බොලිවුඩයේ නිරූපණ ශිල්පිනියක සහ රංගන ශිල්පිනියක වන ගෞහර් ඛාන්ට වේදිකාව මතට පැමිණි පුද්ගලයෙකු විසින් කම්මුලට පහරදී තිබේ. ඇයට මෙම සිද්ධියට මුහුණදීමට සිදු වී ඇත්තේ පසුගියදා පැවැති 'ඉන්දියන් රෝ ස්ටාර්' රියලිටි වැඩසටහනේ අවසන් වටයේ නිවේදන කටයුතු කිරීමේදීය.
මෙම පහර දී ඇති පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලීසිය වහාම කටයුතු කර ඇති අතර, අකීල් මලික් නැමැති මෙම පුද්ගලයා මෙම අවසන් තරග වටය සජීවීව නැරඹීමට පැමිණියෙකු බවට අනාවරණය වී ඇත. කෙසේ නමුත් ඔහු පොලීසියට කටඋත්තරයක් ලබාදෙමින් කියා ඇත්තතේ මෙම නිවේදිකාව මුස්ලිම් කාන්තාවක බවත්, ශරීරය නිරාවරණය වන පරිදි ඇඳුම් ඇඳ සිටීම නිසා කෝප වී මෙම ප්‍රහාරය එල්ලකළ බවත්ය. මෙම සිදුවීමෙන් පසුව නැවතත් එම වැඩසටහන ඉදිරියට රැගෙන ගිය බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
කෙසේවෙතත් ඇය ඔහුට විරුද්ධව නඩුවක් ගොනුකර ඇති අතර, එහි නඩු විභාගය අද දිනයේදී (02දා) මුම්බායි අධිකරණයේදී විභාග කෙරිණි. කාන්තා හිංසනයට අනුව වරදක් කර ඇති හෙයින් අධිකරණය අකීල් මලික් නැමැති පුද්ගලයාට දඩයක් නියම කළේය.