ජනප්‍රිය බොලිවුඩ් නිළි අනුෂ්කා ෂර්මා චිත්‍රපට නිෂ්පාදිකාවක වශයෙන් දායකත්වය දැක්වූ පළමු බොලිවුඩ්කෘතිය වන 'NH10' චිත්‍රපටයේ සාර්ථකත්වයෙන් පසු ඇය නැවතත් නිෂ්පාදිකාවක ලෙසින් දායකත්වය දැක්වූ 'පිලව්රි' චිත්‍රපටය ඉදිරියේදී තිරගත වීමට නියමිතය.එමෙන්ම එහි අධ්යක්ෂවරයා ලෙස කටයුතු කර ඇත්තේනවක අධ්‍යක්ෂවරයෙකු වන අන්ෂායි ලාල්ය.
එය ඔහුගේ කුළුඳුල් චිත්‍රපටයද වෙයි.එසේම මීට පෙර චිත්‍රපටයේ අධ්යක්ෂවරයා ලෙස කටයුතු කළ නව්දීප් සිං සැලකෙන්නේද ඇගේ චිත්‍රපට නිෂ්පාදනයකින් ක්ෂේත්රයට පැමිණි අධ්‍යක්ෂවරයෙකු වශයෙනි. එබැවින් ඇගේ සහෝදරයා වන කාර්නෙෂ් සමග නිපැයූ දෙවැනි සිනමා නිර්මාණය ලෙස සැලකෙන 'පිලව්රි' පාදක කරගනිමින් අනුෂ්කා ෂර්මා සහ ඇගේ සහෝදරයාගේ අන්‍යොන්‍ය දායකත්වය පිළිබඳ සම්මුඛ සාකච්ඡාවක් පසුගිය දිනෙක පැවැත්විණ.මේ ඒ ඇසුරින් තබන සටහනකි.
Q ඔබ මෙවරත් ඔබේ චිත්‍රපටය සඳහා අධ්යක්ෂවරයා ලෙස තෝරාගෙන තිබෙන්නේ ආධුනිකයෙක් ?
මම 'බෑන්ඩ් බාජා බාරට්' චිත්‍රපටයේදිත් නවක චිත්‍රපට අධ්යක්ෂ මනීෂ් ෂර්මා එක්ක වැඩ කරලා තියෙනවා.එය මගේ වෘත්තිය ජීවිතයේ සන්ධිස්ථානයක්.ඒ නිසා මෙවරත් මට අලුත් වෙනසක් අවශ්‍ය වුණා. ඒ නිසයි මම ඔහුව විශ්වාස කළේ. ඉන්පස්සේ තමයි මම නව්දීප් සිං එක්ක වැඩ කරන්න තීරණය කළේ.
මොකද මම ඔහු මීට කලින් හොඳින් පරීක්ෂා කරලා තිබුණු චරිතයක්. විශේෂයෙන් ඔහු පාදක කරගත් කතා සංකල්ප සහ සිනමා ආඛ්‍යානය ගැන මට යම් වැටහීමක් තිබුණා.එවැනිම තෝරාගැනීමක් තමයි අන්ෂායි ලාල් කියන්නේ.ඔහු මගේ සහෝදරයාගේ හොඳ මිතුරෙක්.කාලයක් තිස්සේ කාර්නෙෂ්ව හඳුනනවා.හැබැයි අපි මුලින්ම එකතුවෙන්නේම චිත්‍රපටය ගැන කිසිදු අදහසක් නැතුව.
Q අද අපට හුඟක් ලැබෙන්නේ ප්‍රතිනිර්මාණය කළ චිත්‍රපට හෝ අනුවර්තනය කළ බොලිවුඩ් චිත්‍රපට. අනික එකම තිර කතා සංකල්පයක්ම තමයි නැවත නැවත ගොඩනැගෙන්නේ?
බොලිවුඩ් වගේ සිනමා කර්මාන්තයක් තුළ මෙවැනි දේවල් නැවත නැවත සිදුවෙන්නෙත් ප්‍රේක්ෂකයන් හින්දයි.අනික මම වුණත් ඒ වගේ චිත්‍රපට එක්ක කටයුතු කරන්න එච්චර කැමති නැහැ. ඒ හින්දයි මම හුඟක් චිත්‍රපට පිටපත් ප්‍රතික්ෂේප කළේ. ඒ වගේ පසුබිමකම තමයි'NH10' චිත්‍රපටය ලැබෙන්නෙත්.ඒ චරිතය මට අභියෝගාත්මකයි.
කරන්න දේවල් හුඟක් තිබුණා. ඒ නිසා'NH10' චිත්‍රපටය මම දකින්නේ ගවේෂණශීලී සිනමා කෘතියක් විදිහට. මටත් අවශ්‍ය කළේ ඒකමයි. අනික සල්මන්, ෂාරුක් හෝ අමීර් නැති ප්‍රේක්ෂකාගාරය රැකගන්නේ කොහොමද කියන එක අපට දැන්මම හිතන්න වෙනවා. ඒ හින්දයි මෙවැනි වෙනස් තේමා රැගත් චිත්‍රපට නිර්මාණය විය යුත්තේත්.
Q ඒ කියන්නේ චිත්‍රපටයක් අසාර්ථක වීමේදී ඊට නළුවා වගකිව යුතුයි ?
ඒ කතාව වැරදියි. චිත්‍රපටයක් අසාර්ථක වුණාම ඊට හැමෝම වගකිවයුතුයි. හැමදෙනාටම ඒක බලපානවා. අනික චිත්‍රපටයක රඟපෑවාට පස්සෙ නළුවාගේ කාර්යය අවසානයි. ඔහුට/ඇයට පුළුවන් ඊළඟට චිත්‍රපටයට සම්බන්ධ වෙන්න. ඒත් අධ්යක්ෂවරයාට එහෙම බැහැ.
Q ඔබේ සහෝදරයා නම් දක්ෂ ව්‍යාපාරික කොටස්කරුවෙක්. එහෙමයි පේන්නේ?
අප අතරත් මතගැටුම් තියෙනවා. කොහොම වුණත් පවුලේ සාමාජිකයන් විදිහටයි අපි කටයුතු කරන්නේ. ඒකයි ඇත්ත. අනික අපි දෙන්නා යමක් අවබෝධ කරගැනීමේදී විශාල ගවේෂණයක් සිදුකරනවා. ඉන්පස්සෙයි පොදු එකඟතාවකට එන්නේ. ඉන්පස්සෙයි සමබර වෙන්නේ. ඒකයි අපේ සම්බන්ධයේ තියෙන සුවිශේෂී විශේෂත්වය.
අපේ විශ්වාසයත් අපරිමිතයි. ඒත් වටිනාකම් සමානයි. එකම ආකාරයෙන් තමයි තත්ත්වයන් පාලනය කරගන්නෙත්. ඒ නිසයි අපි දෙන්නා ගැන අපේ දෙමාපියෝ හුඟක් ආඩම්බර වෙන්නේ. අනික චිත්‍රපට කටයුතුවලට සම්බන්ධ වන කොටසක් නෙමෙයි අපේ දෙමාපියෝ.ඔවුන් චිත්‍රපට ගැන කතා කරන්නෙම නැති තරම්.
Q සමාජ මාධ්‍ය ජාල ගැන ඔබට තියෙන්නේ විශාල තරහක්. එහෙමයි අපට නම් පෙනෙන්නේ ?
මගේ චිත්‍රපට නිකුත්වෙද්දි මම ඒ රසික අදහස් ගැන සොයා බලනවා.එහෙම කරන්නෙත් ඒ අදහස්වලට මාව ඈඳලා තියෙනවා නම් පමණයි.එහෙම නැතුව විශාල උනන්දුවක් ඒ ගැන මට නැහැ. අනිත් එක නුසුදුසු පුද්ගලයන් ඉවත් කිරීම හෝ අවහිර කිරීම තමයි මගේ සිරිත. ඒ හින්දා කෙනෙකුට යමක් මං ගැන කියන්න නැත්නම් නොකියා ඉන්න එකම තමයි වඩා හොඳ.
අනිත් එක අද අපි ජීවත්වෙන්නේ ද්වේෂය පිරුණු ලෝකයක.ඒ හින්දා කෙනෙක් ඉස්මතුවෙද්දී ඒ කෙනාට වෛර කිරීමයි ලෝක ස්වභාවය.ඊට අනුබල දෙන්න මට උවමනා නැහැ.ඒවට වෙලාවකුත් මට නැහැ. මොකද අපේ ජීවිත සාර්ථක වෙද්දි ඒ ගැන මිනිස්සු අසතුටු වෙනවා.ඔවුන් අනාරක්ෂිතයි කියලා ඔවුන්ට හිතෙනවා. ඒක අපි තේරුම්ගන්න ඕනි. විශේෂයෙන් කාන්තාවන් ඉස්මතු වෙනවට කොහොමත්ම කැමැත්තක් නැහැ.හැබැයි එවැනි මිනිස්සු තමයි හැබෑම දුර්වල මිනිස්සු.
Q වත්මන් ඉන්දීය ක්‍රිකට් නායක විරාට් කෝලි සමග ඔබ විවාහ ගිවිසගැනීම ගැන බොහෝ දෙනෙක් කතා කළා.ළඟදීම ඔබ දෙපළ විවාහ වෙනවද ?
මම කැමති නැහැ, ඒ වගේ දේවල් ගැන මෙතැන කතා කරන්න.(සිනාසෙමින්)මට ඕනි මගේ චිත්‍රපට කටයුතු ගැන අවධානය යොමු කරන්න.