නිශී සමරවීර යනු අද ලංකාවම හඳුනන දක්ෂ නිරූපණ ශිල්පිනියකි. අද නිර්මාණය වන බොහෝ මියුසික් වීඩියෝවලදී ඇය නිතරම දක්නට ලැබෙන චරිතයක් වී හමාරය. නිරූපණ කටයුතු සහ ඇගේ කලා කටයුතු පිළිබඳ කතාබහ කිරීමට 'අද'ට සමග ඇය මෙසේ සම්බන්ධ වූවාය.
Q ඔබව මුලින්ම හඳුන්වා දුන්නොත්?
මම නිශී සමරවීර. මම නිරූපණ ශිල්පිනියක්. මම මූලිකව නිරූපණය තමයි කරන්නේ. ඊට අමතරව රංගන කටයුතු සඳහාත් දායක වෙනවා. නිරූපණය පැත්තෙන් වෙළෙඳ දැන්වීම් සහ මියුසික් වීඩියෝ වැඩ කටයුතුවලට දායක වෙනවා. මම රංගනයෙන් දායක වන ටෙලිනාට්‍යයක් එන්න තියෙනවා. ඊට අමතරව කරපු නාට්‍ය කිහිපයක් තියෙනවා.
Q ඔබ නිරූපණ ක්ෂේත්රයට එන්නේ කොයි කාලේද?
මම නිරූපණයට ඇවිත් අවුරුදු දෙකක පොඩි කාලයක් වගේ වෙනවා.
Q මේ පොඩි කාලෙදි ඔබ ගොඩක් නිර්මාණවල දකින්න ලැබෙනවා. මේ ගැන මොකද හිතෙන්නේ?
ඇත්තටම ඒක ගැන මට සතුටුයි. මම හිතන්නේ මගේ දක්ෂතාවයි, වාසනාවයි නිසා තමයි මේ තරම් පොඩි කාලෙකදි ගොඩක් නිර්මාණවලට දායක වෙන්න ලැබුණෙ.
Q දැනට මියුසික් වීඩියෝ කීයකට විතර රංගනයෙන් දායක වෙලා තියෙනවාද?
මියුසික් වීඩියෝ 25 – 30 ක් විතර ප්‍රමාණයකට දායක වෙලා තියෙනවා.
Q දායක වුණු වෙළෙඳ දැන්වීම් ගැන කතා කළොත්?
මම දැනට දායක වෙලා තියෙනවා 'ග්‍රීන් ටී', 'විජය පපඩම්', 'තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්', 'මංචි පීසා බිස්කට්', 'ඩී.එස්.අයි. ටයර්', 'ක්ලියර් ෂැම්පු' වගේ ඒවා. තව තියෙනවා මතකත් නැහැ.
Q රංගනයෙන් දායක වුණු නිර්මාණ ගැන කියමු ටිකක්?
ටෙලිනාට්‍ය දෙකකට රංගනයෙන් දායක වුණා. තව මම ප්‍රධාන චරිතය කරන ටෙලිනාට්‍යයක් එන්නත් තියෙනවා. එතකොට අලුත් අධ්යක්ෂවරයෙක් කරපු චිත්‍රපටයකටත් දායක වුණා. ඒකේ ප්‍රධාන චරිතයත් මම. ඒකේ රූගත කිරීම් ඉවර වුණා. නමුත් අනිත් දේවල් ඉවර නැහැ. ඒවාත් ඉදිරියේදී දැක ගන්න පුළුවන් වෙයි.
Q අද ලංකාවේ නිරූපණ කලාව ගැන ඔබගේ අදහස?
අලුත් අය එන්න ඕනේ. නැත්නම් හැමදාම එකම අයනේ ඉන්නේ. එහෙම එන අය තමන් නිර්මාණ තෝරාගෙන කරන්න ඕනේ. එහෙම වුණොත් හොඳ නමක් තියාගෙන ඉස්සරහට යන්න පුළුවන්. මමත් මුලින්ම කරේ බ්‍රයිඩ්ල්. ඊටපස්සේ තමයි දක්ෂතාව නිසා මෙච්චර වැඩ කරන්න පුළුවන් වුණේ. තමන් දක්ෂ පැත්තෙන් හොඳ දේවල් කරන්න ඕනේ.
Q අද ලංකාවේ නිරූපිකාවන්ට ප්රවීණයො බොහෝ දෙනා චෝදනා කරනවා. නවකයන්ගේ වැරද්දක් තියෙනවාද?
නවකයන්ගෙත් පොඩි වැරැද්දක් තියෙනවා. ෂූට් එකකට කොස්ටියුම් එකක් තෝරාගනිද්දි නිරූපණ ශිල්පිනියයි, ඒ ෂූට් එක කරන අයයි ඒ ගැන ගොඩක් හිතන්න ඕනේ. ඒ දේවල් වැරදි විදියට යොදාගන්න නිසානේ දකින අය වැරදි විදියට දකින්නේ. නිරුවත කියන දේත් කලාවක් තියෙනවා. ඒකෙ කලාව කියන දේ පෙනෙන්නේ නැතුව නිරුවත ආවොත් එතැන වැරැද්දක් තියෙනවා. නමුත් අද බැණුම් අහන එකත් හිට් එකක් වෙලානේ. එතකොට ගොසිප් හැදෙනෙවා වැඩියිනේ. ඒක නිසා දැන් බැණුම් අහන්නම බලාගෙන වැඩ කරනවා. ඉක්මනට ජනප්‍රිය වෙන්න ගොසිප් කියන දේ හොඳට බලපාන වෙලාවලුත් තියෙනවා. වැඩ මුකුත් කළේ නැතත් ඒ පැත්තෙන් ජනප්‍රිය වෙන්න පුළුවන්. තමන් කැත දේවල්වලට දායක වෙන නිසා තමයි මිනිස්සු මේ ක්ෂේත්රයට බණින්නේ.
Q සමාජ ජාලය තුළ නිරූපිකාවන්ට තියෙන මාර්කට් එක කොහොමද?
ඇත්තටම ෆේස්බුක් එකේ මාර්කටින් එකක් තියෙනවානේ. මටත් අද වෙද්දි ගොඩක් ෆේස්බුක් එකෙන් වැඩ එනවා. ගොඩක් අය මුලින්ම වැඩකට කතා කළාම අහන්නේ %ෆේස්බුක් නේම්^ එක. ඒකේ තියෙන අපේ ප්‍රතිරූපය බලලා තමයි අපට වැඩ හම්බ වෙන්නේ. ඇත්තටම ෆේස්බුක් මට නම් මගේ වැඩවලට පහසුවක්.
Q ඔබ ක්ෂේත්‍ර කිහිපයක නිරත වෙනවා. වැඩියෙන් කැමති මොන ක්ෂේත්රයටද?
වැඩියෙන් කැමති මියුසික් වීඩියෝ කරන්න තමයි. දවස ගෙවෙනවා තේරෙන්නෙත් නැහැ. දෙබසුත් නැහැ. හරිම පහසුයි. ඒක නිසා මියුසික් වීඩියෝවලට කැමතියි.
Q නිරූපිකාවක් වුණාම ඇඳුම තෝරා ගැනීම?
මෙහෙමයි. කොටට අඳින්න ඕනේ. නිරූපිකාවකට ඇඳුම සීමා කරන්න බැහැ. තමන්ට එන වැඩත් එක්ක ඇඳුම සීමා කරන්න බැහැ. මමත් ඉස්සර කොට ඇඳුම් අඳින්නේ නැහැ කියලා හිටියා. නමුත් අපට ලැබෙන වැඩත් එක්ක එහෙම කරන්න බැහැ. මම නම් %බිකිනිය^ නැතුව අනිත් හැම ඇඳුමක්ම අඳිනවා. ඇඳුමෙන් වැඩක් ලස්සන කරන්න පුළුවන්. ඒකට වැරැද්දක් කියන්න බැහැ.
Q ඉදිරි වැඩකටයුතු ගැන කිව්වොත්?
මේ ක්ෂේත්රයේ හොඳ නමක් හදාගෙන ලොකු ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා. තව ටික කාලෙකින් මගේම සැලෝන් එකක් පටන් ගන්නත් හිතාගෙන ඉන්නවා.
අවසාන වශයෙන් මෙච්චර දුරක් එන්න උදව් වුණු අය ගැන මතක් කළොත්?
ඔව්, මගේ අම්මා, තාත්තා, එතකොට මගේ පෙම්වතා නිරෝෂන්. එයා මගේ පිටිපස්සෙන් ඉන්නවා හැමවෙලාවෙම. මට මේ සමාජය ගැන කියලා දුන්නේ එයා. එතකොට ඡායාරූප ශිල්පින් ඇතුළු අයවත්, විශේෂයෙන් දීපාල් ගෝමස් අයියාව මතක් කරන්න ඕනේ.