කුරුණෑගල ශික්ෂණ රෝහලේ සමස්ත කාර්යමණ්ඩලයේ සාමාජිකයන්ගෙන් සමන්විත කලා සංසදයේ නිර්මාණ ඇතුළත් 'රිද්ම සංකලන' කලා උලෙළ දෙවනවරටත් කුරුණෑගල වයඹ පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
රෝහලේ විශේෂඥ වෛද්‍යවරයාගේ සිට කණිෂ්ඨ සේවකයා දක්වා වූ විවිධ ශ්‍රේණි නියෝජනය කරන කාර්යමණ්ඩල සමාජිකයන් එකම වේදිකාවකට වී තම ගායන, නර්තන ඇතුළු විවිධ දක්ෂතා මෙහිදී ඉදිරිපත් කළහ.
මෙවර රිද්ම සංකලන ප්‍රසංගයට විශේෂ ආරාධිතයන් ලෙස සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන සමග වයඹ මහඇමති දයාසිරි ජයසේකර සහ වයඹ පළාත් සෞඛ්‍ය අමාත්‍ය ඩී.ඩී. හේරත් යන මහත්වරු සහභාගී වූහ. මීට අමතරව වයඹ ආණ්ඩුකාර තිස්ස ආර්. බලල්ල, කුරැණෑගල නගරාධිපති ගාමිණී පෙරමුණගේ, කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය පාලිත ඩී. යාපා යන මහත්වරු ඇතුළු වෛද්‍ය ක්ෂේත්රයේ විශාල පිරිසක්ද මෙම කලා උලෙළ දැකගැනීමට පැමිණ සිටියහ.