හඬකැවීම් කලාව සිරිලකට හඳුන්වාදීමේ පුරෝගාමී මෙහෙවරක යෙදුණු ටයිටස් තොටවත්තයන් නිර්මාණය කළ සිරිලක පළමු හඬකැවීම් මැදිරිය ඒ මහතාගේ නමින් නම් කිරීමේ උත්සවය අද (14දා) පස්වරු 3.00 ට ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සහ සුජාතා තොටවත්ත මැතිණියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මම උත්සවයේ ප්‍රධාන දේශනය පවත්වනු ලබන්නේ හෘදරෝග විශේෂඥ වෛද්‍ය රුවන් ඒකනායක මහතා විසිනි.
ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කරුණාරත්න පරණවිතාන මහතා, රූපවාහිනී සංස්ථාවේ සභාපති ආචාර්ය සෝමරත්න දිසානායක යන මහත්වරුන්ද සභාව ඇමතීමට නියමිතය.
මෙම උත්සවයේදී තිළිණ රංගායතනය කාටුන් ගීත ඇසුරින් සංදර්ශනයක්ද පැවැත්වීමට කටයුතු යොදා ඇත. සභාව මෙහෙවන්නේ පුරෝගාමී හඬ ශිල්පියෙකු වන සමන් අතාවුද හෙට්ටි මහතාය. මෙම උත්සවය සංවිධානය කරන්නේ හඬකැවිම් ඒකකය සමග හඬකැවිම් සහ උපසිරැසි එකමුතුවයි.