ඇමරිකානු සුප්රකට ගායිකා ටේලර් ස්විෆ්ට් මේ දිනවල ලොව පුරා බොහෝදෙනා අතර කතාබහට ලක්ව ඇති චරිතයක් බවට පත් වී ඇත. ඒ ඇයගේ නවතම ගීත ඇල්බමය එළිදැක්වීමත් සමගයි.
ඔක්තෝබර් 27 දින 1989 නමින් එළිදක්වන ලද මෙම ගීත ඇල්බමය ඇයගේ පස්වැනි ගීත ඇල්බමයයි. සුප්රකට පටිගත කිරීම් ලේබලයක් වන Big Machine ලේබලයෙන් ඉදිරිපත් කරන ලද මෙම ඇල්බමය ගීත 13කින් සමන්විත වන අතර විනාඩි 48 තත්පර 41ක කාලයක් වාදනය වෙයි.
මෙම ඇල්බමයෙහි ඇතුළත් ගීත කලින් පටන් බොහෝ රසිකයන් ආදරයෙන් වැළඳගත් නිසාවෙන්ම 1989 ගීත ඇල්බමය එළිදැක්වූ මුල් සතිය තුළම පිටපත් 750,000ක ප්රමාණයක් අලෙවි වී තිබේ. Billboard සඟරාව විසින් මෙම ඇල්බමය සතියක් අවසාන වන විට මිලියන 1.2ක පමණ ප්රමාණයක් අලෙවි වේ යැයි අනාවැකි පළ කළ අතර, එය සනාථ කරමින් මේ වන විට මිලියන 1.3ක් පමණ පිටපත් ප්රමාණයක් අලෙවී වී තිබේ.
මෙම ගීත ඇල්බමය මෙතෙක් සතියක් තුළ ගායිකාවක විසින් කළ වැඩියෙන්ම අලෙවි වූ ගීත ඇල්බමය බවටද පත්ව තිබේ.
අනූෂි දන්තනාරායන