දක්ෂ රංගන ශිල්පිනියක වන දමිතා සලුවඩන අභාවප්‍රාප්ත වී ඇත. වසර 45ට ආසන්න කාලයක් රංගන වෘත්තියේ නියැලුණු ඇය ඊයේ සවස අභාවප්‍රාප්ත වි තිබෙනවා. ඇයගේ අවසන් කටයුතු හෙට බොරලැස්ගමුවේදි සිදුකිරිමට නියමිතව තිබෙනවා. වේදිකා නාට්‍ය 300ක්, ටෙලි නාට්‍ය 200ක් හා චිත්‍රපට 25කට පමණ ඇය සිය දායකත්වය ලබා දි තිබෙනවා.