ඒකාකාරී වට්ටෝරුගත ටෙලි නාට්‍යවලින් හෙම්බත්ව සිටින ප්රේක්ෂකයනට ජීවිතය වෙනස් මානයකින් දකින්නට සලස්වන සම්මානනීය ටෙලිනාට්‍ය අධ්‍යෂක ලලිත් රත්නායකගේ",ONE WAY"^(තනි අතට යන පාර) අගෝස්තු 16 වැනිදා සිට සෑම ඉරුදිනකම රාත්‍රි 8.30ට ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය කෙරේ.
වෙළද දැන්වීම් නිර්මාණකරණයේ යෙදී සිටින ලලිත් රත්නායක මීට පෙර නිර්මාණය කරන ලද"තෙත් සහ වියළි", %අරුංගල්^ ටෙලි නාට්‍ය මෙරට පැවති සෑම ටෙලි සම්මාන උලෙළදීම ඇගයීමට ලක්විය.
වන් වේ කියන්නෙ මොකද්ද?
මේක ඇත්තටම තනි අතට යන පාර කියන අරමුණ. එක අරමුණක් කරා මිනිහෙක් තමන්ගෙ ජීවිතේ ගෙනයාම ගැන තමයි කතාවෙන්නෙ. ඒ අරමුණ තමයි මානව හිතවාදී ගුණය. මෙහි මූලික වෙලා තිබෙන්නෙ මනෝ වෛද්‍යවරයෙක් සහ ඔහු වටා සිටින ඔහුගේ මානසික රෝගීන් සම්බන්ධව. තේජන කියන මනෝ වෛද්‍යවරයා ජීවිතයම කැපකරන්නෙ රෝගීන් සුවපත් කිරීම වෙනුවෙන්. යසසින් හරි මනසින් හරි සැලෙන්නෙ නැතුව ජීවිතයේ එකම පරාර්ථය වෙලා තියෙන්නෙ සුවපත් කිරීමේ අරමුණ. මේ මිනිසා යම් යම් සිදුවීම් පෙළක් ඉලක්ක කරගෙන තමයි %වන් වේ^ නිර්මාණය වෙලා තිබෙන්නෙ.
ඇයි මෙවැනි තේමාවක් ගෙනාවේ?
බොහෝ කලක සිට මානසික රෝහලට යාමේ පුරුද්දක් මට තිබුණා. මානසික රෝගීන් ඇසුරු කරන්න සහ කතාබස් කරන්න සහ ඔවුන්ට මගේ හිත ඇතුළේ ප්‍රේමයක් තිබුණා. මිනිස්සු විවිධ විදියට වර්ග වෙනවනෙ. කුල ආගම් හා ජාති විදියට මිනිස්සු වර්ග වෙද්දි මේ මිනිස්සු වර්ග වෙලා තියෙන්නෙ වෙනස් විදියට. මානසික රෝගීන් කියන පිරිස මිනිස්සු අතෑරල දාපු කොටසක්. ඇත්තම කිව්වොත් මානසික රෝහලට ගියොත් ඉන් සියයට අනූවක පිරිසක් පවුලේ කිසිම කෙනෙක් බලන්න එන්නෙ නෑ. එයාලට එයාල විතරයි. මැරෙන්නෙත් එහෙමයි. එකක් තමයි ලංකාව වගේ රටවල මානසික රෝගියෙක් ඉන්නව කියනෙක ගෙදරට ලජ්ජාවක් කියලයි හිතන්නෙ. මානසික රෝගයක් හැදිච්ච ගමන් එයාලව ඉස්පිරිතාලෙට ගෙනිහින් කොහොම හරි ඉස්පිරිතාලෙ නවත්තන්න. පළවෙනි දෙවෙනි සතිය බැලුවට ආයි කවදාවත් යන්නෙ නෑ. මැරෙන්නෙත් එතනමයි. එනිසා මට ඕනවෙලා තිබුණා මානසික රෝගීන් කියන කොට්ඨාසය සහ ඔවුන්ගේ අරමුණු සහ ඔවුන්ගේ අපූර්වත්වය, බුද්ධිය සහ මනස අතර සම්බන්ධය පිළිබඳව විමසා බලන්න. ඔවුන් බුද්ධියෙන් නොහසුරුවන මනස ඉතාමත්ම සුළු අවශ්‍යතා සහ කුඩා අරමුණු රැසක් අතරෙයි කැරකෙන්නෙ. එවැනි මිනිස් කොට්ඨාසයක් හැසිරවීම ඉතාම විචිත්‍රවත්. ඔවුන් ගැඹුරින් ආශ්‍රය කරද්දි සෙනෙහසක් ඇතිවෙනවා. මේක මට අවශ්‍ය වුණා මිනිස්සුන්ට ගේන්න. මානසික රෝගීන්ට මේ රෝගය ඇතිවෙලා තියෙන්නෙ මේ නිසයි, සහ මේ රෝගය ඇතිවෙන්නෙ මෙහෙමයි කියනෙක පිළිබඳ අවබෝධයක් ලබාදීමයි මගේ උත්සාහය වුණේ.
අපේ මිනිස්සු උත්සාහ කරන්නෙ මානසික රෝගයක් තියෙන කෙනාගෙන් ගැලවෙන්න නං ඒ මිනිස්සු ගැන කියවෙන ටෙලිනාට්‍යයක් බලන්න කැමති වෙයිද?
ඔව්.. මම හිතනවා මිනිස්සු මානසික රෝගීන් කියන කොටස අධ්‍යයනය කරල නෑනෙ. මේගොල්ලන්ගෙ චර්යාවන් සහ ස්වභාවයන් එකම ගණයෙහිලා තමයි සලකන්නෙ. ඉතින් යම් කිසිවෙකුට මෙය අධ්‍යයනයක් විදියට බලන්න පෙළඹුණොත් ඔහුට යම්කිසි හැඟීමක් ඇතිවෙයි කියල. එයට අපි යොදාගත් ඉදිරිපත් කරන විලාසයත් ඉවහල් වෙයි.
ඔබ වෙනස් තේමා ඇසුරු කරගෙනයි ටෙලිනාට්‍ය නිර්මාණය කරන්නෙ?
මට හැමතිස්සෙම දැනෙන දේ තමයි සාමාන්‍ය මිනිස්සුන්ගෙ ජීවිත ඒ මිනිස්සුන්ගෙ ජීවිත ගෙවෙන විදිය. ගැටීම්. ඒ ඇරෙන්න නොවිය හැකි දේවල්වලට වැඩිය ඔවුන්ගේ ජීවිතයේ තිබෙන යම් යම් සිදුවීම් විශ්වීයත්වයෙන් යුතුව ඉදිරිපත් කිරීම තමයි මගේ අරමුණ. මට දැනෙන්නෙ ඔය කියන විෂය ඇතුළෙයි. ලොකු දේවල් කතා කරනවට වැඩිය මානුෂීය දේවල් වෙතටයි අවධානය යොමුකරන්නෙ.
ඔබේ ටෙලිනාට්‍යයක් එන්නෙ වසර හතකට පසුව. සාමාන්‍යයෙන් ලංකාවෙ අවුරුද්දකට එකහමාරකට පස්සෙ එක ටෙලිනාට්‍යයක් එනවා. ඇයි ඔබ එහෙම නොවෙන්නෙ?
ටෙලිනාට්‍යවලින් ජීවත් වෙන්න ගියොත් ටෙලිනාට්‍යයක් ඉවර වෙද්දිම තවත් ටෙලිනාට්‍යයක් කරන්න වෙනවා. ඒක අවිවාදයෙන් කිවයුතු කාරණයක්. පහුගිය කාලෙ මම හිටියෙ දැන්වීම්කරණ ක්ෂේත්රයෙ. ඒ පැත්තෙන් ආර්ථික ශක්තියක් ආවම මට නිදහසේ ටෙලිනාට්‍යයක් කරන්න අවස්ථාව හිමිවුණා. නමුත් ඉදිරියේදී කොහොම වෙයිද කියන්න බෑ. තරගයක් තියෙනවා. මටත් ඉදිරියේදී ළඟ ළඟ ටෙලිනාට්‍ය කරන්න වෙයි.
ඉන් අදහස් වෙන්නෙ තරගකාරිත්වය නිසා එන වැඩ ප්‍රමාණය අඩුද?
තරගකාරිත්වය තමයි එයට බලපාලා තිබෙන්නෙ. එමෙන්ම එය අතිශය දුෂ්කරයි. ඇඩ්වර්ටයිසිංවලින් ගැලවෙන්න පුළුවන් නම් මං එපාම කියල ගැලවෙනවා. ජීවත්වෙන්න ඕන නිසයි එහි රැඳිල ඉන්නෙ. දැන් ඉතින් ඉස්සරහට ඉබේම ගැලවෙන්න සිද්ධ වෙයි.
ඇයි ඔබ එහෙම කියන්නෙ? වෙළෙඳ දැන්වීම් කලාව වෙනම තලයක්නෙ?
වෙළෙඳ දැන්වීම් කලාවෙ නිර්මාණාත්මක බව සියයට විස්සයි තියෙන්නෙ. ඉතුරු සියල්ලම මාකටිං. එය වඩා උචිත වෙන්නෙ මාකටිං චරිතවලට. කතාබහ කරන විදිය යන එන විදියෙ ඉඳලම ඇඩ්වර්ටයිසිංවලට වැදගත්. ඒ බොහෝ දේවල අපිට පිහිටලා නෑ. අපි හිටියෙ එල්ලිලා. උරුමයෙන් ලැබුණු දේවල් නෙවෙයි. ජීවත්වෙන්නයි එල්ලිලා හිටියෙ. අපි උත්සාහ කරන්නෙත් ඒක ඇතුළෙත් යම්කිසි නිර්මාණයක් කරන්න. ඒක ඇතුළෙ විශාල ගැටුම් ගොඩක්. නිර්මාණය කරන කෙනාගෙ අරමුණ වෙන එකක්. ගනුදෙනුකරුගේ අවශ්‍යතාව වෙන එකක්. සීයක් දෙනාගෙ අවශ්‍යතා මත තමයි හදන්න වෙලා තිබෙන්නෙ. එනිසා එමගින් ගැලවෙන්න පුළුවන් නම් ඇත්තටම හොඳයි.
ටෙලිනාට්‍ය තුළ මනෝ වෛද්‍යවරයා කෙබඳු අයෙක්ද?
සාමාන්‍යයෙන් බෙහෙත්වලින්ම නෙවෙයි විවිධ ක්රමෝපායන් උපයෝගී කරමින් මනස සුවපත් කරන්න ගන්නා උත්සාහයක් හැටියට තමයි මනෝ වෛද්‍යවරයාව ගෙන එන්නෙ. මුල් කාලවකවානුවෙ මානසික රෝහලක් කියන්නෙ මොකද්ද කියල හඳුන්වා දෙන්න උත්සාහ කරනවා.
පසුව කතාව ගලාගෙන යන්නෙ මනෝ වෛද්‍යවරයාට මාරුවීමක් ලැබිලා උතුරට ගියාම එහෙදි ඔහුට හමුවෙනවා රෝගීන් තිදෙනෙක්. ඒ තිදෙනා තමයි යුද සොල්දාදුවෙක්, එල්ටීටීඊ සාමාජිකයෙක් සහ එල්ටීටීඊ එකෙන් පහරදීපු ගමක සිවිල් වැසියෙක්. මේ තුන්දෙනාටම තියෙන්නෙ %පී.ටී.එස්.ඩී^ කියන රෝගය. %පෝස්ට් රොමැටික් ස්ටෝස් ඩිසෝඩර්^. එය ලෝකයේ බහුල වශයෙන් තියෙන රෝගයක්. ඇත්තටම ඒ රෝගය වැලඳෙන්නෙ යුද්ධයට සම්බන්ධ මිනිස්සුන්ට. යුද්ධයට මුහුණු දීපු සිවිල් මිනිස්සුන්ටත් මෙය බහුලව වැලඳෙනවා. ඒකට සිංහලෙන් කියන්නෙ පශ්චාත් ව්‍යසන ක්රමථය. එයට ලංකාවෙත් බොහෝ රෝගීන් ප්‍රමාණයක් ඉන්නවා. ඇමෙරිකාවෙ හමුදාවේ ලක්ෂ 10 කට මේ රෝගය වැලඳිලා. මේ රෝගය ලෝකයේ අතිශය ප්‍රචලිතයි. මෙය අපිටත් තිබිය හැකියි. එය කාරණයේදී තමයි ගැටුම හදල තියෙන්නෙ. මෙම රෝගය වැලඳුණු පුද්ගලයන් තිදෙනා සුවපත් කිරීමට වෛද්‍යවරයා දරන උත්සාහය තමයි මෙම නාට්‍යයෙන් උත්සාහ කරන්නෙ. ඔහුට මේ තිදෙනා රෝගීන් තිදෙනෙක් විතරයි කතාවේ තියෙන ගැඹුර එයයි. පුත්තලමේ තමයි රූගත කිරීම් කළේ. අමාරුම වුණේ මානසික රෝහල ගන්න වැඩේ. ගයාන් මෙන්ඩිස් අධ්‍යක්ෂකතුමා ලබාදුන් අවසරය සිහිපත් කළ යුතුයි. නමුත් එය අතිශය දුෂ්කර කටයුත්තක් වුණා. පසුව අපිට සිද්ධවුණා මානසික රෝහලක් හදන්න. වත්තල ලාදුරු රෝහලේ හිටපු වෛද්‍යවරයා එම රෝහලේ කොටසක් ලබාදුන්නා. අපි එහි මානසික රෝහලක ස්වභාවය නිර්මාණය කළා. උතුරට සුදුසු පරිසරයක් පුත්තලමේ රූගත කිරීම් කළා. මෙහි විශේෂත්වය තමයි වේදිකාවෙ ඉන්න දක්ෂම තරුණ නළුවො විශාල පිරිසක් රඟපානවා. ඊට අමතරව පුබුදු චතුරංග, ලක්ෂ්මන් මෙන්ඩිස් වැනි පිරිස් සිටිනවා.
මේ වෙලාවෙ ප්‍රවණතාව යන්නෙ වෙන පැත්තක. ඔබට තරග කරන්න වෙන්නෙ ඒ පිරිසත් එක්ක?
මට ඇත්තටම හිතෙන දෙයක් තමයි %තෙත් සහ වියළි^ නාට්‍යය සහ %අරුංගල්^ කරන කාලෙටත් වැඩිය මෙගා පවතිද්දිත් වෙනස් නාට්‍ය කරන්න තරුණ පිරිස් පෙළඹිලා ඉන්නවා. මම ඒවාට යටි හිතින් කැමතියි. එවැනි නිර්මාණශීලී නාට්‍ය අතර මගේ නාට්‍යය තියෙනවා දකින්නත් මං කැමතියි.
නිෂ්පාදනය - එච්.ඩී ප්‍රේමසිරි, බන්දුල ඒකානයක, චන්න ප්‍රනාන්දු, බණ්ඩාර ඇහැලියගොඩ
තිර රචනය සහ අධ්‍යක්ෂණය - ලලිත් රත්නායක
කැමරා අධ්‍යක්ෂණය - සජිත වීරප්පෙරුම
සංස්කරණය - ඉන්දික ජයවර්ධන
සහය අධ්‍යක්ෂණය - චන්දන ඉරුගල් බණ්ඩාර
සංගීත අධ්‍යක්ෂණය - නාලක අංජන කුමාර
කලා අධ්‍යක්ෂණය - අරුණ මැදකුඹුර
අංග රචනය - වසන්ත විට්ටච්චි
නිෂ්පාදන කළමනාකරණය - සුසන්ත බී. නරසිංහ
ගීත රචනය - බණ්ඩාර ඇහැලියගොඩ, පොට්ටුවිල් අස්මින්
ගීත ගායනය - කෝලිත භානු දිසානායක, සූරියකුමාර් මුත්තලගේ, නාලක අංජන කුමාර, දිලීකා අබේසේකර
රංගනය - පුබුදු චතුරංග, සංජීව උපේන්ද්‍ර, චාන්දනී සෙනෙවිරත්න, නිරංජනී ශන්මුගරාජා, රාජා ගණේෂන්, ප්‍රියන්ත සිරිකුමාර, ලක්ෂ්මන් මෙන්ඩිස්, වසන්ත විට්ටච්චි, ප්‍රේමා පතිරාජ, අතුල පතිරණ, කළණ ගුණසේකර, තුසිත ලක්නාත්, ජෙහාන් ශ්‍රීකාන්ත අප්පුහාමි, සුලෝචනා වීරසිංහ, නිමල් ජයසිංහ, මාලින්ද සෙනෙවිරත්න, ජයනාත් බෝධිහන්දි, සමන්ත කුමාර ගමගේ, ධනුෂ්කා ඉරෝෂනී, නදීශා මල්ශානි රූපසිංහ, උපුල් මහානාම, එස්.අයි සමරක්කොඩි, කමලශ්රී මෝහන් කුමාර්, ටී.ලූකස්, මහේෂ්වරී රත්නම්, මයෝමී කාංචනා, සැන්ඩ්‍රා කොඩිතුවක්කු, එස්. සත්‍යන්, වසන්ත මොහන්දිරම්, රංජිත් රූබසිංහ, බර්ටි නිහාල් සුසිරිපාල