ප්‍රවීණ සම්මානනීය චිත්‍රපට සහ ටෙලිනාට්‍ය අධ්‍යෂකවරයෙකු වූ ආචාර්ය ඩී.බී. නිහාල්සිංහයන් කොළඹ පෞද්ගලක රෝහලකදී අද (21දා) අභාවප්‍රාප්ත විය.
මෙරට පළමු ටෙලිනාට්‍ය වූ 'දිමුතු මුතු'හි අධ්‍යෂකවරයා වන්නේද ආචාර්ය ඩී.බී.නිහාල්සිංහයන්. එසේම ඔහු විසින් මෙරට පළමු සිනමාස්කෝප් චිත්‍රපටය වූ 'වැලි කතර' 1968දී අධ්‍යෂණය කරනු ලැබූ අතර එය 1971දී ප්‍රදර්ශනය කෙරුණි.
ආචාර්ය ඩී.බී. නිහාල්සිංහයන් නිරමාණය කරන ලද 'සත් සමුදුර', 'දහසක් සිතුවිලි', 'මල්දෙණියෙ සිමියොන්', 'කෙළිමඩල', 'රිදී නිමිනය' බොහෝ විචාරක හා ප්‍රේක්ෂක අවධානය දිනු සම්මානනීය නිර්මාණ වේ.
'දවස' පුවත්පතේ ආරම්භක කතෘවරයෙකු ලෙස සැලකෙන ඩී.බී. ධනපාල මහතාගේ වැඩිමහල් පුත්‍රයා වන නිහාල්සිංහ මහතා ශ්‍රී ලංකා චිත්‍රපට සංස්ථාවේ මුල්ම සාමාන්‍යාධිකාරීවරයා ලෙස කටයුතු කළේය. සිංහල සිනමා ක්ෂේත්රය තුළ ඡායාරූප ශිල්පියෙකු, සංස්කාරකරවරයෙකු, නිෂ්පාදකවරයෙකු, අධ්‍යක්ෂකවරයෙකු ලෙස කටයුතු කළේය.
ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඉරිදා (24දා) උදෑසන 10.00ට බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිත අතර දේහය සෙනසුරාදා උදෑසන සිට 22/30 මලලසේකර මාවත, කොළඹ 07 (බී.එම්.අයි.සී.එච්. පිටුපස) පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කෙරේ.