කණ්ඩායම් සංගීතයේ සිටිමින් විශාල රසික පිරිසක් ආකර්ෂණය කරගත් ශිවන්ත ප්‍රනාන්දු කණ්ඩායම් සංගීතයෙන් ඔබ්බට යමින් ඔහුගේ %බඹරුන්^ යන ගීතය පසුගියදා එළිදැක්වීය. ්
ප්‍රදීප් වර්ණකුලසූරිය විසින් රචිත, ඩිලංක ප්‍රනාන්දු විසින් සංගීත සහ තනු නිර්මාණය කර ඇති මෙය වෙනස්ම තේමාවකින් සහ සංගීත විලාශයකින් නිර්මාණය කර තිබේ. මෙම වීඩියෝව මේ වනවිට විවිධ රූපවාහිනී මාධ්‍ය ඔස්සේද ප්‍රචාරය වෙයි.
මෙම ගීතයේ පිළිබඳව ශිවන්ත අප සමග අදහස් දැක්වූයේ මෙලෙසිනි.
"මේ කාලයේ නිර්මාණය වන ගීත වගේ නොවෙයි මෙහි පද රචනාව ඉතා වෙනස්. පරාජිත ප්‍රේමයෙන් බැහැරව නිර්මාණය කෙරුණු මෙම ගීතය ලබාදෙන්නේ පණිවුඩයක්. කොහොමත් බඹරෙක්, මලකට ඇදෙන්නෙ රොන් ගන්නයි. සමහර බඹරු රොන් අරන් මල තළාපෙළා යන වෙලාවලුත් තියෙනවා. ඉතිං අද කාලයේ ගොඩක් ගැහැනු ළමයින්ට වෙන්නෙ මේ දේ නිසයි, එවැනි ගීතයක් නිර්මාණය කළේ. මෙම ගීතය මම පෞද්ගලිකව රසවිඳිනවා. මම වගේ අය ඉන්නවා නම්, මේ ගීතය ඒ අයත් රස විඳියි කියලා මම හිතනවා."
ශිවන්ත ප්‍රනාන්දුගේ මෙම ගීතය අන්තර්ජාලය ඔස්සේද නැරඹීමට අවස්ථාව ඇති අතර, Youtube වෙබ් අඩවියේ Shivantha Fernando යනුවෙන් සෙවුම් කර ඔහුගේ අනෙකුත් ගීතද නැරඹීමට හැකියාව ඇත.