පුද්ගලයෙකුට පහරදීමේ චෝදනා මත පොලීසියට බාර විමෙන් පසුව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ගායක තිලංක විදූෂ (චිලී) ඇප මත නිදහස් කිරීම කඩුවෙල මහේස්ත්රාත් ධම්මික හේමපාල මහතා අද (25දා) නියෝග කළේය.
රුපියල් 10000ක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මහත ඔහු මුදා හළේය. නඩුව නැවතත් 2017 වසරේ ජනවාරි 24 දා කැඳවීමට නියමිතය.