ජනවාරි 08 වැනිදාට යෙදෙන ජනාධිවරයාගේ පදවි ප්රාප්තියේ දෙවැනි සැමරුම් දිනයේ සිට කලාකරුවන්ට විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට නියමිත බව සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ පූර්ණ අනුග්‍රහයෙන් ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය විසින් කලාකරුවන් උදෙසා විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට නියමිතය.
විශ්‍රාම වැටුප් ක්‍රමය පිළිබඳව, අභ්‍යන්තර කටයුතු සංස්කෘතික හා වයඹ සංවර්ධන අමාත්‍ය එස්.බී.නාවින්න මහතා හා සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන අමාත්‍ය එස්.බී.දිසානායක යන මහත්වරුන්ගේ මගපෙන්වීමෙන් ආයතන දෙකේ බලධාරීන් අතර පැවති සාකච්ඡාවකදී විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් ලක්ෂ 444 ක් ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලය වෙත ලබාදීමට සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව එකඟවී තිබෙන බව එහි සභාපති කීර්ති සුරංජිත් මාවැල්ලගේ මහතා පවසයි.
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් ප්‍රතිලාභී කලාකරුවන් පිරිස තෝරාගැනීමට නියමිතය. මෙම විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය සඳහා වයස 23 සිට 55 දක්වා වන කලාකරුවන්ට දායකත්වය ලබාගත හැකි අතර එසේ පළමුව දායකවන්නන් හට ප්රතිලාභ ලබන පළමු දිනයේදී රුපියල් 50,000 ක විශේෂ බෝනස් දීමනාවක් ද සහිතව ප්රතිලාභ ලබාදීමට නියමිතය.
මෙහි ප්රතිලාභ ලබන කලාකරුවන් සඳහා අර්ධ අබාධිත, පූර්ණ ආබාධිත හා මරණය වැනි අවස්ථාවන්හීදී ඉතා විශාල පාරිතෝෂිත මුදල් හිමිවන බවද සභාපතිවරයා කියයි.