සංගීතයේ ක්ෂේත්‍ර ගණනානාවකම දක්ෂතා දැක්වූ මෙන්ම ඇමෙරිකානු සංගිතයේ විශිෂ්ඨ පුද්ගලයෙකු ලෙසින් හැඳින්වෙන පොප් ගායක ප්‍රන්ස් සිය දිවියෙන් සමුගෙන තිබේ.
ඔහු ඊයේ (22දා) සිය දිවියෙන් සමුගෙන ඇති බව ඇමෙරිකානු මාධ්‍ය වාර්තා කරයි. ලෝක ප්‍රසිද්ධ වූ "Purple Rain" හා "When Doves Cry,"යන ගීතයන්හි හිමිකරුවා වන ප්‍රින්ස් ජෑස්, ෆන්ක්, ආර් ඇන්ඩ් බී හා රොක් යන ක්ෂේත්රයන්හි දක්ෂතා දැක්වීය.
ග්‍රැමී සම්මාන හතක හා එක් ඔස්කාර් සම්මානයක හිමිකරුවෙකු වෙන ප්‍රින්ස් මිය යන විට 57 වැනි වියේ පසුවිය. ඔහු නිවසේ මිය ගොස් සිටි බව මාධ්‍ය වාර්තා කරයි. කෙසේ වෙතත් ඔහුගේ මරණය පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට පොලීසිය කටයුතු කර තිබේ.
ගේය පද රචකයෙකු මෙන්ම ගිටාර් වාදකයෙකු ලෙස ඔහු පසුගිය වසර කිහිපය තුළදී සිය දක්ෂතා ලෝකයට ප්‍රදර්ශනය කළේය. ප්රන්ස්ගේ හදිසි වියෝව පිළිබඳව අදහස් දක්වන ඇමෙරිකානු ජනපති බැරක් ඔබාමා පවසන්නේ වර්තමානයේ ලෝකයේ සිටි අනගි සංගීතඥයෙකු ලෙස හැදින්විය හැකි බවයි.
VIDEO