මෙරට ප්රමුඛ නිර්මාණවේදියෙකු වන ප්‍රසන්න ජයකොඩිගේ තෙවන සිනමා නිර්මාණය වන '28' ජූනි 02 වැනිදා සිට ප්‍රදර්ශනය ඇරඹීමට නියමිතව තිබේ.
'28' ලොව ප්රමුඛ සිනමා උලෙළ ද්විත්වයකින්ම සුවිශේෂී ඇගයීමට ලක්වූ නිර්මාණයකි. ඒ රොටර්ඩැම් NETPAC සම්මානය හා Bled film festival bled – slovenia හි ජූරියේ විශේෂ සම්මානයයි.
ලෝකයේ පැවැත්ම යනු සත්ත්ව හා ශාකයන්ගේ පැවැත්මයි. සංසර්ගය, නැතහොත් සංසේචනය හේතුකොට ගෙන විශ්ව පරිණාමය සිදුවෙමින් පවතී. ලිංගිකත්වය නැමති අතිශය ස්වාභාවික කාරණාව සංස්කෘතිකව කුණුහරුපයක් කරගත්තා වූ වත්මන් ලාංකික ජන සමාජය තුළ ස්ත්‍රී දූෂණ, ලිංගික අපචාර දිනපතා සිදුවන සුලභ පුවතක් වීමේ ඛේදවාචකය පිළිබඳව විමසා බැලීම සිදුකෙරේ.
'28' හරහා දූෂණයකර මරා දමා ඇති ගැහැනියකගේ මළසිරුරක් හඳුනාගැනීමට පොලීසියෙන් ආරාධනාවක් ලැබෙන බැවින් අබසිරි (50) සහ මනී (25) පිටිසර ගමක සිට අගනුවරට පැමිණෙයි. විවාහයෙන් තෙමසකට පසුව තමා අතහැර ගිය තම බිරිඳ වූ සුද්දිව, අබසිරිට අවුරුදු 15 කට පසුව කොළඹ මහ රෝහලේ මෘත ශරීරාගාරයේදී හමුවෙයි.
මුදල් අත නොමැති අබසිරි තම දන්නා සටකපටකම් යොදා හිස් මිනී පෙට්ටියක් පමණක් රැගෙන යන බව පවසමින් රියදුරු (ලෙනින්) මුළාකොට, කුඩා අයිස්ක්‍රීම් වෑන්රියක හුඩ්රකයේ මිනී පෙට්ටිය තබාගෙන ගම බලා පිටත් වෙයි. රියදුරු සන්තර්පණය කිරීමට මත්පැන් පානය කරමින් ගමන් කරන වෑන් රියෙන් මිනී පෙට්ටිය බිමට වැටෙයි. සියල්ල හෙළිවෙයි.
තමන් රටවා, තමන්ට හොරා තම වාහනයේ මිනියක් රැගෙන ඒම ගැන දැඩි ලෙස උරණ වන රියදුරු ලෙනින්, සුද්දිගේ මිනිය දැකීමෙන් පසු තර්කයකින් තොරව මිනිය රැගෙන යාමට එකඟ වෙයි. මිනිය නිවසට රැගෙන එනවිට පුවත්පත් සහ කටකතා මඟින් තමන්ට වඩා මරණය ගැන දැනුවත් වී සිටින ගම්මුන් ඉදිරියේ අබසිරි අසරණ වෙයි. අවමංගල්‍ය සභාව අමතන සුද්දී, තමා දැන් මියගිය ගැහැනියක බැවින් තමාට බියක් නැතිව ඇත්ත කිවහැකි බව පවසා, සියලු ගැහැනුන්, පිරිමින් වෙනුවෙන් පාපොච්චාරණයක යෙදෙයි.
''28'' කණ්ඩායම
තිර රචනය/අධ්‍යක්ෂණය - ප්‍රසන්න ජයකොඩි
නිෂ්පාදනය - ස්කයි එන්ටර්ටේනර්ස් පෞද්ගලික සමාගම, ෆිල්ම් ගරාජ්,කොග්නට්වි ඊගල්, ෆිල්ම් ඉක්යුප්මන්ට් ගැලරි (එෆ්.ඊ.ජී)
කැමරා අධ්‍යක්ෂණය - චන්දන ජයසිංහ
සංස්කරණය/ශබ්ද සැලසුම්කරණය - රංගන සිංහාරගේ විධායක නිෂ්පාදනය -රසිත ජිනසේන
කතා මූලාශ්‍රය - සිසිරි තඩිකාර
සංගීතය - දේශක බමුණුමුල්ල
කලා අධ්‍යක්ෂණය - නුවන් සනුරංඛ
නිෂ්පාදන අධීක්ෂණය - නිශාන්ත පද්මකුමාර
රේඛීය නිෂ්පාදනය - සුමුදු වෙල්ලාලගේ
සහය අධ්‍යක්ෂණය - චමින්ද පෙරේරා
අංග රචනය - නාරද තොටගමුව
වර්ණ සංයෝජනය හා ඩිජිටල් අන්තර් තාක්ෂණය - දිනිඳු ජාගොඩ
ශබ්ද සංයෝජනය - අරුණ ප්‍රියන්ත කළුආරච්චි
රංගනය
අබසිරි - මහේන්ද්‍ර පෙරේරා
සුද්දී - සේමිණී ඉද්දමල්ගොඩ
ලෙනින් - සරත් කොතාවල
මනී - රුක්මාල් නිරෝෂ්
උක්කුබණ්ඩා - දයා තෙන්නකෝන්