අධ්‍යාපන අමාත්‍යාංශය ඉතිහාසයේ ප්‍රථම වතාවට මෑත දිනක සිට කලාව හා සුසැඳුණු නිම්වලලු පුළුල් කළේ, තම වෘත්තීය වගකීම මත සෞන්දර්ය ගුරුවරුන් ළමයින්ට ඉගෙනුම් සහ ඉගැන්වීම් ක්‍රියාවලියේ යෙදුන ස්වභාවය උරගා බැලීමට ක්‍රමවේදයක් සකස් කරමිනි. මෙහිදී රටපුරා අධ්‍යාපන කලාප මට්ටමින් තෝරාගත් ගුරුවර ගුරුවරියන්ගේ සහභාගීත්වයෙන් තරග නිර්මාණය විය. ඒ තරග පළාත් මට්ටමින් පසුගිය දිනෙක වේදිකාගතවූ අතර, මේ වනවිට ජාතික මහා තරගයකට සූදානම්ව සිටී. අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞන්දර්ය ඉතිහාසයේ ප්‍රථම වතාවට ආරම්භ කළ මෙම ගුරු තරගය මේ වනවිට දිවයින පුරා අධ්‍යාපන ක්ෂේත්රයේ කතිකාවට ලක්වූ සුන්දර කතාවකි.
කලාප හා පළාත් මට්ටමින් නිමාවූ මෙම තරගය අද (04) දේවිබාලිකා තක්සලාවේ පීඨිකාවකජාතික මට්ටමින් වේදිකාගත වේ. මෙම තරගයට ඉදිරිපත්වන ගුරුභවතුන්ගෙන් ඇතැමුන් තුන්වන හා හතරවන දශකයේ වයස් මට්ටම් වලය. ඇතැම් ගුරුභවතුන් දරුවන් දෙතුන් දෙනාගේ මව්වරුය. නමුත් මැදිවියේ පසුවන මෙම බොහෝ ගුරුවරුන්ගේ හැකියාවන් උරගා බැලීමට ආ විනිශ්චයසභාවන් පවා අමන්දානන්දනයට පත්කළ නිර්මාණශීලී හැඩතල බොහෝ පිරිසකගේ විමතිය දනවන්නටද සමත්විය.