පසුගිය දිනවල ශ්‍රී ලංකාවේ අන්තර්ජාලය තුළ උණුසුම් පුවත් මැවූ නටාෂා රත්නායක මේ වනවිට විශාල ප්‍රසිද්ධියක් හිමි කරගෙන සිටියි. ඒ ශ්‍රී ලාංකික කිම් කාඩේෂියන් ලෙස හඳුන්වමින් අන්තර්ජාලය තුළ සංසරණය වූ ඇගේ ඡායාරූප එකතුව නිසාවෙනි. කර්ම චිත්‍රපටයේ ගීතයත් සමගින් සිංහල රසිකයන් අතරට පැමිණි ඇය බොහෝ සේ ජනප්‍රියත්වට පත් වී සිටියේ ඉංග්‍රීසි ගීත ගායනා සඳහාය. මේ දිනවල රුසියානු සංචාරයක් සඳහා සහභාගී වීම සඳහා සූදානම් වන ඇය අද සමග කළ කතාබහකි මේ.
Q මේ දිනවල ප්‍රධාන වැඩ කටයුත්තක් සඳහා දායක වෙනවා නේද?
මේ දිනවල ප්‍රධාන කාර්යය තමා රුසියාවේ සංචාරයක් සඳහා වීම. මේක ජාත්‍යන්තර මට්ටමේ පවත්වන සංගීත තරගයක්. මට ඒ සඳහා ආරාධනා කර තිබෙනවා ප්‍රධාන විනිශ්චයකරුවෙකු ලෙස විනිශ්චය මණ්ඩලයට සහභාගී වෙන්න. ඊට අමතරව එහි අවසාන තරගයේදී මට %guest performer^ කෙනෙක් ලෙසටත් ආරාධනා කර තිබෙනවා. මේ දේ මට විතරක් නොවේ, ලංකාවටත් ලොකු ආඩම්බරයක්. ඉතිං ඒ වැඩ කටයුත්ත තමයි මූලික විදිහට කරගෙන යන්නේ. මේ වැඩ කටයුතු අතරේ මගේ අනෙකුත් ඉවෙන්ට්ස් සහ රෙකෝඩින් වැඩ කටයුතු කරගෙන යනවා.
Q ඔබ දැනට ලංකාව තුළත් විනිශ්චය මණ්ඩල සාමාජිකාවක ලෙස කටයුතු කරනවා නේද?
මම ලංකාව තුළ විනිශ්චය මණ්ඩල සාමාජිකාවක ලෙස කටයුතු කරන්නේ Yes Super Star තරගාවලියේයි. එහි අවසන් අදියර අගෝස්තු මාසයේ පැවැත්වෙනවා.
Q මේ වනවිට ඔබ ඒකපුද්ගල ගීත කොපමණ ප්‍රමාණයක් එළිදක්වා තිබෙනවාද?
ගීත 18 ක් එළිදක්වා තිබෙනවා. එම ගීත අතරින් ගීත 05 ක් ජාත්‍යන්තර මට්ටමේ ප්‍රචාරය වෙනවා. ඇමෙරිකාවේ එක්තරා ආයතනයක් තිබෙනවා ලෝකයේ තිබෙන හොඳ මට්ටමේ ඉංග්‍රීසි ගීත එක්කොට එක් සී.ඩී. නිර්මාණය කරන. ඉතිං එම ආයතනයෙන් ලෝකය තුළ subscribe කරන රේඩියෝ ආයතන සඳහා එම CD එක ලබාදෙනවා. ඒ අනුව තමයි මගේ ගීතත් ලංකාවේ සහ ලෝකය පුරා ප්‍රචාරය වෙන්නේ. ජාත්‍යන්තර මට්ටමේ ගායිකාවන් වන බියොන්සේ, ලේඩි ගාගා වැනි ගායිකාවන්ගේ ගීත අතරේ මගේ ගීතත් ප්‍රචාරය වෙනවා. මම හිතනවා ඒ කාරණාව හින්දා ලංකාවට ලොකු වටිනාකමක් හම්බ වෙනවා කියලා. මේ හේතුව නිසා ඇමෙරිකාව, යුරෝපය, මැද පෙරදිග රටවල සහ ආසියානු රටවල මගේ ගීත ඉතාමත් ජනප්‍රිය වුණා.
Q ලංකාවේ මාධ්‍ය ආයතන ඔබේ ගීත ප්‍රතික්ෂේප කරනවාද?
මගේ ගීත මම ගිහින් ගුවන්විදුලි නාලිකාවලට බාරදුන්නොත් ඒවා ප්‍රතික්ෂේප වෙයි. මොකද ඒ ගීත ලංකාවේ නිෂ්පාදන නිසා. නමුත් ජාත්‍යන්තර මට්ටමෙන් එම ගීත ලේබල් වූ පසු, ඒ සඳහා වටිනාකමක් තිබෙන නිසා ලංකාව තුළ ප්‍රචාරය වෙනවා. ජාත්‍යන්තර මට්ටමේ ඇගයීමක් ලැබුණු නිසා මගේ ගීතත් දැන් වර්ණනා කරනවා. නමුත් ඒ කාලෙ වගේ නොවෙයි, දැන් ලංකාව තුළ ඉංග්‍රීසි සඳහා තැනක් ලබාදෙනවා. ඉන්දියාව, ඇමෙරිකාව වැනි රටවල තම දේශීය මට්ටමෙන් නිර්මාණය වන ගීත සඳහා ප්රමුඛ තැනක් ලබාදෙනවා. අපේ සංස්කෘතිය සහ සිතන ක්‍රමය නිසා තමයි ඉංග්‍රීසි ගීත සඳහා තැනක් නොලැබෙන්නෙ කියලයි මම හිතන්නේ.
Q ඔබ නිර්මාණය කර ඇතී සියලු ගීත සඳහා රූප රචනා නිර්මාණය කර තිබෙනවාද?
රූප රචනාවක් නිර්මාණය කර තිබෙන්නේ Take it off කියන ගීතය සඳහා පමණයි. මගේ නවතම ගීත 02 ක් පමණ මේ අවුරුද්දේ අනිවාර්යයෙන් එළිදක්වනවා. ඒ සඳහා රූප රචනාවක් කිරීමටත් බලාපොරොත්තු වෙනවා.
Q ඔබගේ වෘත්තීය කුමක්ද?
මගේ වෘත්තීය කලාව. මම මුලින්ම ක්ෂේත්රයට පැමිණියේ නිරූපණ ශිල්පිනියක් ලෙසයි. නිරූපණ ක්ෂේත්රයේ යෙදෙන ගමන් තමයි මම සංගීතය සඳහා යොමුවුණේ. ඉතිං දැන් නිරූපණ පැත්ත මඟහැරිලා තියෙන්නේ මගේ කාර්යබහුලත්වය නිසයි. මම දැන් මූලික තැන ලබාදෙන්නේ සංගීත කටයුතු සඳහායි.
Q ඔබ පසුගිය දිනවල අන්තර්ජාලයේ ඉතාමත් ජනප්‍රියත්වයට පත්වුණා නේද?
ඔව්, මමත් දැක්කා ඒ දේ ගැන. විවිධ වෙබ් අඩවිවල මම ශ්‍රී ලංකාවේ කිම් කාර්ඩේෂියන් ලෙස හඳුන්වා දී තිබෙනවා. ඇත්තටම මට ඒ ගැන කිසිම අදහසක් නැහැ. මම දකින්නෙ මගේ Facebook පිටුවේ සහ Instagram හරහා පළකරන ඡායාරූප සහ වීඩියෝ මගින් එම වෙබ් අඩවි එවැනි තීරණයක් සඳහා එන්නේ ඇති කියලයි. මම ඒ දෙවල්වලින් පෙන්වන්නේ මගේ ජීවන විලාසිතාවයි. මම ව්‍යායාම් කරන්නේ වෙන දෙයක් බලාපොරොත්තුවෙන් නොවෙයි. මම Workout වීඩියෝ අන්තර්ජාලයට එක්කරන්නේ, ගොඩාක් අය දරන මතයක් තමයි කාන්තාවක් ව්‍යායාම් කරපුවහම පිරිමියෙක් වගේ වෙනවා කියන එක. මස්පිඩු ශක්තිමත් වෙනවා, ඒ දේ නිසා බාහිර පෙනුම වෙනස් වෙනවා කියන එක මිත්‍යාවක්. පිටරටවල සහ අපේ රටේත් ව්‍යායාම් කළ පසුව පිරිමියෙක් ලෙස මතුපිටින් පෙනෙන අය ඉන්නවා. ඒ අය හෝමෝන එන්නත් කරගන්නවා. එවැනි දේවල් නිසයි ශරීරිය සම්පූර්ණ වශයෙන් වෙනස් වෙන්නේ.
Q ඔබ ව්‍යායාම පමණක්ද සිදුකරන්නේ? බාහිරින් හෝමෝන එන්නත් කරගන්නෙ නැද්ද?
සම්පුර්ණ වශයෙන් මම කරන්නෙ ව්‍යායාම පමණයි. මම එවැනි දෙයක් කරන්නෙ මම ප්‍රසංගවල ඉදිරිපත් කිරීම් කරද්දි මට මහන්සිය දැනෙන්නේ නැහැ. ඒ සඳහායි මම ව්‍යායාම් කරන්නේ. මොකද මම ප්‍රසංගවල ගීත ගායනා කරද්දි සමහර විට නර්තනයේ යෙදෙන්න සිදුවෙනවා. එවිට මට මහන්සියක් දැනෙනවා නම් මගේ ඉදිරිපත් කිරීම අසාර්ථකයි. එමනිසා මගේ ශරීර සෞඛ්‍යය හොඳින් පවත්වාගන්න තමයි මම ව්‍යායාම් සඳහා යොමුවන්නේ.
Q ඔබ සම්මාන දිනූ ගායිකාවක් නේද?
දැනට සම්මාන හතරක් මට ලැබිලා තියෙනවා. ලංකාවේ පැවැති Homegrown සම්මාන උලෙළේදී Most Popular song of the year සම්මානය සහ ඊට අමතරව Best Movie Music Video Award 2012, Best Hip hop, Reggae or Rap Track of the year 2013, Lister"s Choice Award 2013 යන සම්මාන මට ලැබිලා තිබෙනවා.
Q සිනමා ක්ෂේත්රය එකතුවෙන්න අදහසක් නැද්ද?
මට චිත්‍රපට සඳහා රංගනයෙන් දායක වෙන්න ගොඩක් ආරාධනා ලැබී තිබෙනවා. ඊට වඩා ආරාධනා ලැබී තිබෙන්නේ චිත්‍රපටවල පසුබිම් ගීත ගායනා සඳහායි. ඒ නිසා මට කියන්න බැහැ මම චිත්‍රපට ක්ෂේත්රයට දායකවෙන්නේ නැහැ කියලා. මට ගැළපෙන සහ ඒ චරිත සඳහා සාධාරණයක් ඉෂ්ට කරන්න පුළුවන් කියලා හිතෙනවා නම් මම ඒ සඳහා මගේ කැමැත්ත දෙනවා මම දායක වුණු කර්ම චිත්‍රපටය සමාජයට පණිවුඩයක් දෙන චිත්‍රපටයක්. එවැනි ගුණාත්මක චිත්‍රපටයක් ලැබුණොත් මම ගායනයෙන් දායක වෙනවා. චිත්‍රපට රංගනය කියන්නෙත් වෙනම කලාවක්. ඉතිං එවැනි දෙයක් සඳහා සාධාරණයක් කරන්න බොහෝ කැපකිරීම් කරන්න සිදුවෙනවා.
Q ඔබ මෙතෙක් පැමිණි ගමනට ලැබුණු සහයෝගය ගැනත් සිහිපත් කළොත්?
මට පළමුවෙන් සහයෝගය ලබාදෙන්නේ දෙවියන් වහන්සේ. ඊළඟට මගේ පවුලේ අය ගොඩාක් සහයෝගයක් දෙනවා. ඊට අමතරව මගේ යහළුවෝ. යහළුවන් කිව්වට මගේ අතේ අඟිලි ගාණෙන් ගණන් කරලා ඉවර කරන්න පුළුවන් යහළුවන් පිරිසක් තමයි මට ඉන්නෙ. මේ ක්ෂේත්රයේ ඉන්නකොට හැමෝමත් එක්ක යහළුවන් වෙලා ඉන්න ඕනේ. නමුත් ගොඩක් අය යහළුකමින් වෙනත් ප්‍රයෝජන ගන්න උත්සාහ කරනවා. නමුත් ගොඩක් අයත් එක්ක එකමුතුවෙන් ඉන්නවා. මම යහළුවන් තෝරාගන්නේ පලතුරු ගහකින් හොඳ පලතුරක් තෝරාගන්නා ආකාරයටයි.
ඡායාරූප - මිහිර බණ්ඩාර