කඩදාසි නිර්මාණකරුවන් අප රටේ මෙන්ම ලෝකයේද බොහෝ සිටී. ඔවුන්ට ඇති ආවේණික හැකියාවන් පිළිබඳ කියා පෑමට සමහර විට අපටද වචන නොමැති විය හැකිය. කෙසේවුවත් එවැනි නිර්මාණකරණයේ යෙදෙන්නන්ගේ නාමයන් අතර ඉදිරියෙන්ම සිටින නිර්මාණකරුවෙකු ලෙස සම්මානලාභී Eiko Ojala හැඳින්විය හැකිය.
Eiko Ojala යනු තාක්ෂණික මට්ටමෙන් දියුණුව කරා යනු ලැබූ නිර්මාණකරුවෙකි. අද සෑම නිර්මාණයක්ම පරිගණකය ආශ්‍රිතව නිර්මාණය කිරීමට හැකියාව තිබේ. ඒ අතර ඇතැම් විට කවුරුන් හෝ කෙනෙකු විසින් සිදුකළ නිර්මාණයක් සොරාගෙන තමන්ගේ මෙන් ඉදිරිපත් කරන්නන්ද නැතුවාම නොවේ. කෙසේ වුවත් එවැනි ගණයට නොවැටී තම ස්වෝත්සාහය තුළින් සිය නිර්මාණකරණයේ නියැළෙන්නෙකු ලෙස Eiko Ojala හැඳින්විය හැකිය. ඔහු පරිගණකය ආශ්රයෙන් මූලික වශයෙන් කටුසටහනක් ලබාගෙන ඒ නිර්මාණයට අනුකූලව කඩදාසිවලින් තම ත්‍රිමාණ සිතුවම නිර්මාණය කරනු ලබයි.
ඔහු පිරිසුදු කඩදාසි මිලට ගෙන නිර්මාණයට අවශ්‍ය ආකාරයට හැඩතල කපා ගනිමින් නිර්මාණය අවසන් කිරීමට බොහෝ සේ වෙහෙසෙයි. Eiko Ojala යනු සම්මානලාභී නිර්මාණකරුවෙකි. 2014 වර්ෂයේදී ඇමෙරිකාවේදී පැවැත්වූ 55th Annual Illustration තරගයේ ජයග්රාහයකයාද වන්නේ මොහුය. ඊට අමතරව Art Directors Club Estonia සංවිධානය කරනු ලැබූ තරගයේ දෙවැනි ස්ථානයද, 2013 වර්ෂයේදී ඇමෙරිකාවේදී පැවැත්වූ YCN professional සම්මානයද, 2013 වර්ෂයේදී Young iIllustrators සම්මානයද හිමිකර ගැනීමට ඔහු සමත් වී ඇත.
එමෙන්ම ලෝකය පුරා ව්‍යාප්තව ඇති HSBC, Peugeot මෝටර් රථ සමාගම මෙන්ම, ලෝකයේ ඉහළ තැන්වල ඇති ආයතන 31ක් සඳහා ඔහු සිය නිර්මාණ දායකත්වය ලබා දී තීබේ. ඔහු විසින් 2012 වර්ෂයේදී ඒකපුද්ගල ප්‍රදර්ශනයක් Second Cut නමින් පවත්වන ලදී. ඉන්පසුව 2012 වර්ෂයේදී රුසියාවේදී Contemporary Estonian Poster නමින් තවත් ඒකපුද්ගල ප්රදර්ශයක්ද පැවැත්වීය. එමෙන්ම 2013 වර්ෂයේ තවත් ප්‍රදර්ශන 3ක්ද, 2014 වර්ෂයේ ඒකපුද්ගල ප්‍රදර්ශන 4ක්ද පවත්වා තිබේ.
ඔහු විසින් කඩදාසි කලාව පිළිබඳව ග්‍රන්ථයක්ද එළිදක්වනු ලැබූ අතර, ඒ 2013 වර්ෂයේදීය. එය එළිදක්වනු ලැබුවේ ප්‍රංශයේදී බව සඳහන් වෙයි. ඊට අමතරව ඔහු විසින් තවත් ග්රන්ථ 8ක් එළිදක්වා තිබේ. 2014 වර්ෂයේදී ඇමෙරිකා එක්සත් ජනපදයේ කලා නිර්මාණයන් පිළිබඳව පැවැත්වූ සම්මේලනයේදී මොහු ප්‍රධාන දේශකයෙකු ලෙසද දායක වී තිබේ. මේ සියල්ල ගත් කල ශ්‍රේෂ්ඨ නිර්මාණකරණයේ දැවැන්ත පුරුකක් ලෙස Eiko Ojala නිර්මාණකරුවා හැඳින්විය හැකිය.