ප්‍රවීණ ධනාත්මක චින්තන උපදේශක ලාල් ෆොන්සේකා මහතාගේ දාසයෙන් ඔබ්බට Forget ranks^- just lead, හා , පාසලට 6S+3R යන ග්රන්ථ ත්‍රිත්වය දොරට වැඩුම පසුගියදා (28දා) කොළඹ කෞතුකාගාර ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි. එහිදී දේශනයන් හා එක්වූ මහාචාර්ය පාතේමග ඥාාණිස්සර ස්වාමීන් වහන්සේ මෙලෙස අදහස් දැක්වීය.
“ලාල් ෆොන්සේකා මහතාගේ පොත්වල නාමයන්වලත් ලොකු වෙනසක් දකින්න පුළුවන්. දාසයෙන් ඔබ්බට කියන පොත ගැන යමක් සඳහන් කරන්නම්. මන්තරයක් පටන් ගන්න බැරි අකුරක් භාෂාවේ නැහැ. නමුත් ලෝකයේ වැඩියෙන් ඉන්නේ මන්තර හදන අය නෙමෙයි හදපු මන්තර වලින් වැඩ ගන්න අය. ස්වභාවධර්මයේ හැදෙන හැම පැළෑටියක්ම කිසියම් ව්‍යාධියකට ඖෂධයක් ලෙස භාවිත කරන්න පුළුවන්. එහෙම වුණාට එහෙම බෙහෙත් හදන අය ලෝකේ හරි අඩුයි. හදපු බෙහෙත් වලින් ප්‍රයෝජන ගන්න අය වැඩියි. ලෝකයේ බිහිවෙන හැම මිනිසෙක්ම කිසියම් ක්‍රියාවකට දක්ෂතායක් තිබෙනවා. ඒ දක්ෂතාවය මැනවින් හඳුනාගෙන ඒ හඳුනාගැනීමත් එක්ක ඔවුන් අදාළ තැන්වල යොදවන පරිපාලකයන් සමාජය තුළ දකින්න නැහැ. මනෝ විද්‍යායන් සඳහන් කරන්නේ අවුරුදු 11 සහ 29 කියන්නේ කුණාටු විය කියලා. මොළය වර්ධනය වන්නා වූ කාලය තමයි එය. ඒ කාලේ දරුවන්ගේ මොළයට යන නිර්මාණාත්මක අධ්‍යාපනයක් අවශ්‍යයි. නමුත් ලංකාවේ අය එහෙම වෙන්නේ නෑ. ඒ කාලේ ළමයින්ට තිබෙන විෂය නිර්දේශ පවා හරයාත්මක නෑ. මම හිතන්නේ මේ දාසයෙන් ඔබ්බට කියන පොත දරුවන්ට වැඩිය වැදගත් වෙන්නේ දෙමවුපියන්ට...”
අනතුරුව ලාල් ෆොන්සේකා මහතා මේ ග්රන්ථ ගැන සඳහන් කළේ මෙවන් අදහසකි.
“අවුරුදු දාසය කියන්නේ මිනිසෙකු ජීව විද්‍යාත්මකව වෙනස් වෙන කාලයක්. ඒ වගේම අධ්‍යාපනය පැත්තෙනුත් වැඩි බරක් තියෙන්න ඕන කාලයක්. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින කාලයත් මේ කාලය තමයි. මේ වෙද්දි තරුණයන් තුළ තාක්ෂණයත් එක්ක අමුතුම රැල්ලක් ඇතිව තිබෙනවා. අපි තාක්ෂණය එපා කියල කියන්නේ නැහැ. ඒ දේවල් වාරණය කරන්න කියන්නෙත් නැහැ. අපි සඳහන් කළේ ඒ දේවල් තමන්ගේ දියුණුව සඳහා යොදා ගන්න කියන දේ. ඒ කාලයෙන් පසු ජීවිතය ගොඩනගා ගන්නේ කෙලෙසද කියන දේ තමයි මෙම ග්‍රන්ථය තුළ අන්තර්ගත වෙන්නේ. මමත් නායකයෙක් වෙලා හිටපු අවස්ථා තිබෙනවා. ජැක් වෙල්ගේ පොත් කියවනවා. සෑම් වෝල්ටන්ගේ පොත් කියවනවා. බිල් ගේට් ගැන අපි හොඳින් දන්නවා. නමුත් ඒ දේවල් නායකත්වයට එකතු කරගන්නේ නැතුව තමයි අපි කටයුතු කරන්නේ. Forget ranks, just lead මේ ග්රන්ථයම ඉංග්‍රීසි භාෂාවෙන් රචනා කළ පළමු ග්‍රන්ථය. ඒ වගේම පාසලට එස් පහ සංකල්පයට තව ආරක්ෂණය කියන දේත් හඳුන්වා දෙන්න මට පුළුවන් වුණා. මේ රටේ පවතින නායකත්වය ගැන පැහැදිලි දැක්මක් නැහැ. මම මේ ග්‍රන්ථය තුළ වැඩි වශයෙන් කතා කරන්නේ ආයතනික නායකත්වය ගැන. ආයතනවල නිසි නායකත්වයක් අද දකින්න ලැබෙන්නේ නැහැ. නායකයා කියන්නේ තමන් යටතේ ඉන්න අනුගාමිකයෝ ඉදිරියට ගන්න කෙනා. තනතුර පසෙකළා නායකයෙක් ලෙස කටයුතු කරන්න කියන කාරණය තමයි මේ ග්‍රන්ථයේ අන්තර්ගතය වෙන්නේ.”
මේ ඔහුගේ සටහනයි...
මා මේ සිටින්නේ කන්ද තරණය කොට නැවත පහළට බසිමින් සිටින යුගයයි. මගේ උත්සාහය වුණේ මා සතු සියලු අත්දැකීම් ඔබට සමීප කිරීමයි. ඔබ තවම කන්ද තරණය කරමින් සිටින යුගයයි. ඔබ හා මා ප්‍රතිවිරුද්ධ දිශාවට ගමනේ යෙදුණත් එක තැනකදී නැවත ඔබ මා හමුවනු ඇත. එහිදී මා බලාපොරොත්තු වන්නේ සාර්ථක පුද්ගලයෙකි. එවිට ඔබ සතුටින් මා හා සිනහ වී යන්න.
නිදුක් මදුෂික/ජායාරූප ඉසුරු පෙරේරා