සත්‍යජිත් මාඉටිපේ අධ්‍යක්ෂණය කළ 'බොරදිය පොකුණ' මේ දිනවල අති සාර්ථක ලෙස තිරගත වන සිනමාපටයකි. වසර කිහිපයකට පෙර නිර්මාණය කළ මෙම චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාවට පණ පොවනු ලබන්නේ ලාංකීය සිනමාවේ කලක් ජනප්‍රිය හා දක්ෂ සිනමා නිළියකව සිටි ඩිලානි අබේවර්ධනයි. දැනට ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ පදිංචිව සිටින ඇය සිය නවතම සිනමා රංගනය ඇතුළත් .බොරදිය පොකුණත චිත්‍රපටය පිළිබඳව 'අද' අප සමග අදහස් හුවමාරු කරගත්තේ මෙසේය.
Q වසර 12කට පෙර තමයි මේ චිත්‍රපටය නිර්මාණය වෙන්නේ. නමුත් චිත්‍රපටය ප්‍රදර්ශනය වෙන්න ප්‍රමාද වුණේ ඇයි?
සත්‍යජිත් මාඉටිපේ කියන්නේ දක්ෂ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක්. ඔහුගේ සිනමා නිර්මාණයකට දායක වෙන්න ලැබීම ගැන මම ගොඩක් සතුටු වෙනවා. මම හිතන්නේ මේ චිත්‍රපටය ප්‍රදර්ශනය වෙන්න ප්‍රමාද වුණේ ඔහු අකමැති වුණා මේ චිත්‍රපටය දර්ශන ඉවත්කරලා ප්‍රදර්ශනය කරන්න. එදා අපි රූගත කළ බොහෝ දර්ශන අදත් මේ චිත්‍රපටයේ දකින්න ලැබෙනවා.
Q මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය වීමත් සමග ඩිලානි කියන කෙනා පිළිබඳව වර්තමාන සිනමාව තුළ යළිත් කතාබහ වෙනවා?
ඇත්තටම, මට ඒ ගැන ගොඩක් සතුටුයි. අවුරුදු 12ක් කියන්නේ දිගු කාලයක්. වර්තමාන සිනමාව තුළ බොහෝ නවකයන්ගේ පැමිණීම සිදුවෙනවා. ඒ පැමිණීමත් එක්ක අපි වැනි නිළියන්ගේ මතකය බොහෝ දෙනෙකුට අඩුයි. ඒත්, බොරදිය පොකුණ චිත්‍රපටය හරහා නැවතත් ඩිලානි කියන කෙනා ගැන කතාබහ කරනවා. මේ චිත්‍රපටයට ලැබෙන ප්‍රතිචාර දිහා බැලුවාම එදා වගේම අදත් ඩිලානි කියන චරිතයට ආදරය කරන බොහෝ පිරිසක් ඉන්නවා කියල හිතෙනවා.
Q බොරදිය පොකුණ චිත්‍රපටය තුළින් යම් පණිවුඩයක් සමාජයට දෙනවාද?
ඔව්. ඇත්තටම මේ චිත්‍රපටයේ කතා තේමාව නිර්මාණය වෙලා තියෙන්නේ අද සමාජය තුළ වෙන සිදුවීම් කියිපයක් මුල්කරගෙන. මම හිතන්නේ චිත්‍රපටය නැරඹූ බොහෝ දෙනෙකුට මේ තුළින් යම් පණිවුඩයක් ලැබුණා කියල හිතනවා.
Q ලැබෙන ප්‍රතිචාරත් එක්ක නැවත සිනමාවට දායක වෙන්න අදහසක් නැද්ද?
බොරදිය පොකුණ' චිත්‍රපටය නරඹනකොට නැවතත් සිනමාවට එකතු වෙන්න ලොකු ආසාවක් ඇතිවුණා. ඒ වගේම නිර්මාණවලට දායක වෙන්නත් ආරාධනා ලැබුණා. හොඳ නිර්මාණයකට ආරාධනා ලැබුණොත් නැවතත් මම සිනමාවට පිවිසෙන්න සූදානමකින් ඉන්නවා.
Q තාමත් ඔබ කැමතිද පෙම්වතියගේ චරිතය රඟපාන්න?
වයස පිළිබඳව ගැටලුවක් නැත්නම් අනිවාර්යයෙන්ම පෙම්වතියගේ චරිතය රඟපාන්න කැමැත්තෙන් ඉන්නවා. මම මේ දක්වා ලංකාවේ රංගනයෙන් දායක වුණ චිත්‍රපට, ටෙලි නාට්‍ය ගත්තොත් ඒ හැම එකකම රඟපෑවේ පෙම්වතියගේ චරිත. තාමත් ඒ චරිතය රඟපාන්න සුදුසු රුවක් හා හැකියාවක් මා තුළ තියෙනවා කියල හිතනවා.
Q චිත්‍රපටය රූගත කරන කාලයේදී ඔබ සම්බන්ධව විවිධ කටකතා ඇති වුණා කියල රාවයක් පැතිරෙනවා. එහි සත්‍යතාවක් තියෙනවාද?
මම දන්න තරමට නම් මා සම්බන්ධ එහෙම කටකතාවක් හැදිලා නැහැ. අද නම් ජනප්‍රිය ඕනෑම කෙනෙකුට කටකතා ඇතිවෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. මම නම් ඒ සම්බන්ධව ලොකුවට හිතන කෙනෙක් නෙමෙයි.
Q නළු නිළියන්ට කටකතා හැදෙන එක ගැන ඔබට මොකද හිතෙන්නේ?
ඵල ඇති රුකටනේ ගල් ගහන්නේ. ඒක හින්දා තමයි නළු නිළියන්ට කටකතා හැදෙන්නේ. ලංකාවේ විතරක් නෙමෙයි හොලිවුඩයේ බොලිවුඩයේ වගේම වෙනත් සිනමා ක්ෂේත්රවලත් ජනප්‍රිය තරුවලට විවිධ කටකතා හැදෙනවා. සමහරක් විට ඒක ඔවුන්ගේ ජනප්‍රියත්වය වැඩි කිරීමේ ක්‍රමයක්. නමුත්, මම දකින විදිහට කටකතා හැදෙන එක සම්බන්ධව ලොකුවට හිතන්න නරකයි. අපි හොඳනම් අනිත් අය මොන දේ කිව්වත් අපිට ඒක වැඩක් නැහැ.