මේ වන විට අන්තර්ජාලයේ ආන්දෝලනාත්මක චරිතයක් වන අරිආනා ග්‍රැන්ඩේ ගායිකාවන් අතරින් ළාබාලම ගායිකාව ලෙස හැඳින්වුවහොත් එය සත්‍ය වේ. 'ළාබාලම ගායිකාව' යන අන්වර්ථ නාමය මෙතෙක් කලක් හිමිව තිබුණේ සෙලීනා ගෝමස්ටය. නමුත් මේවන විට ඇයටත් වඩා අඩු වයසකින් ගායන ක්ෂේත්රයට පිවිසි අරියානා එම ස්ථානයට හිමිකම් කීමට සමත්ව තිබෙන්නීය.
මීට වසර 06කට පෙර ගායන ක්ෂේත්රයට පැමිණි ඇයට මේ වන විට වයස අවු. 21 කි. ගායන හැකියාවෙන් පමණක් පිරිපුන් නොවූ ඇයට රංගන හැකියාව සඳහාද අවස්ථාව ලැබී ඇත. ආරිආනා 2011 වර්ෂයේ එළිදැක්වූ 'Snowflake, The White Gorilla' චිත්‍රපටය සඳහාද රංගනයෙන් දායක වූවාය. ඊට අමතරව 2013 වර්ෂයේදී 'Swindle'යන චිත්‍රපටය සඳහාද සිය රංගන දායකත්වය ලබාදෙනු ලැබුවාය.
ආරිආනා මුල්ම වශයෙන් දායක වූයේ රූපවාහිනී වැඩසටහන් සඳහාය. ඇය විසින් Nickelodeon රූපවාහිනී ආයතනයේ 'Cat Valentine' යන වැඩසටහන් මාලාව ඉදිරිපත් කරනු ලැබීය. ඉන් අනතුරුව 2011 වර්ෂයේදී ඇයගේ කුළුඳුල් ගීත ඇල්බමය වන 'Yours Truly' ගීත ඇල්බමය එළිදැක්වීය. එම වර්ෂයේදී U.S. Billboard 200 හි හොඳම ඇල්බය ලෙසද එය නම් විය.
ඇගේ දෙවැනි ඇල්බමය වන 'The Way' නම් ගීත ඇල්බමය Billboard hot 100 තුළ හොඳම ගීත ඇල්බම් 10 අතරට තේරී පත්විය. ඇගේ 2013 වර්ෂයේදී පටිගත කරනු ලැබූ 'My Everything' ඇල්බයේ ගීත 02ක් වන 'Break Free' සහ 'Problem'යන ගීත සඳහා 2013 American Music Awards හිදී 'New Artist of the Year' යන සම්මානයද හිමි විය.
2013 වර්ෂයේ පටිගත කරනු ලැබූ ඇල්බමයක් වන 'My Everything' එළිදක්වනු ලැබූවේ 2014 වර්ෂයේ අගෝස්තු මාසයේදීය. එම ඇල්බමය එළිදැක්වීමෙන් පසු '40th People's Choice Awards' හිදී 'Artist of the Year' යන සම්මානයෙන් පිදුම් ලැබීය.
අරිආනා තම ක්ෂේත්රයේ වඩාත් ආදර කරන ගායිකාවන් වන්නේ මිලී සයිරස්, ඉගී අසේලියා සහ රිහානාය. ඇය ඒ සඳහා හේතු දක්වන්නේ ඔවුන්ගෙන් ඇයට ලැබෙන ආදරයයි. ඇයගේ පෞද්ගලික ජීවිතයේ ළඟින්ම ඇසුරුකරන පිරිමි ළමයෙකු සිටින නමුත් ඇය පවසන්නේ ඔහු ඇයගේ පෙම්වතා නොවන බවයි.
ජායී බ_ක්ස් නම් තරුණයා Youtube සමුදායේ සේවය කරන්නෙකු බව ඇය පවසයි. මෙම වර්ෂයේ මැයි 01 වැනි දින අන්තර්ජාලය වෙත මුදාහැරුණු ඇගේ ඡායාරූපයක් හේතුවෙන් විවිධ මත පළ විය. එම ඡායාරූපයේ බෘක් විසින් ආරිආනාව සිපගන්නා දර්ශනයක් විය.
නමුත් කාලයක් යෑමේදී මෙම කටකතාව වෙනස් වී ආරිආනාගේ පෙම්වතා වන්නේ ජස්ටින් බීබර් බවට මත පළ විය. එයට හේතුව වන්නේ ජස්ටින් බීබර් සමග සිපගන්නා ඡායාරූප පළවීම හේතුවෙනි. මේ පැතිරුණා වූ ප්‍රචාර හේතුවෙන් එකල බීබර් සහ සෙලීනාගේ ආදර සම්බන්ධතාවද දෙදරා යන්නට ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. කෙසේ නමුත් ජස්ටින් බීබර්ගේ පෙම්වතියන්ගේ ලැයිස්තුවේ ඉඩක් අරිආනා වෙනුවෙන්ද වෙන්ව පැවති බව කිව හැකිය.