ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම නියෝජනය කළ තුන් ඉරියව් ක්රීඩක කෝසල කුලසේකරට ඉන්දීය සිනමා වරම් හිමිව තිබේ. ඉන්දීය චිත්රපට නිෂ්පාදකයෙකු හා අධ්යක්ෂවරයෙකු වන පුෂ්පේන්ද්ර ඇල්බීවන්ගේ ‘බිලාට් දේව් ඔෆ් නගල්වඩි’ චිත්රපටයේ චරිතයක් ඔහුට හිමිව තිබේ.
කුලසේකරට හිමිව ඇති චරිතය ක්රිකට් ක්රීඩකයෙකුගේ චරිතයක් වන අතර, ඒ සඳහා කුලසේකර කිසිදු මුදලක් අයකර නොමැත. වසර හතරක මිත්රත්වයක් කුලසේකර හා චිත්රපට නිෂ්පාදක පුෂ්පේන්ද්ර අතර පැවතීම නිසා ඔහු මෙම චිත්රපටයට මුදල් අය කර නොකර සහභාගී වීම සුවිශේෂීය.
පසුගියදා (15දා) මෙහි දර්ශන රූගත කිරීම් ඉන්දියාවේ මහේෂ්වර් වරාය, නර්මදා නදිය ආශ්රිතව හා දේවී අභිලසා ප්රතිමාව අසලින් ආරම්භ කර ඇති අතර කුලසේකරද ඊට සහභාගි වී තිබේ.