.
සිනමා ශාලා හිමියන්ටමනේ උවමනාව තිබුණේ ඩිජිටල් කරලා දුවන චිත්‍රපටයක් දාලා ඔවුන්ගේ වියදම පියවගන්න. ඔවුන් ඩිජිටල් කළාට පසුව මණ්ඩලේ වෙන චිත්‍රපටයක් ප්‍රදර්ශනය කළා. එහිදී අපිත් ලොකු අපහසුතාවකට පත්වුණා. අපි වෙළෙඳ ප්‍රචාරණය කරනකොට රටේම සිනමාහල් ප්‍රමාණයක් ආවරණය වෙන ආකාරයටයි කටයුතු කරන්නේ. හැබැයි ඔවුන් එහෙම නොවෙනකොට චිත්‍රපටයට ලොකු හානියක් සිදුවෙනවා. අන්න ඒ ප්‍රෝඩාව අපිට කළා.
Q එහෙම කළේ ඇයි?
සාමාන්‍යයෙන් ලංකාවෙ මිනිස්සුන්ගෙ හැටි තමයි ඒ. එක වචනයක් නෑ. මට හිතෙනවා සමහර වෙලාවට එක මණ්ඩලේක චිත්‍රපටයක් දුවනවට අනෙක් මණ්ඩලය කැමති නෑ කියලා. ඊර්ෂ්‍යාව තමයි. සිංහල චිත්‍රපට දුවනකොට සමස්තයක් හැටියට ගත්තාම මටද ඔබටද කියනෙක නෙවෙයි වැදගත්. එයින් රටේ ප්රතිලාභ ලබන විශාල පිරිසක් ඉන්නවා. මේක දිව්වේ අර මණ්ඩලේ.. ඒ මණ්ඩලේට ලාබයි. අපි කොහොමහරි මේකට පොල්ලක් දාන්න ඕනෙ කියල හිතනෙක වැරදියි. හරිනම් හැමෝම සතුටු වෙන්න ඕන දුවන චිත්‍රපටයක් අරන් මාසයක් හරි, දවසක් හරි පෙන්නලා මිනිස්සු පොඩ්ඩක් හරි ගොඩ එනවනම්. නමුත් එහෙම නෙවෙයි එක මණ්ඩලේක චිත්‍රපටය දුවනවනම් අනිත් අය එකතුවෙලා ඒ දුවන එක අඩාල කරන්නේ කොහොමද කියනෙකට තමයි උත්සාහ කරන්නෙ. ඒක සරිගමටත් තිබෙනවා.
Q යම් කණගාටුවක් තියෙනවද චිත්‍රපටය මේ වකවානුවේ මුදාහැරීම සම්බන්ධව?
නෑ. ඒ සම්බන්ධව කනගාටුවක් නෑ. නමුත් චිත්‍රපටය මේ කාලෙ මුදාහරින්න කියපු පාර්ශ්ව අන්තිම මොහොතේදි එහෙම කරපු එක ගැන කනගාටුවක් තිබෙනවා. මේ කර්මාන්තයේ ඉන්න හුඟ දෙනෙකුට මෙය හොඳ පාඩමක්. නමුත් චිත්‍රපටයක් හැමවිටම රඳා පවතින්නේ ප්‍රේක්ෂකයා මතයි. ප්රේක්ෂකයො චිත්‍රපටය බලනවා නම් අනිත් අයගේ ක්‍රියාදාම වැදගත් වෙන්නෙ නෑ. ප්‍රේක්ෂකයන් කැමති නම් එය තමයි අවසාන ප්‍රතිඵලය. නමුත් කර්මාන්තයක් හැටියට දුක හිතෙනවා මෙහි ඉන්න පිරිස අතරේ එකිනෙකාට එකිනෙකා නැති එක ගැන.
Q සරිගමට කොච්චර වියදම් වුණාද? මේ වෙනකොට කොච්චර හොයල තියෙනවද?
සරිගමට අපි ලක්ෂ අටසිය ගාණක් තමයි වියදම් කළේ. මේ වෙනකොට හාරසිය ගාණක් හොයල තිබෙනවා. චිත්‍රපටයක පළමු මාසෙට වැඩිය දෙවැනි තුන්වැනි මාසෙ වෙනකොට ප්රේක්ෂකයො වැඩි වෙනවා. දැනට තාම දින විසි ගණනයිනේ.
Q ප්‍රේක්ෂකයන්ගේ පැත්තෙන් තියෙන ප්‍රතිචාර කොහොමද?
ප්‍රේක්ෂක ප්‍රතිචාර නම් ඉහළයි. මෙය නැවත නැවත බලපු ප්‍රේක්ෂකයන් අපිට හමුවෙනවා. හැම ප්‍රේක්ෂකයෙක්ම කියන්නේ චිත්‍රපටය හොඳයි, ඔළුවෙ තියෙන දේවල් අමතක වුණා, හොඳට රසවින්දා කියනෙක තමයි.
Q ඇයි ඩිජිටල් සිනමාවට අෙප් සමහරු ඔච්චර අකමැති?
ඩිජිටල් සිනමාවට අකමැති වෙලා බෑ. ලෝකෙම ඩිජිටල්කරණය වෙලා ඉවරයි. කැමති අකමති දේ නෙවෙයි. අපේ අය වෙනස් වෙන්න අකමැතියි. ආකල්පවලින් වෙනස් වෙන්න කැමති නෑ. ලෝකේ තාක්ෂණය වෙනස් වෙනකොට අපිට ඒ තාක්ෂණය එක්ක යන්න සිදුවෙනවා. නිර්මාණ කළාට වැඩක් නෑ තාක්ෂණය එක්ක එළියට එන්න විදියක් නෑනේ. ඩිජිටල්කරණයට අකමැති නෙවෙයි, ඩිජිටල්කරණයට විශාල මුදලක් වැයවෙනවා. ඒ වියදම දරන්න තියෙන නොහැකියාව තමයි තියෙන්නේ. සිනමා කර්මාන්තය බොහෝ සශ්‍රීකව විරාජමානව බැබළෙන දෙයක් නෙවෙයිනේ. නළු නිළියන් ගැන කතා කරද්දි මහ ඉහළින් කතා කළාට කර්මාන්තයක් විදියට කතා කරද්දි සිනමාව තවම මැරිච්ච කර්මාන්තයක්. ඒ කර්මාන්තයේ නියැළිලා ඉන්න සිනමාකරුවන් හරි කවුරුහරි අලුත් තාක්ෂණයකට පෙරළෙනවා කියන අභියෝගය භාරගැනීමේ අවදානමක පසුවෙනවා. එය තමයි ඔවුන්ට තිබෙන ප්රශ්නය. නමුත් අකමැති වුණත් ඩිජිටල් තාක්ෂණයට යන්න ඕන. නැත්නම් ඉදිරියට යන්න ලැබෙන්නෙ නෑ.
Q මේ ප්‍රශ්නයට අද විතරක් නෙවෙයි හැමදාමත් මුහුණ දෙන්න සිද්ධ වෙයි. මොකද්ද මේකට ගෙනෙන විසඳුම?
සිනමාව මේ රටට වැදගත් කියල පිළිගන්නවනම්, ඒ වෙනසට තනිවම මුහුණ දෙන්න බැරිනම් රජය හෝ මැදිහත් වෙලා හොඳ විදියට ඒ තාක්ෂණික වෙනසට මුහුණ දෙන්න ඕන පරිසරය හදන්න ඕන. එහෙම සහයෝගයක් නැතිව හරි අමාරුයි. ව්‍යාපාරයකට මුදල් යොදවන්නේ එයින් මොනවහරි ප්‍රතිලාභයක් ලැබෙනව නම් නේ. ප්‍රතිලාභයක් තියා මොනයම් හෝ විශ්වාසයක් තියාගන්න බැරි කර්මාන්තයක් වුණාම ඒක කරන්න බෑනේ. ඔවුන්ට වෙන ව්‍යාපාරයක් කරල සිනමාහල් හදන්න බෑ. එවැනි පෙරළියක් වෙන වෙලාවක කිසියම් සහයෝගයක් කාගෙන් හරි අවශ්‍යයයි. අපේ රටේ සිනමා කර්මාන්තයටත්, හොඳ සිනමාහල් හැදෙන්නත් එවැනි සහයෝගයක් අවශ්‍යයි. චිත්‍රපට ඩිජිටල්වලින් කරන්න පටන් අරන් ගොඩක් කාලෙක සිට. මේ චිත්‍රපට කළේ ඩිජිටල් මාධ්‍යයෙන් තමයි.
පසුව 35mm වලට හරවලා පෙන්නන්නේ. හැමදාම ඒ විදියටනේ කරන්නේ. හැබැයි ප්‍රේක්ෂක අයිතියක් තිබෙනවා ඉහළ තාක්ෂණයෙන් යුත් චිත්‍රපට බලන්න. අපිට හිතෙනවා පිටරට චිත්‍රපට බලපුවාම ඇයි අපේ චිත්‍රපට මේ වගේ නැත්තෙ කියල. සිනමාහල් පද්ධතිය හරි විදියට තියෙනවා නම් ඒ රසය මිනිස්සුන්ට දැනෙනවා. ඩිජිටල් තාක්ෂණයෙන් පෙන්නද්දි ඒ වෙනස තේරෙනවා. ඩිජිටල් තාක්ෂණයෙන් පෙන්නනකොට පැහැදිලි ශබ්ද පැහැදිලි රූප ඇහෙනවා, පෙනෙනවා. සරිගම තුලින් ඒ වෙනස අත්විදිය හැකියි.
Q රටේ වෙනසකට සම්බන්ධ වෙච්ච සාමාජිකයෙක් විදියට සිනමාවට වෙනසක් කරන්න මැදිහත් වෙන්න බැරිද ?
මැතිවරණ වේදිකාවේදී සිනමාවේ නියුතු අය සහ සිනමාව පිළිබඳව කතා කරනවා මිසක් ඊට පස්සෙ මේක මොකද්ද කියලා දෙතුන් දෙනෙක් වාඩිවෙලා කිසිම දවසක අධ්‍යයනය කළේ නෑ. ඒක මහලොකු දෙයක් නෙවෙයි. මේ විෂය ගැන හරියට දන්න කෙනෙක් සිනමා මාධ්‍යය මොකද්ද යන්න තේරුම් අරගෙන ගතයුතු පියවර ගැනීමයි අවශ්‍ය වෙන්නෙ. අපට හොඳ නිර්මාණකරුවො ඉන්නවා. අපිට හොඳ ප්රේක්ෂකයො ඉන්නවා. අපිට නැත්තෙ හොඳ සිනමාහල් පද්ධතියක් විතරයි. මේ කර්මාන්තය ගොඩගන්න නිර්මාණකරුවො ඉන්නවා. ප්රේක්ෂකයො ඉන්නවා. කර්මාන්තයක් විදියට අපිට තිබෙන හිඩැස තමයි තිබෙන්නේ. එය විසඳන්න ලොකු සමීකරණ අවශ්‍ය නැහැ. රජයේ වගකිවයුත්තන්ට උවමනාවක් තිබෙනවා නම් දෙන්නෙක් එක්ක එකතුවෙලා මේ ප්‍රශ්නෙට විසඳුම් සොයන්න පුළුවන්. නැත්තෙ උවමනාව විතරයි.
Q සිදුවෙච්ච දේ එක්ක සිනමාහල් ක්ෂේත්රයට පිවිසෙන්න අදහසක් නැද්ද?
අපි චිත්‍රපට හදන එකනෙ කරන්නේ. සිනමාහලක් පවත්වාගෙන යාම තනිකරම ව්‍යාපාරයක්. ඒ ව්‍යාපාරයට නිපුණතාවය තිබෙන, කාලය කැප කරන්න පුළුවන් අය ඉන්න ඕනෙ. අපේ කාලය ඒ වගේ දේකට කැපකරනෙක අපරාදෙ. නිර්මාණයක් හදන්න තියෙන කාලය ව්‍යාපාරයකට කැපකරනෙක අපරාධයක්. ව්‍යාපාර කාටහරි කරන්න පුළුවන්. එය හරි විදියට කරනවනම් ඕනතරම් ආයෝජකයොත් ඉන්නවා.
Q අලුත් අවුරුද්දෙ මොකද වෙන්නෙ?
'සරිගම'ට කලින් රූගත කරපු චිත්‍රපටයක් තිබෙනවා. අලුත් අවුරුද්දේ එයත් ජනගත කරන්න ඕන. ඒකෙ තාවකාලික නාමය තමයි under panties යන්න. එය වෙනස් අත්දැකීමක්. එය වැඩිහිටියන් තේමා කරගෙන නිර්මාණය කළ චිත්‍රපටයක්. එහි තිබෙන්නේ මානසික ෆැන්ටසි සහිත අයෙකුගේ කතාවක්. එවැනි පුද්ගලයන් සමාජයේ ඉන්නවා. ලෝකය ඒ දිහා බලන විදියයි ලංකාව ඒ දිහා බලන විදියයි වෙනස්. ඒ නිසා මෙය ප්‍රදර්ශනය කළාට පසු ඔවුනුත් එක් ව්‍යාධියක් සහිත පුද්ගලයන් යැයි සිතාවි. ඕනෑම පුද්ගලයෙක් සමාජයට වැදගත්. එක් කාරණයක් නිසා පුද්ගලයෙක් සමාජයෙන් කොන් කරන්න හොඳ නැහැ. මේ චිත්‍රපටයේදි අපි කතා කරන්නේ එහි වෛද්‍ය විද්‍යාත්මක පැත්ත. ඔවුන් කොහොමද සමාජගත කරන්නේ, සමාජයට වටින පුද්ගලයන් බවට පත්කරන්නේ කොහොමද කියලයි අපි බලන්නේ. එයින් හොඳ සමාජ මෙහෙවරක් වේවි.
Q අවසානයේ ප්‍රේක්ෂකයන්ට දෙන පණිවුඩය මොකද්ද?
ප්‍රේක්ෂකයාට කියන්න තියෙන්නේ චිත්‍රපට කියන්නේ ප්‍රේක්ෂකයා මතම රැඳෙන ක්ෂේත්රයක්. සීඩී එකක් හොයාගෙන හරි හොරෙන් හරි බලල හරි හරියන්නෙ නෑ. ප්‍රේක්ෂකයෙක් සිනමාහලකට ගිහින් බැලුවොත් පමණයි සිනමා කර්මාන්තය රැඳෙන්නේ. ප්‍රේක්ෂකයාගේ රුපියල් සීය හෝ පනහ මත තමයි සිනමා කර්මාන්තය රැඳෙන්නේ. ඒ නිසා ප්රේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටිනවා ව්‍යාජ දේවල්වලට හසු නොවී සිනමාහලට ගිහින් නිසි පරිදි ටිකට්පතක් රැගෙන චිත්‍රපටය නරඹන්න කියා. 'සරිගම' පවුලේ සියලුදෙනාටම බලන්න පුළුවන් සහ ජීවිතයට අලුතෙන් යමක් ලබාගත හැකි චිත්‍රපටයක්. ඒ නිසා එක්වරක් නැරඹූ අයට යළි නරඹන ලෙසත්, තවමත් නැරඹුවේ නැතිනම් පැමිණ නරඹන ලෙසත් ඉල්ලා සිටිනවා.