නත්තල් උත්සවය නිමිති කොටගෙන A Naked Noel නමින් එළිදැක්වූ සංගීත වීඩියෝව තහනම් කර තිබෙනවා. බ්‍රිතාන්‍යයේ Andy Twyman නම් ප්රමුඛ පෙළේ ගායකයෙකු විසින් මෙම මියුසික් වීඩියෝව නිර්මාණය කර ඇති අතර, එය හාස්‍ය නිර්මාණයක් ලෙස එළිදක්වා තිබේ. මෙම වීඩියෝවේ දැක්වෙන්නේ එහි නළුවා තම යහළු යෙහෙළියන් කිහිප දෙනෙකු සමගින් තම නිවසේදී නත්තල සැමරීමයි.
නමුත් මෙහි සාමාන්‍ය ගීතයකට වඩා වෙනසක් ඇත්තේ මෙහි රංගනයෙන් දායක වන සියලු දෙනා සම්පූර්ණ වශයෙන් නිරුවතින් සිටීමයි. නිරුවතින් නත්තලේ ප්‍රීතිය සැමරීම සමාජයට වැරදි ආදර්ශයක් ගෙනඑන බැවින් මෙම ගීතය තහනම් කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. කෙසේ වුවද මේ වනවිට එම ගීතය සමාජ වෙබ් අඩවිවල විශාල වශයෙන් හුවමාරු වන ගීතයක්ව තිබේ.