අභාවප්‍රාප්ත ප්‍රකට චිත්‍රපට සහ ටෙලි නාට්‍ය නිෂ්පාදකයෙකු හා චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වූ ධම්මික සිරිවර්ධන මහතාගේ අවසන් කටයුතු එළඹෙන ඉරිදා (20දා) සවස 6.00ට ගල්කිස්ස පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.
ආලංකුලම චිත්‍රපට යටතේ රෝස කැලේ, ආසයි මං පියාඹන්න, කිං හන්තර්, සුවඳ දැනුණා ජීවිතේ යන චිත්‍රපට ඔහු විසින් නිෂ්පාදනය කරන ලද අතර පායා එන්න හිරුසේ ඔහුගේ පළමු හා එකම චිත්‍රපට අධ්‍යක්ෂණය වේ. ධම්මික සිරිවර්ධන මහතා ටෙලි නාට්‍ය 20 ක් පමණද නිෂ්පාදනය කොට තිබේ.
කොළඹ රෝහලකදී පෙරේදා (15දා) අභාවප්‍රාප්ත වූ ඒ මහතාගේ දේහය මේ වනවවිට අනුරාධපුර පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර තිබෙන අතර, අද (17දා) රාත්‍රියේ ගල්කිස්ස-හුරුදාගොඩ මාවතේ පිහිටි නිවසට ගෙන ඒමට නියමිතය.එළඹෙන ඉරිදා (20දා) සවස වනතෙක් දේහය එම නිවසේ තැන්පත් කර තැබේ.