නිර්මාණ කිරීම් සඳහා අවශ්‍ය වටපිටාවට අද වන විට බොහෝසෙයින් බිහිවන්නේ එදිනෙදා ජීවත් වන පරිසරය තුළිනි. වාණිජකරණය වූ වටපිටාව තුළ පරිසරයක් නොමැතිකමින් බොහෝ නිර්මාණකරුවන් උත්සාහ කරනු ලබන්නේ සුළු වේලාවක් තුළ නිවස තුළ රැඳෙමින් සිටින විට කෘත්‍රිම වශයෙන් හෝ පරිසරයක් තුළ ජීවත් වීමට අවස්ථාව ලබාගැනීමටයි. එවැනි නිර්මාණකාරිනියක් ලෙස Alexandra Kehayoglou හැඳින්විය හැකිය.
ඇයට ඇත්තේ විශේෂ සංකල්පයකි. ඇය නිර්මාණ ශිල්පිනියකට වඩා වෘත්තීමය වශයෙන් සිදුකරනු ලබන්නේ රෙදිපිළි නිෂ්පාදනයයි. ඇය රෙදිපිළි නිෂ්පාදනය කරනු ලබන කර්මාන්තයක අයිතිකාරිනියකි. ඇය තම කලාව සඳහා උපයෝගී කරගනු ලැබුවේ තමන්ගේ වෘත්තියයි. ඇය විසින් සිදුකරනු ලබන නිෂ්පාදන රෙදිපිළි උපයෝගීකර ගනිමින් ඇය නිවස තුළ කෘත්‍රිම ලෙස පරිසරයක ස්වභාවයක් නිර්මාණය කරනු ලබයි. ඇය බොහෝවිට කාර්යාල සඳහා ස්වාභාවික පරිසරයක ප්‍රතිනිර්මාණයක් වශයෙන් කෘත්‍රිම රෙදි පරිසරයක් නිර්මාණය කරයි. මේ සඳහා ඇයට විශාල ඉල්ලුමක් ලැබුණු බව සඳහන් වෙයි.
කාලීන වශයෙන් බොහෝදෙනාගේ අවශ්‍යතාවය වන්නේ ස්වාභාවික පරිසරයක් තුළ කාලය ගත කිරීම වුවත්, ඒ සඳහා අද වන විට ලෝකයේ බොහෝදෙනාට කාල කළමනාකරණය දැඩි ප්‍රශ්නයක් වී හමාරය. වැඩිහිටියන්ගේ කාර්යබහුලත්වය හේතුවෙන් බොහෝ ලෙස පීඩාවට පත්වන්නේ ඔවුන්ගේ දුවාදරුවන්ය. ඔවුන්ගේ හිත සුව පිණිස මෙවැනි සංකල්පයක් නිර්මාණය කිරීම පිළිබඳව බොහෝදෙනා සතුටට පත්වන බව ඇය සඳහන්කර තිබේ.
ඇය තම කර්මාන්තය තුළින් නිෂ්පාදනය කරනු ලබන රෙදිපිළි වර්ග භාවිත කරමින් සිදුකරනු ලබන කෘත්‍රිම පරිසර අලංකරණය අද වන විට යුරෝපයේ බොහෝ රටවල ආකර්ෂණයට පත්ව තිබේ. ඇය විසින් සිදුකරනු ලබන මෙම නිර්මාණ සඳහා විශාල මුදලක් වැය වන බවද සඳහන් වේ. මන්ද කෘත්‍රිම පරිසර අලංකරණයට භාවිත කරන අමුද්‍රව්‍ය ඉතාමත් ගුණාත්මක බවින් සහ ඉහළ තත්ත්වයේ ඇති රෙපිළි බැවිනි.
ඇයෙග් මෙම කෘත්‍රිම පරිසර අලංකරණයට ඇති ඉල්ලුම හේතුවෙන් ඒ සඳහා සැපයුමක් ලබාදීම ඉතාමත් අසීරු බව ඇය සඳහන් කරයි. එක් නිර්මාණයක් සම්පූර්ණ කිරීම සඳහා මාස 03ක කාලයක් ගතවන බවද කියවේ. කෙසේනමුත් ඇය විසින් හඳුන්වාදුන් සංකල්පය අද වන විට ලෝකයේ බොහෝදෙනා අතර ජනප්‍රියත්වයට පත් වී හමාරය.