ජාතික චිත්‍රපට සංස්ථාවේ 19 වැනි සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති හා ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ජයන්ත ධර්මදාස මහතා පත්කොට තිබේ. අද සවස 3.00 ට පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ජනමාධ්‍ය අමාත්‍යාංශ වැය ශීර්ෂය අතරතුර පත්වීම් ලිපිය ලබාදීමට නියමිත බව පැවසෙයි.
ජයන්ත ධර්මදාස මහතා ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයා බවට පත් වූ සිවුවැනි අවස්ථාව මෙය වන අතර ඔහුගේ තෙවැනි නිල ධුර කාලය 2011 වසරේදී අවසන් විය.
2011.12.21 වැනි දින චිත්‍රපට සංස්ථාවේ 18 වැනි සභාපතිවරයා ලෙස පත්වූ අශෝක සේරසිංහ මහතාගේ ධුර කාලය ඊයෙන් (13දා) අවසන් වීමෙන් පසු ඔහු සංස්කෘතික අමාත්‍යාංශ උපදේශක තනතුරකට පත්කොට තිබේ. ඔහුද චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයා ලෙස අවස්ථා දෙකකදී කටයුතු කොට තිබේ.
ජාතික චිත්‍රපට සංස්ථාවේ අභිනව සභාපති ජයන්ත ධර්මදාස මහතා නිල වශයෙන් වැඩ භාරගැනීම එළඹෙන 17 වැනිදා උදෑසන 10.00ට සිදුකිරීමට නියමිත අතර, එහිදී කලාකරුවන් විසින් ඔහු පිළිගැනීමේ උත්සවයක්ද සංවිධානය කොට තිබේ.
ජයන්ත ධර්මදාස මහතා
අශෝක සේරසිංහ මහතා