හොලිවුඩ් නර්තන ශිල්පිනියක් ලෙස බොලිවුඩයට පා තැබූ Lauren Gottlieb පිළිබඳව මේ දිනවල කතාබහට ලක්වන්නේ පසුගිය කාලයේ එළිදැක්වූ චිත්රපටයක් වන 'Ambarsariya' නිසාවෙනි. මෙම චිත්රපටය බොක්ස් ඔෆිස් වාර්තා අතරට පැමිණි චිත්රපටයක් විය.ඇමෙරිකාවේ, ස්කොට්ස්ඩලේ උපන් ඇය නර්තන ක්ෂේත්රයට පිවිසෙන්නේ 2005 වර්ෂයේදීය. ඒ So You Think You Can Dance නම් නර්තන රූපවාහිනී වැඩසටහනක් ඔස්සේය. එහි තුන්වැනි අදියර සඳහා දායක වීමට ඇයට අවස්ථාව හිමි විය. ඉන්පසු ඇයට Ghost Whisper රූපවාහිනී කතාමාලාව තුළින් රංගන ජීවිතයට ඇතුළු වීමට අවස්ථාව හිමි විය.
එහිදී අතුරු චරිතයක් සඳහා රංගනයෙන් දායක වීමට අවස්ථාව හිමි විය. 2008 වර්ෂයේදී ඇයට හොලිවුඩ් සිනමා කර්මාන්තයට ප්රවිශ්ට වීමට අවස්ථාව උදා වූයේ Disaster Movie නම් චිත්රපටයේ නර්තනයට දායක වෙමිනි. එම චිත්රපටය නර්තනය ආශ්රිතව නිර්මාණය වූ චිත්රපටයක් විය. ඇයට නැවතත් රූපවාහිනී කතා මාලාවකට දායක වීමට අවස්ථාව උදාවිය. ඒ 2009 වර්ෂයේදී විකාශනය වූ Glee රූපවාහිනී කතා මාලාවට නර්තන ශිල්පිනියක ලෙස දායක වීමෙනි.
මෙම වර්ෂයේදීම ඇයට චිත්රපට දෙකක් සඳහා දායක වීමට අවස්ථාව උදාවිය. ඒ Hannah Montana චිත්රපටයට සහ Bring It On: Fight to the Finish චිත්රපටය සඳහාය. මෙහිදීත් ඇයට රංගනයෙන් දායක වීමට අවස්ථාව උදා නොවූ අතර, ඇය දායක වූයේ නර්තන ශිල්පිනියක ලෙසය. 2009 වර්ෂයේදීත් ඇයට රූපවාහිනී නර්තන වැඩසටහනක් සඳහා දායක වීමට අවස්ථාව හිමි විය. එම වැඩසටහන 2009 වර්ෂයේ අවසානය දක්වා විකාශනය විය. ඇය 2010 වර්ෂයේදී එවන් වැඩසටහන් සඳහා තාවකාලිකව සමුදෙන ලැබීය. එයට හේතුවූයේ ඇයට අනතුරක් සිදුවූ නිසාවෙනි.
2011 වර්ෂයේදී ඇය නැවතත් නර්තන කටයුතු සඳහා දායක විය. 2013 වර්ෂයේදී ඇය බොලිවුඩයට පා තබන ලදී. ඒ ABCD: Any Body Can Dance නම් චිත්රපටය ඔස්සේය. මෙහිදී ඇය නර්තනය මෙන්ම රංගනයෙන්ද දස්කම් විදහා දැක්වීය. ඉන්පසු ඇය තවත් චිත්රපටයක් සඳහා රංගනයෙන් දායක විය. ඒ 2015 වර්ෂයේදී තිරගත වූ Detective Byomkesh Bakshy! චිත්රපටයයි. ඉන්පසු ඇය 2015 චිත්රපට 4ක් සඳහා රංගනයෙන් දායක විය. එහිදී ඇය රංගනයෙන් දායක වූ චිත්රපට අතරින් බොක්ස් ඔෆිස් වාර්තා අතරට පැමිණි චිත්රපටයක් වන්නේ ABCD 2 චිත්රපටයයි. නර්ත හැකියාව මෙන්ම රංගන හැකියාවද ඇති Lauren Gottlieb හොලිවුඩයේ මෙන්ම බොලිවුඩයේද බැබළෙන තරුවකි.