කැලණිය විශ්වවිද්‍යාලයේ සහකාර කථිකාචාර්යවරයෙකු ලෙසත් මාධ්‍යවේදියෙකු ලෙසත් කටයුතු කරන ගයාන් මධුසංඛ විසින් රචනා කළ “යුද වාර්තාකරණය සහ ඡායාරූප ජනමාධ්‍යවේදය” ග්‍රන්ථය එළිදැක්වීම පසුගියදා කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජීය විද්‍යා පීඨ නව ශ්‍රවණාගාරයේදී සිදුකෙරිණි. මේ සටහන සිදුකෙරෙන්නේ එම අවස්ථාවේදී මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සිදුකළ දේශනය ඇසුරෙනි.
යුද්ධයකදී මුලින්ම මිය යන්නේ සත්‍යයි. අන් සියල්ලටම වඩා වේදනාවට, පරපීඩනයට, ඉච්ඡාභංගත්වයට, දුක, අහිමිවීම්, අතිවිශාල ප්‍රමාණයක් හිමි කරමින් සතුට හා ජයග්‍රහණය ඉතා සීමිත ප්‍රමාණයක් සමාජයට දායාද කරමින් යුද්ධයක් නිමා වේ. මේ ගෙවී යන මොහොත වන විටත් ලොව පුරා ප්‍රධාන නගරවල මෙන්ම ප්රාදේශීයවද සිවිල් මට්ටමේ යුද්ධ එකසිය හැත්තෑවකට වැඩි ප්‍රමාණයක් සිදුවෙමින් පවතිනවා.
ලංකාවේ 1818දී ඇති වූ ප්‍රථම නිදහස් අරගලය වැඩිම දේශප්‍රේමීන් ප්‍රමාණයක් රටට අහිමි කළ යුද්ධය ලෙස ඉතිහාසයේ සඳහන් වෙනවා. මේ ඒ ගැන ලියැවුණු එක් වාර්තාවක සඳහනක්.
ඉංග්‍රීසි ආණ්ඩුවට විරුද්ධව යුද වැදුණු යුද සිරකරුවෝ දළදා මාළිගාවට ඈතින් වූ බෝගම්බර වැව අසල වදක භූමියට කැඳවාගෙන එමින් තිබුණි. මළ බෙර හඬ ඈතින් ඇසෙයි. නගර හා ගම්වැසියෝ කම්පාවෙන් නිහඬව බලා සිටියි. වතුර පොදක් ඉල්ලා ගන්න සිරකරුවන්ගේ ඉල්ලීම මත දළදා වහන්සේ නැමදීමට ඔවුන් රැගෙන ගියේය. බොහෝ වේලාවක් දණ නමස්කාර කොට ගෙන සිටි කැප්පෙටිපොළ මහනිලමේ නැගිට සෝවර්වරයෙකු දෙස හැරී බලා මෙසේ කීවේය. %මම අවසන් වරට සිදුකරන මෙම පූජාවෙන් අත්වන පිනෙන් කොටසක් ඔබටද ලැබේවි^. එසේ ඉණෙහි පැලඳ තිබූ තොප්පිය ගලවා දළදා වහන්සේට ජූජා කර එය කිළිටි උවද එයින් ලැබෙන කුසලයෙන් අතිමහත් ප්රතිලාභ ලැබෙන බව ඔහු කීවේය.
වදකයා තියුණු කඩුපහරක් බෙල්ලට එල්ල කළේය. ඒ මොහොතේ %අරහං^ යන වචනය ඔහුගේ මුවින් පිටවිණ. දෙවන පහරින් ප්‍රාණය නිරුද්ධ විය. දෙවැනි පහරින් හිස කඳින් වෙන් වුණි. කඳ කොටස යළි ඉහළට නැංවිණි. ලේ කඳක් ඉහළට විහිදිණි. ඉන්පසු කඳෙන් වෙන් වූ කොටස උඩරට සිරිතට අනුව ළය මත තබන ලදී*.
(උපුටා ගැනීම -
මාෂල්ගේ සටහන (1818 කැරැල්ලේ ඉංග්‍රීසි ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටි යුද හමුදාවේ ප්‍රධාන වෛද්‍යවරයාය)
මෙලෙස ඡායාරූප නොමැති යුගයක තමන් දකින දෙය වඩාත් විස්තරාත්මකව ඊළඟ පරම්පරාව වෙත ප්රදානය කළ මේ ලේඛනය මානව සමාජයේ එක් යුගයක සිහිවටනමය අත්දැකීමක් බවට පත්වන්නේය. මෙවැනි අත්දැකීම් දහනවවැනි ශත වර්ෂයේදී ලෝකයේ තිබූ ජාත්‍යන්තර ගැටුම් හමුවේ විවිධ ලේඛකයන් ලියා තිබෙන සටහන්වලින් අපිට තේරුම් ගත හැකිය. දහනවවැනි ශතවර්ෂයේ අගභාගය වන විට කාර්මික තාක්ෂණය සංවිධානය වීම සමග මුද්‍රිත කලාව ලෝකයට ජනිත විය. මේ සමගම ඡායාරූප කලාවේ ගමන් මග නිර්මාණය විය. පුවත්පත් කලාව වර්ධනය වූ කාලයේ වඩාත් විස්තරාත්මත සිද්ධි ලියූ මාධ්‍යවේදීන්ට රූපයෙන් අදහස් පළකරන්නේ කෙසේද යන ගැටලුව මතුවූයේද මෙකලය.
මානව සමාජයේ ගැටුම පිළිබඳව විවිධ වූ ආකාරයේ එකඟ විය හැකි, එකඟ විය නොහැකි නිර්වචනයන් බොහෝ පවතියි. වාචික ගැටුම්, කායික ගැටුම් අවසන අවි ගැටුම් දක්වා වර්ධනය වීම සරලව, ප්‍රායෝගිකව පෙන්වා දිය හැකිය. මේ ගැටුම ඊළඟ අවධියේදී මානව සමාජයේදී සමාජගත කිරීමේදී පුවත්පතකට භාවිත කළ හැක්කේ කෙලෙසද? මේ අවස්ථාවේදී තමයි යුද වාර්තාකරු, යුද ඡායාරූප ශිල්පියා යන වචනය සන්නිවේදන විශ්වකෝෂයට, ශබ්දකෝෂයට පුවත්පත් කලා ශබ්දකෝෂයට එක්වෙන්නේ. දහනවවැනි ශතවර්ෂයේ අගභාගයේදී මේ වචනය අපේ විෂය ක්ෂේත්රයට එකතු වෙනවා. මේ විෂය වඩාත් අර්ථාන්විත කිරීමෙහිලා යම් සමාජ දේශපාලන අර්ථයෙන් විවිධ බුද්ධිමතුන්, විශ්ලේෂකයන් සිදුකළ කාර්යභාරය විශේෂයි. දෙවැනි ලෝක යුද්ධය අවසානයේදී ෆැසිස්ට්වාදයට විරුද්ධව සෝවියට් දේශය දේශප්‍රේමී යුද්ධය 1945 ජයග්‍රහණය කිරීමත් සමග, මිලියන දෙකකට වැඩි දේශප්‍රේමී රුසියානුවන් හිට්ලර්ට විරුද්ධව සටන් වැද ජර්මන් හමුදාවෙන් මිය යන විට එවකට රුසියාවේ පැවැති තරුව, සමස්ත රුසියාව, දවස, සත්‍යය යන පුවත්පත්වල සිටි මාධ්‍යවේදීන් හා ඡායාරූප මාධ්‍යවේදීන් සිදුකළ කාර්යභාරය ගැන අවධානය යොමු වුණා. බටහිර රටවල සමාන්තර වාර්තාකරණය වෙනුවට විශ්ලේෂණාත්මක දෘෂ්ටිවාදී දැක්මකින් කැමරාව මගින් රූපය සමාජගත කිරීමට කිසියම් මතවාදයක් ඉදිරිපත් කිරීමට ඡායාරූප පුවත්පත හරහා භාවිත කර ඇති බවක් දකින්නට තිබුණා. මෙයට හේතු වූ විශේෂ කාරණාව වනුයේ රුසියානු කොමියුනිස්ට් පක්ෂයේ ඒ වන විට නායකත්වයේ සිටි දේශප්‍රේමී නායකයන් එයට මතවාදමය වශයෙන්, පුවත්පත් කලාවේදීන්ට තමන්ගේ මාධ්‍ය භූමිය ආරක්ෂා කර ගැනීම, අධිරාජ්‍යය වාදයට විරුද්ධ වීම, ත්රස්තවාදයට විරුද්ධ වීම යන මූලික මතවාදය වෙනුවෙන් තමන්ගේ කැමරාව හා පෑන පාවිච්චි කිරීමේ වැදගත්කම සමාජයට ඉදිරිපත් කිරීමයි. යුද වාර්තාකරණය හා යුද ඡායාරූපකරණය ගැන අත්දැකීම් විමසා බැලීමේදී සෝවියට් දේශයේ අත්දැකීම් යම් ආකාරයකට දාර්ශනික මගපෙන්වීමක් ලබා දුන් බවට සඳහන් කළ හැකියි. ඉන්පසු විශිෂ්ට පුවත්පත් කලාවේදියෙකු වන අර්නස්ට් හෙමින්වේ යන ඇමෙරිකානු පුවත්පත් කලාවේදියා මේ කාරණාව පිළිබඳව ඔහු ලියූ බයිලයින් යන ලේඛනය මගින් පෙන්වා දුන්නා. පුවත්පත් කලාවේදියෙක්, ඡායාරූප ශිල්පියෙක්, යුද වාර්තාකරුවෙක් තමන්ගේ මතවාදය සමාජය වෙනුවෙන් සමාන්තර වාර්තාකරණයෙන් ඔබ්බට යමින් කිසියම් මතයක් සමාජගත කළ යුතුය යන කාරණාව ඔහු ඉදිරිපත් කළා.
ලාංකේය සමාජයේ ගැටුම පිළිබඳව ඉතිහාසය පුරා විහිදී ගිය සංසිද්ධි මාලාවක් දකින්න තිබෙනවා. 1505 පසුව මේ තත්ත්වය ගොඩක් සංකීර්ණ වෙනවා. විශේෂයෙන්ම ලාංකික සමාජයට දියුණු තාක්ෂණය සහිත බටහිර සමාජය ලංකාව ආක්‍රමණය කිරීමත් සමග. පෘතුගීසීන් ලංකාව ආක්‍රමණය කළ පසු කන්ද උඩරට රාජධානිය අත්පත් කරගෙන සමස්ත ලංකාවම අත්පත් කරගන්න අවශ්‍ය වෙනවා. ඔවුන් අවස්ථා අටකට වැඩි ප්‍රමාණයක් මධ්‍යම කඳුකරයට යුදමය වශයෙන් ආක්‍රමණ එල්ල කරනවා. මේ යුදමය වාර්තාවන් ඒ වකවානුවේදී අපට තිබෙන්නේ ඓතිහාසික වාර්තා වශයෙන්. ගන්නෝරුව සටන, ලේවැල්ලේ සටන, මුල්ලේරියා සටන ආදී ලෙස දීර්ඝ සටහන් ඉතිහාස රැල්ලක් තිබෙනවා. ලන්දේසීන්, බ්‍රිතාන්‍ය ජාතිකයන් ආක්‍රමණ එල්ල කරනවා. ඉන් පසු බුද්ධිමය මෙහෙයුම් සමාජය තුළ සිදුවෙන්නේ.
මේ යුද්ධයන් වාර්තා කිරීමේදී අපට තිබූ විනය ආචාර ධර්ම මොනවාද කියලා නිරීක්ෂණය කළොත් ලේඛන මාධ්‍ය එහිදී භාවිත කර තිබෙනවා. ඡායාරූපයෙන් කළ යුතු දේ ලේඛනයෙන් සිදුකර තිබෙනවා. අද අප 21වැනි ශත වර්ෂයේ දෙවැනි දශකය අගභාගයේයි ජීවත් වෙන්නේ. අද සමස්ත ජනමාධ්‍යයන්හි ව්‍යුහය, ආකෘතිය වෙනස්වී තිබෙනවා. අද නූතන තාක්ෂණය විසින් යුද පෙරමුණට යන සෑම සටන්කාමී සෙබළෙකුගේම හෙල්මටය මත කුඩා කැමරාවක් සවි කර තිබෙනවා. මෙහෙයුම් මැදිරියක සිට ඔහු මෙහෙයවන්නට තරම් බලවත්ව තිබෙනවා. ඒ නිසා ප්‍රචාරණ හා ප්‍රවර්ධන කටයුතු කරන්නට හැකිව තිබෙනවා. තව දුරටත් යුද ඡායාරූපකරණය අවශ්‍යයි. වර්තමානයේදී අවශ්‍ය වන්නේ සමාන්තර යුද වාර්තාකරුවෙකු, ඡායාරූප ශිල්පියෙකු නෙමෙයි විශ්ලේෂණාත්මක, විග්‍රාහාත්මක, මතවාදමය වශයෙන් ශක්තිමත් දියුණු යුද විශ්ලේෂකයෙක් කියලයි මම හිතන්නේ. අනාගතයේ යුද වාර්තා, යුද ඡායාරූප විශ්ලේෂකයා දාර්ශනිකයෙකුගේ කාර්යභාරය කරනවා කියලා මම හිතනවා. ඒ අභියෝගය පවතිනවා. එයට මේ ග්‍රන්ථය මූලික අත්පොතක් ලෙස තබාගෙන කටයුතු කළ හැකියි
නිදුක් මදුෂික / ඡායාරූප - ශමීර රාජපක්ෂ