'දෙවැනි ඉනිම'හි දෙව්මි මේ වනවිට බොහෝ දෙනාගේ ජනාදරයට පාත්‍ර වී තිබේ. පසුගියදා පැවති 'රයිගම් ටෙලිස් 2016' හිදී ජනප්‍රිය නිළිය වීමේ වාසනාව ඇයට හිමි විය.
මේ දිනවල බොහෝදෙනාගේ අවධානයට ලක්ව ඇති දෙව්මිගේ චරිතය නිරූපණය කරන නයනතාරා වික්‍රමආරච්චි මෙවර 'අද' තරු කතාබහට එක්විය.
Q ජනප්‍රියම නිළිය වුණේ වාසනාවටද?
මට ලැබුණු චරිතය, වාසනාව මේ හැමදේම කියල හිතනවා.
Q 2017 ජනප්‍රියම නිළිය වෙයි කියලා බලාපොරොත්තුවක් තිබුණද?
ඇත්තටම එහෙම දෙයක් තිබුණෙ නැහැ.
Q රංගනයට එකතු වෙන්නේ මොන කාලෙදි වගේද?
සාමාන්‍ය පෙළ ඉවර වෙලා, උසස් පෙළ කරන කාලයේදී වගේ තමයි රංගනයට එකතු වුණේ. මම මුලින්ම රංගනය පිළිබඳව පාඨමාලාවක් හැදෑරුවා 'මායා ශක්ති' රංග පාසලේ. එහිදී අපේ වේදිකා රංගනයක් කරන්න අවස්ථාව ලැබුණා මාලිනී තියටර් එකේ.
එතැනින් පසුව මට අවස්ථාව ලැබුණා ටෙලි නාට්‍යයක් සඳහා දායක වෙන්න. ඒ ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහත්මයාගේ. ඒ ආපු ගමන තමයි දෙවෙනි ඉනිම සමග එකතු වෙන්න අවස්ථාව උදා වුණේ.
Q මුල්ම නිර්මාණය ගැන කතා කළොත්?
මුලින්ම මම රංගනයෙන් දායක වුණේ ස්වර්ණවාහිනියේ විකාශය වූ ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගේ 'හංස පිහාටු' කියන ටෙලිනාට්‍යයට. ඊට පස්සේ ජාතික රූපවාහිනියේ විකාශය වූ සමන් කුමාරගේ 'එරන් ලන්දු' ටෙලි නාට්‍යයටත් සම්බන්ධ වුණා.
Q රංගන ජීවිතයද ඔබගේ හීනය වුණේ?
ඔව්, මම ගොඩක් ආස කළා රංගන ශිල්පිනියක වෙන්න. ආස නිසා ඒ ගැන ඉගෙන ගත්තා. ඒවත් එක්ක තමයි මේ ගමන එන්නේ.
Q 'දෙවැනි ඉනිම' නිසා නේද ඔබ ජනප්‍රියම නිළිය වුණේ?
අනිවාර්යයෙන්ම ඔව්. මෙම නාට්‍ය හරහා බොහෝ පිරිසක් මා වටා රොක් වුණා. මේක මගේ පස්වැනි ටෙලි නාට්‍යය
Q 'දෙවැනි ඉනිම' ඔස්සේ ලැබුණු ජනප්‍රියත්වය අනෙකුත් ටෙලිනාට්‍ය මගින් ලැබුණෙ නැද්ද?
මේ තරම් ජනප්‍රියත්වයක් සහ මේ තරම් ප්‍රේක්ෂක පිරිසක් එකතු වුණේ දෙවැනි ඉනිම නිසයි. හැබැයි අනෙකුත් ටෙලිනාට්‍යවලත්, ඒ චරිතවලට ආදරය කරපු ප්‍රේක්ෂක කොට්ඨාසයකුත් හිටියා.
Q දෙවැනි ඉනිම ඔබේ ජීවිතයේ හැරවුම් ලක්ෂය කිව්වොත් නිවැරදිද?
අනිවාර්යයෙන්ම ඔව්.
Q 'දෙව්මි' සමග ඔබේ ජීවිතයේ ගලා යෑම කොහොමද?
ඇත්තටම හරිම සතුටුයි. ඇතුළාන්තයෙන් සංවේදී චරිතයක් වගේම තමන්ගේ මස්සිනාට පිස්සුවෙන් වගේ ආදරය කරන කටකාර පාසල් යෞවනියක්.
ඒ චරිතය මටත් සමීප වෙන්නේ, මගෙත් පාසල් ගමන අවසන් වුණේ ළඟදීයි. පාසල් කාලේ ආපහු ලැබෙද්දි ජීවිතේට ඒ දේ ඉතාමත් සමීපයි.
Q ‘දෙව්මි ‘කියන්නේ ඔබේ චරිතයද?
නැහැ. දෙව්මි කියන්නේ මට වඩා හාත්පසින්ම වෙනස් චරිතයක්. ඒක ඉතාමත් අභියෝගයක්. ඒ අභියෝගය ජයගන්න මෙහි අධ්යක්ෂවරයාගේ සිටම මේ සඳහා සම්බන්ධ වෙලා ඉන්න හැමෝම මට උදව් කළා. ඒ අය නිසයි මට ඒ චරිතය ගොඩනගා ගන්න පුළුවන් වුණේ.
Q ජනප්‍රිය නිළිය වුණ නිසා ඉදිරියේදී ඔබ කාර්යබහුල වේවි නේද?
එහෙම නැහැ. මොකද මම එහෙම කාර්යබහුල වෙන්න තරම් වැඩ බාරගන්නේ නැහැ. හොඳ නිර්මාණ සඳහා පමණයි මගේ අවධානය තියෙන්නේ. ඒ වගේම මම සිනමාව පැත්තට වැඩි බරක් දීලා තියෙනවා.
Q සිනමාවට වැඩි නැඹුරුවක් තියෙන්නේ ඇයි?
මම පොඩි කාලේ ඉඳන් ගොඩක් සිනමාවට ආදරය කරනවා. ස්වර්ණම යුගයක් කියල දෙයක් අපේ සිනමාව තුළ තිබුණා. ඉතිං ඒ වගේ දෙයක් නැවත හැදෙනවා නම්, මම ගොඩක් කැමතියි.
මම දැනට සම්භාව්‍ය මට්ටමෙන් සහ වාණිජ මට්ටමෙන් සිනමා නිර්මාණ කිහිපයක් සඳහා දායක වෙලා තියෙනවා.
Q මේ ඇවිල්ල තිබෙන ගමන ගැන මොකද හිතෙන්නේ?
පාසල් කාලෙදිම ආපු නිසා සෑහීමකට පත්වෙනවා. ඒ වුණත් තව දුර ගමනක් යන්න ඕන. ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. ක්ෂේත්රයේ ප්‍රවීණයන්ගෙනුත් ගොඩක් දේවල් ඉගෙන ගෙන දිගු ගමනක් යන්න බලාපොරොත්තු වෙනවා.
Q මෙච්චර ආදරණීය විදිහට රංගනයේ යෙදෙන්නේ පාසල් යන කාලේ ආදරය පිළිබඳ අත්දැකීම් තිබිලා තියෙන නිසාද?
අනේ එහෙම නම් නෑ. චරිතය කරන්න අනිත් අයගෙන් ලැබුණු සහයෝගයත් එක්ක ඒ චරිතෙ කරන්න අමාරු වුණේ නැහැ.
Q ඒ කියන්නේ පාසල් ප්‍රේමයක් තිබුණෙම නෑ?
අනේ නෑ. මම නිදහසට හරි කැමති කෙනෙක්. පාසල් යන කාලෙ ඒ වගේ දේවල්වලට පැටලෙන්න කැමති වුණේ නෑ.
Q ජනප්‍රිය නිළිය වුණානේ, හොඳම නිළිය වෙන්න ආස නැද්ද?
ආසයි, ආසයි.