කලාව යනු විවිධ පුද්ගලයන් නොයෙකුත් ආකාරයට භාවිත කරන විෂයයකි. තමන්ට ආවේණික කලාත්මක හැකියාව වෙනස් මානයකින් ලොවට හඳුන්වා දීමට හැකි නම් අගනේය. රුසියානු ජාතික Alena Suleimanova එවැනි කලාකාරිනියකි.
ඇය කලාවට යොමුව ඇත්තේ මීට වසර කිහිපයකට පෙරයි. පාසල් සමයේ විෂයයක් ලෙස සිතුවම්කරණයේ යෙදී සිටියද තමන් පාසල් කාලයෙන් පසු කලාව පිළිබඳ එතරම් උනන්දුවක් නොදැක්වූ බව ඇලීනා පවසයි. ඇය බොහෝ ලෙස ළැදිව සිටියේ විලාසිතා නිර්මාණකරණය පිළිබඳ හැදෑරීමටය. කාලයත් සමග මේ කාරණාව ඇයගෙන් ගිලිහී ගියද පාසල් කාලයේ සිට ලැබූ අධ්‍යාපනය ඔස්සේ ඇය වෘත්තියක යෙදීමට තීරණය කළාය. ඒ අනුව ඇය සිතුවම් කලාව පිළිබඳ නැවත සිතන්නීය. %ඔයිල් පේන්ට්^ කලාව පිළිබඳ වැඩිදුර හදාරන ඇලීනා ඒ ඔස්සේ තමන්ගේ කලාගාරයක් ආරම්භ කරයි.
ඇය චිත්‍ර ශිල්පිනියකි. නමුත් ඇගේ චිත්‍ර තාත්ත්වික බවින් එහා ගිය හැඩයක් පෙන්නුම් කරයි. කැන්වස් මත සිතුවම් කරන ඇය බොහෝ සෙයින් ගනුදෙනු කරන්නේ ජලය මූලික වන නිර්මාණ සමගිනි.
ඇය මූලිකව චිත්‍ර ශිල්පය පිළිබඳ අධ්‍යාපනය ලබා ඇත්තේ බැටස් විද්‍යාලයේය. එහිදී අවුරුදු දෙකක කාලයක් එම කලාව පිළිබඳ හදාරා චිකාගෝහි School of the Art Institute යන විද්‍යාලය සඳහා මාරුවීමක් ලබා ගෙන ඇති ඇලීනා, එම පාසල තුළ Fine Arts කලාව හැදෑරු පළමු සිසුවිය ලෙසද හඳුන්වයි.
සමාජ මාධ්‍ය ඔස්සේ තම නිර්මාණ ප්‍රදර්ශනය කරන Alena Suleimanova මේ වනවිට ජනප්‍රියත්වයට පත් චිත්‍ර ශිල්පිනියක් වී හමාරය.