පසුගිය දෙදින නිල සංචාරයක් සඳහා පෙරෙයිදා (16 දා) ශ්‍රී ලංකාවට පැමිණි චීන ජනපති ෂී ජින්පින්ග් සමග එම ආර්යාව පෙන්ග් ලියුන්ද ලංකාවට පැමිණියාය. පෙන්ග් ලියුන් යනු චීන ජනප්‍රිය ගායිකාවකි. 18 වන වියේදී හමුදා සේවයට බැඳී සේවය කරන කාලය තුළදී ඇගේ ගායන හැකියාව සඳහා විශේෂ තැනක් හිමි වූවාය.
වශයෙන් කටයුතු කළ ලියුන් එරටට ආවේණික වූ ජන සංගීතය හදාරා සම්ප්‍රදායික සංගීතය වෙනුවෙන් පළමු ශාස්ත්‍රපති උපාධියද ලැබූ තැනැත්තියකි. ලෝකයේ ඉමහත් කතාබහට ලක්වූ 1989 ජූනි මාසයේ ටියානන්මෙන් චතුරස්රයේ ඇතිවූ උද්ඝෝෂණය වෙනුවෙන් ගීතයක්ද නිර්මාණය කොට ඇය ගායනා කළාය. ඇයගේ එම ගීතය පිළිබඳ අන්තර්ජාලය හා මාධ්‍ය තුළ කතාබහට ලක්වූ අතර, 1989 නිකුත් වූ හමුදා සඟරාවකද ඇගේ ඡායාරූප පළවී තිබුණි.
ඇය අවු. 25 සම්පූර්ණ වන විට චීන ජනාධිපති වන ෂී ජින්පින්ග් සමග විවාහ වූවාය. ඇයගේ දියණිය වන ෂී මින්ග්සී 1992 වර්ෂයේදී උපත ලැබුවාය. 2013 වර්ෂයේ මාර්තු මාසයේ සිට ඇගේ ස්වාමියා වන ෂී ජින්පින්ග්ට ජනපති වරමද හිමිවිය.