කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුධීර ජයවීරයන් රචිත 'සෙල්ෆෝන් සංස්කෘතිය' නමැති කෘතිය පසුගියදා බෞද්ධ සාහිත්‍ය සම්මාන උලෙළේදී සම්මානයට පාත්රවිය. ඒ හා බැඳුණු කාරණා මෙන්ම ලද අත්දැකීම් අලළා අපි ඔහුව 'අද' සමගින් කතාබහට එක්කර ගතිමු.
Q මුලින්ම ලද සම්මානය ගැන කතා කළොත්?
අපේ රටේ සාහිත්‍ය සම්මාන උත්සව තිබෙනවා. නාට්‍යවලට සම්මාන තිබෙනවා. නවකතාවලට තිබෙනවා. ගීතවලට තිබෙනවා. හැබැයි පර්යේෂණවලට සම්මානයක් දෙන ක්‍රියාවලියක් නෑ. අඩුම වශයෙන් බෞද්ධ සාහිත්‍ය සම්මාන උලෙළේදීවත් පර්යේෂණ කෘතියකට සම්මානයක් දෙන්න හිතපු එකවත් ඉතාම විශාල වශයෙන් අගය කරනවා. මට නෙවෙයි කාටහරි දුන්නනම් ලොකු දෙයක්. රටටයි එය ලැබෙන්නෙ.
Q 'සෙල්ෆෝන් සංස්කෘතිය' කොහොමද බෞද්ධ සාහිත්‍ය උලෙළේ සම්මානයට පාත්‍ර වෙන්නෙ
මෙයට කියන්න තියෙන්නෙ මගේ පොතට ධර්ම චක්‍රය කියල දැම්ම නම්ද මට සම්මාන හම්බවෙන්නෙ. අපි බෞද්ධයො විදියට නාමික අර්ථයෙන් හෝ බෞද්ධ කොඩියේ පාටින් විතරක් නෙවෙයි බෞද්ධයන් මැනිය යුත්තේ. අප මැනිය යුත්තේ යම් කෘතියක තිබෙන බෞද්ධත්වයේ ස්වරූපය මතයි.
Q සම්මානය ගැන මුලින්ම කතාකළොත්?
පසුගිය 05 වැනිදා පැවැත්වුණු බෞද්ධ සාහිත්‍ය සම්මාන උලෙළේදී මගේ %සෙල්ෆෝන් සංස්කෘතිය^ නම් වූ කෘතියට සම්මානයක් ලැබුණා. 2015 වසරේදී ලියවුණු කෘති සලකා බලා තමයි මේ සම්මානය දෙන්නෙ. මේ සම්මානය දෙන්නෙ ලංකාවේ බෞද්ධ සාහිත්‍ය සංස්කෘතිය සහ පර්යේෂණ ආදී සියලුම අංශ පිළිබඳ සලකා බලලයි. මෙය සංවිධානය කරල තිබුණේ බුද්ධශාසන අමාත්‍යාංශයේ සංස්කෘතික දෙපාර්තමේන්තුව සහ බෞද්ධ මහා සම්මේලනය යන ආයතන එකතුවෙලා. මේ සම්මාන උලෙ
ළේදී කෘති ගණනාවක් සම්මානයට පාත්රවුණා. ඒ අතරින් විශේෂ සම්මානයක් පිළිගන්වලා තිබුණා, මහාචාර්ය බලගල්ලේ මහතාගේ ශාස්ත්‍රීය සේවයට හා මහාචාර්ය විනී විතාරණ මහතාගේ දීර්ඝ කාලීන ශාස්ත්‍රීය සේවයට. අනිත් සම්මාන ලැබුණේ ඒ වසරේ ලියැවී තිබුණු කෘති සම්බන්ධයෙනුයි.
Q 'සෙල්ෆෝන් සංස්කෘතිය' පොත ලියවෙන්නෙ ඇයි?
මෙය රචනා වෙන්නෙ පර්යේෂණයක ප්‍රතිඵලයක් විදියටයි. අවුරුදු කිහිපයක් තිස්සේ මම කරපු ප්‍රතිඵලයක් විදියටයි එය රචනා වෙන්නෙ. මෙය ප්‍රශ්න කරන්න පුළුවන් ඇයි සෙල්ෆෝන් සංස්කෘතිය ගැන ලියන්නෙ කියල. මගේ වැටහීමේ හැටියට නම් මෑතකාලීන ලාංකේය සංස්කෘතිය වෙනස් කරන්න බලපාපු ප්‍රබලම තාක්ෂණික උපාංගය තමයි සෙල්ෆෝන් එක. පොදුවේ ගත්තාම සමාජයක් හා සංස්කෘතියක් නිරන්තරයෙන් වෙනස් වෙමින් තිබෙනවා. ඒ වෙනස්වීම දේශපාලනිකව හෝ වෙනත් ආගමික බලපෑමකින් වෙන්න පුළුවන්. මේ සියල්ල පරයා ජංගම සන්නිවේදනයේ සිදුවූ නවමු විපර්යාසයක් විදියට තමයි මෙය හඳුන්වා දෙන්න පුළුවන්. නූතන සමාජයේ ඇතිවන සමාජ වෙනස්වීම් අවබෝධ කරගන්න පුළුවන් වෙන්නෙ අපේ සම්භාව්‍ය සමාජ විද්‍යාඥයන්ගේ සමාජ දර්ශනයට වඩා තරමක් එහාට ගිහිනුයි.
හේතුව තමයි සමාජයක් යන්න පිළිබඳව අර්ථ දැක්වූ තැන සිට කලින් කරපු අර්ථ දැක්වීම් පවා අද අභියෝගයකට ලක්වෙනවා. උදාහරණයක් විදියට සමාජයක් කියන්නෙ නිශ්චිත භූමි ප්‍රදේශයක් තුළ ජීවත්වන ප්‍රජාවක් විදියට තමයි හඳුන්වා තිබෙන්නෙ. නමුත් සමාජයකට නිශ්චිත භූමි ප්‍රදේශයක් අවශ්‍ය නැති බව අද අපිට පේන්න තිබෙනවා. හේතුව තමයි පුද්ගලයා ඉතාම ඉහළ සංචරණයක් හෙවත් එහාට මෙහාට යාමක් සිදුකරනවා. මේ සංචලතාව පවත්වාගෙන යමින්ම ඒකමිතිකභාවයක් පවත්වා ගන්න තමයි ජංගම දුරකථනය මූලික දායකත්වයක් දෙන්නෙ. සමාජය චලනය වෙන අතරම ඒකකයක් විදියට පවත්වගෙන යන්න තමයි ජංගම දුරකථනය උදවු කරන්නෙ. මේ ජංගම දුරකථනය සන්නිවේදන උපාංගයක් විදියට නිර්මාණය වුණාට පස්සෙ සන්නිවේදන අවශ්‍යතා ඉක්මවා මෙය ක්‍රියාත්මක වෙනවා.
දැළිපිහිය හැදුවෙ කොණ්ඩය බූ ගාන්න වෙන්න පුළුවන් වුණාට මිනිස්සු දැළිපිහිවලින් මිනිස්සුන්ගෙ කන් කපනවා. මිනිස්සු මරනවා. ඒ වගේ ජංගම දුරකථනයත් හැදුවෙ උවමනාවකට වුණාට අද එයින් අපේක්ෂිත චර්යාවලට ඔබ්බෙන් ගිය චර්යා ගණනාවක් දකිනවා. මගේ පර්යේෂණයේ මූලික තේමාව වුණේ ජංගම දුරකථනයේ අපගාමී භාවිත මොනවාද යන්න හඳුනාගැනීමයි. එහෙම කරන්න හේතු වුණේ පුවත්පත්, ජනමාධ්‍ය ජංගම දුරකථන භාවිතය නොකළ යුත්තක් යැයි හා සමාජ ව්‍යසනයක්ය යන මතවාදය පැතිරවීම. නමුත් මගේ අදහස එය එවැන්නක් නොවේ. දුරකථනය කියන්නෙ මනුෂ්‍ය සමාජයේ ශිෂ්ටත්වයක් සඳහා තවදුරටත් ගෙන යා හැකි තාක්ෂණික මෙවලමක්.
හැබැයි එය අවභාවිත කිරීම හෙවත් අපේක්ෂිත ඉලක්කවලින් ඔබ්බට භාවිත කිරීම කොහොමද වෙන්නෙ කියනඑක පර්යේෂණාත්මකව සොයාගැනීමයි ෙමහි තිෙයන්නෙ. සාමාන්‍යයෙන් අපිට ඇහැට පේන්න තියෙන දේ ඇත්ත නම් අපි ඒක විද්‍යාත්මකව හොයන්න ඕන නෑනෙ. මට හිතෙන්නෙ ජනමාධ්‍ය හෝ වෙනත් ආයතන ඒවා වාර්තා කරන ආකාරයන්ගේ අගතියක් තිබෙනවා. බොහෝ විට ඒවා අගය විනිශ්චය කියන කාරණා මත පදනම්ව සිටිනවා. එයට ඔබ්බෙන් ගොස් විද්‍යාත්මක කාරණාවල ගොනුවී එහි තිබෙන අපගාමී චර්යා පිළිබඳ කාරණා සොයාගන්න තමයි මම උත්සාහ කළේ.
ජංගම දුරකථන ආශ්රිත සමාජ විද්‍යාවක් ලෝකෙ බිහිවෙමින් තිබෙනවා. ලෝකෙ බටහිර සාහිත්‍යය, බටහිර අපරාධ විද්‍යාව, ජංගම දුරකථන ආශ්රිත කරගත්ත මානව චර්යාවන්ගේ වෙනස්වීම් පිළිබඳව අධ්‍යයනය කරමින් ලියනු ලැබූ කෘති ගණනාවක් තිබෙනවා. ඒවා එහෙම තිබුණට අපේ රටේ ජංගම දුරකථන ගැන කරපු පළමු අධ්‍යයනය විදියට පෙනී සිටින්නේ මගේ කෘතියයි. මෙය මම පටන් ගත්තේ 2006 වසරේදීයි. අවසන් කළේ 2010 දීයි. පොත පළවෙන්නේ 2015 දීයි. එය තමයි මෙහි තිබෙන හාස්‍යය. මොකද පර්යේෂණ කෘතියක් ලියලා අවුරුදු පහකට පස්සෙ තමයි පොත ප්‍රකාශයට පත්කර ගන්න පුළුවන් වෙන්නෙ.
Q ඇයි ප්‍රකාශන ආයතන මෙම කෘතිය ගන්නෙ නැද්ද?
විවිධ ප්‍රකාශන ආයතන මේවා විකුණගන්න බැරි පොත් ලෙසයි දකින්නෙ. මොකද මේවාට මාකට් එකක් නෑ. මාකට් එකක් නැති විද්‍යාත්මක සොයාගැනීම් හරි පර්යේෂණවලට කොහේද තැනක් තියෙන්නෙ. එය තමයි ගැටලුව. අන්තිමට පිණ්සෙන්ඩු වෙලා ආයතන ගණනාවකට ගිහින් තමයි හිතවත්කම්වලින් චින්තක රණසිංහ සහ ප්‍රණීත් අභයසුන්දර සර් කියලා තමයි මේ පොත මුද්‍රණය කළේ. පොතක් ලියනෙක තමයි නිර්මාණකරුවෙකුගේ හෝ රචකයෙකුගේ කටයුත්ත. පොත අච්චු ගහනෙක එයාගෙ වැඩක් නෙවෙයි. එතකොට වැඩි පරිශ්‍රමයක් දරන්න වෙන්නෙ තමන් කරන වැඩේ සම්බන්ධයෙන් නෙවෙයි. අනුන්ට අයිති වැඩේ කරන්නයි.
පොත ටයිප් සෙටින් කරන්න, පොතේ කවර් පේජ් හදන්න, එහාට යන්න මෙහාට යන්න විතරයි. මෙය ලංකාවෙ පර්යේෂණ සම්බන්ධයෙන් තියෙන ලොකු අඩුවක්. පර්යේෂණ ප්‍රකාශන සම්බන්ධයෙන් අපේ රට දක්වන උනන්දුව අතිශ්‍ය සීමිතයි. ජාත්‍යන්තර තලයේ පර්යේෂණ සඳහා අපේ රටේ පර්යේෂකයො ඕනතරම් උනන්දු වෙනවා. හැබැයි අපේ රටට බලපාන පර්යේෂණ සම්බන්ධයෙන් අපේ අය උනන්දු වෙන්නෙ නෑ. ඒ උනන්දු නොවෙන්නෙ එයින් අත්වන ප්රතිලාභ සීමිත වන නිසයි. අපි වුණත් අන්තර්ජාතික සමුළුවකට ලියල අපිට පිටරට යන්න පුළුවන්. අන්තර්ජාතික සමුළුවකට ලියනවා ඇරෙන්න එහි පර්යේෂණ ප්‍රතිඵල මිනිස්සුන්ට උවමනා දෙයක් විදියට ජනගත කරන්න වැඩපිළිවෙළක් නෑ.
එහෙම කළේ නන්දසේන රත්නපාල මහාචාර්යතුමායි. පර්යේෂණ ප්‍රතිඵල මිනිස්සුන්ගෙ ජීවිත වෙනස් කරන්න භාවිත කරන්න යොදාගන්නෙ කොහොමද යන්නයි මගේ වෑයම. මෙය ඉංග්‍රීසියෙන් ලියලා සුද්දොන්ට කියවන්න දීලා අපිට වැඩක් නෑ. එය පාඨකයන් අතරට ගිහින් මිනිස්සු කියෙව්වොත් තමයි එයින් ප්‍රතිඵලයක් ඇතිවෙන්නෙ. එක පර්යේෂණයක් කරලා එතනින් නැවතිලා වැඩක් නෑ. පර්යේෂණ සම්බන්ධයෙන් මංමාවත් ගණනාවක් ඔස්සේ පර්යේෂණ සිදුවෙන්න ඕන. එක ක්ෂේත්රයක් ඔස්සේ පර්යේෂණ ගණනාවක් බිහිවුණොත් තමයි අලුත් දෙයක් බිහිවෙන්නෙ. ප්‍රතිඵල තහවුරු වෙන්නෙ.
මෑතකාලීන අපේ දේශපාලන ප්රවාහයේ තිබෙන ලොකුම සංසිද්ධිය තමයි සදාචාර ව්‍යවසායකත්වය.
මිනිස්සු මුකුත් නොකර රාජ්‍යය හා දේශපාලන වගකිව යුත්තන් සියලුදෙනා තමන්ගේ භූමිකාව මගහැරලා වෙනත් භූමිකා රඟපාන්න හදනවා. ක්‍රිකටර්ස්ලා සින්දු කියනවා. දොස්තරලා සින්දු කියනවා. විශ්වවිද්‍යාල ආචාර්යවරු දේශපාලනය කරනවා. දේශපාලනය කළාට කමක් නෑ. නමුත් තමන්ගේ ප්‍රධාන භූමිකාව එසේ පැවතිය යුතුයි. ඒ භූමිකාව අවුල් කරගත්තොත් රටත් අවුලට යනවා. දේශපාලකයො කරන්න ඕන ප්‍රතිපත්ති හා තීරණ ගෙන රටවැසියන්ගේ යහපත සඳහා යෙදවීම. ඔවුන් කරන්නෙ අපිට සදාචාරය උගන්නන එක. හාමුදුරුවො කරන්න ඕන වැඩේ දේශපාලකයන් කළ යුතු නෑ. මතට තිත තියන්න ඕන වගේ දේවල්. මේ සමාජය සදාචාරය ව්‍යවසායකත්වය කරගෙන ජීවත්වෙන සමාජයක් තමයි මේක.
අපේ නිෂ්පාදන නැතුව හොඳ නරක උගන්නලා ඒකෙන් ජීවත් වෙන්න හදන සමාජයක් මේක. මෙන්න මේ අවුල ලිහාගන්න නම් තම තමන් තම තමන්ගෙ භූමිකා රඟපාන්න ඕන. නමුත් අද වෙන්නෙ ලේඛකයා පොත ලියල උත්සව කරන්නත් ඕන පොත විකුණගන්න. රූපවාහිනී නාළිකාවක් මගෙන් ඇහුව ඔබේ පොත විකිණෙනවද කියල. මං කිවුව දන්නෑ කියල. විකිණෙන්න පොත් ලියන්නෙ නෑ. මං අදාළ දේයි ලියන්නෙ.