ප්රවීන ගායන ශිල්පි විල්බට් ඇන්තනී අද (15දා) සිය දිවියෙන් සමුගනු ලැබුවා. මියයන විට 72 හැවිරිදි වියේ පසුවූ ඒ මහතා සුදුසේල අගින්, කවියන්ගේ රස හැගුම, නොමග නොයන් පුතේ, ගම හැරදා සිදාදියට ආදී ජනප්රිය ගීත රැසක් ගායනා කොට තිබෙනවා.
විල්බට් ඇන්තනි මහතාගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය මේ වනවිට මීගමුව මහ රෝහලදී සිදු කෙරෙමින් පවතිනවා.