ලෝකය පුරා විවිධාකාරයේ නිර්මාණයන් බිහිකිරීමට හැකියාවන් ඇති පුද්ගලයෝ සිටිති. ඔවුන් හට ඇති හැකියාවන් විදහා දැක්වීමට වචනවලින් පමණක් හැකියාව නැත. ඒ ඔවුන්ගේ නිර්මාණයන්ට අගයක් එක් කිරීමට හැකි වචන නොමැති හෙයිනි.
'හොන්ග් යි' නම් තරුණිය ඉතාමත් රූමත්ය. එය ඇගේ හැකියාවන්ට ඔබ්බට ගිය කරුණකි. ඇයව ලෝකයේ බොහෝදෙනා හඳුන්වන නම වනුයේ 'රෙඩ්'ය. ඇය මැලේසියානු ගෘහනිර්මාණ ශිල්පිනියක් වශයෙන් වෘත්තියේ නියැළෙයි. ඇයට ඇති හැකියාවන් එක ගොන්නකට දැමිය නොහැකි තරම් පරස්පරය.
අප එදිනෙදා භාවිතයට ගන්නා කෑම වර්ග, මල්පෙති, මල්පැළ වල ඇට වර්ග, රෙදි කැබලි, බීමට ගන්නා කෝපි කෝප්පයෙන් පවා ඇය නිර්මාණයන්ට පණ පොවයි.
තවත් විස්තර කිරීමට පවා නොහැකි නිර්මාණ ප්‍රමාණයක උරුමකාරිය ඇයයි. මැලේසියාවේ ඉපදී, හැදී වැඩී ඉගෙනීමෙන් පසුව ඇය උපාධිය සඳහා ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාලයට පැමිණේ. ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාලය තුළ ගෘහනිර්මාණ ශිල්පය පිළිබඳ වැඩිදුර අධ්‍යාපනය ලබන ලදී. රෙඩ් විසින් විශ්වවිද්‍යාලයේ නිර්මාණය කරන ලද 'Loves to Paint' නිර්මාණය විදෙස් මාධ්‍ය වන ABC, CNN, NBC, The Daily Mail තුළින් ලොවටම කියා පෑවේය.
මෙමගින් ඇයගේ නිර්මාණයන් හට වෙනස්ම අරුතක් ලැබුණ අතර, මේ වන විට සම්මානලාභී නිර්මාණ ශිල්පිනියක ලෙසට 'රෙඩ්' පත්ව ඇත.