දුලංජලී පෙරේරා නම් වූ මේ රුවැත්තිය වෙළෙඳ දැන්වීම් හරහා ක්ෂේත්රයට පිවිසෙන්නීය. විනෝදාංශයක් ලෙස නිරූපණ කටයුතු සිදුකරන ඇය, සිය වැඩකටයුතු පිළිබඳ කතාබහක නියැළීමට 'අද' සමග එක්වූවාය.
Q නිරූපණයට එකතු වෙන්නේ කොයි කාලෙ වගේද?
නිරූපණයට එකතුවෙලා දැන් අවුරුදු එකහමාරක් විතර වෙනවා. වෙළෙඳ දැන්වීම් මගින් තමයි මුලින්ම ක්ෂේත්රයට ආවේ.
Q ඒ පිළිබඳව ටිකක් මතක් කළොත්?
මුලින්ම සොෆ්ට්ලොජික් වෙළෙඳ දැන්වීමක් කළා. ඉන්පසු සෙලාන් බැංකුවේ එකක් කළා.
Q ඔබ නිරූපණයට එකතු වුණේ වෘත්තියක් ලෙසද නැතිනම් එය විනෝදාංශයක් ලෙස තෝරාගෙනද?
මම විනෝදාංශයක් ලෙස තෝරාගෙන තමයි ක්ෂේත්රයට ආවේ. එහෙම රැකියාවක් විදියට කරන්න බලාපොරොත්තුවක් නැහැ.
Q නිරූපණ කටයුතු සඳහා පවුල් පසුබිමෙන් ලැබෙන්නේ මොන වගේ සහයෝගයක්ද?
මගේ පවුලේ අය ඉන්නේ විදේශගතව. නමුත් ඒ අයගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා. ඒ අයගේ අකමැත්තක් නැහැ.
Q ක්ෂේත්රය ගැන මොකද හිතෙන්නේ?
හොඳ පැත්තෙන් කටයුතු කරලා ඉදිරියට යන්න අමාරුයි. නමුත් මම හිතනවා මේ ක්ෂේත්රය තුළ හොඳින් ඉන්න පුළුවන් කියලා.
Q ක්ෂේත්රය තුළ ඉන්න ලස්සන විතරක් තිබුණාම ඇතිද?
ලස්සන විතරක්ම මදි. ක්ෂේත්රය තුළ ඉන්න දක්ෂකමත් ඕන.
Q නිරූපණය පිළිබඳව ඉගෙනීමක් කරල තියෙනවාද?
නැහැ මම දැනට කරල නැහැ. ඉදිරියේදී ඒ පිළිබඳව හදාරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
Q මුලින් කළ වෙළෙඳ දැන්වීම්වලින් පසු වෙනත් නිර්මාණ සඳහා දායක වුණේ නැද්ද?
ඉන්පසුවත් මම දායක වුණේ වෙළෙඳ දැන්වීම්වලට පමණයි. මම තවම වෙනත් දේවල්වලට සහභාගී වෙලා නැහැ. ඉදිරියේදී මියුසික් වීඩියෝවක් සඳහා දායක වීමට බලාපොරොත්තු වෙනවා.
Q මොනවද ඒ වෙළෙඳ දැන්වීම්?
ක්ලෝගාර්ඩ්, පීසා, සෙලාන් බැංකුවේ වෙළෙඳ දැන්වීම් දෙකක් කළා.
Q මියුසික් වීඩියෝ සඳහා දායක නොවුණේ ඒ සඳහා අකමැත්තෙන්ද?
නැහැ. ඒවයේ චරිතය බලලා තමයි මම දායක වෙනවද නැද්ද කියන එක තීරණය කළේ.
Q එවැනි තෝරා බේරාගැනීමක් කරන්නේ ඇයි?
මම කොහොමත් තෝරලා බේරලා තමයි වැඩකටයුතු භාරගන්නේ. කොහොමත් මම වැඩකටයුතුවලට සහභාගී වීම අඩුයි. කලාතුරකින් තමයි වැඩකට සහභාගී වෙන්නේ.
Q නවකයන්ට ක්ෂේත්රය තුළ සාධාරණ වටිනාකමක් තියෙනවාද?
යම් යම් තැන්වලදී අසාධාරණකම් වෙනවා. අපි දැකලා තියෙනවා ගොඩක් දක්ෂකම් තියෙන අයට තැනක් ලැබෙන්නේ නැහැ. සමහර සුදුසු නැති අයත් ඒ වැඩවලට තෝරාගෙන තියෙනවා. ඒ වගේ අසාධාරණකම් නම් ගොඩක් වෙනවා. මම හිතන්නේ ඒක මේ ක්ෂේත්රයේ හැටි.
Q ප්රවීණයන්ගේ චෝදනාව තමයි නවකයන් නිසා ක්ෂේත්රයට යම්කිසි විනාශකාරී තත්ත්වයක් වෙනවා කියන එක. මේ චෝදනාව ඔබ පිළිගන්නවාද?
නවකයන් නිසාත් එහෙම දෙයක් වෙනවා. පරණ අයට වඩා අලුත් අය ක්ෂේත්රය ගැන දන්නෙ නැහැනේ. ඒ නිසා ඒ අය නිසා දෙයක් වෙනවා ඇති. ඒ වුණාට ක්ෂේත්රයේ නම තියාගෙන ඉන්න නවකයනුත් ඉන්නවා.
Q ටෙලිනාට්‍ය සඳහා දායක වෙන්න අදහසක් නැද්ද?
නැහැ. ඒ සඳහා බලාපොරොත්තුවක් නැහැ.
Q එයට හේතුව?
ඒ සඳහා ගොඩක් කාලය යොදවන්න වෙනවා. එක දිගට වැඩකරගෙන යන්නත් වෙන නිසා ඒක අමාරුයි.
Q ඉදිරි වැඩකටයුතු සහ බලාපොරොත්තු මොනවාද?
රැකියාවක් කරන්න බලාපොරොත්තු වෙනවා. ක්ෂේත්රයේ හොඳ නිර්මාණවලට දායක වෙන්න හිතාගෙන ඉන්නවා.
ඡායාරූප - කවීත් මිලින්ද