රංගන ශිල්පියෙකු, තිර රචකයෙකු ලෙස බොහෝ දෙනෙක් හඳුනා ගත් ඔහු, 'උඩැක්කි කෝලම' ගීතය තුළින් ගායකයෙක් ලෙසද ජනප්රසාදය ලබා ගැනීමට සමත් විය. කුමාර තිරිමාදුර නම් වූ ඔහු සිය නවතම ගීතය වන 'ඈ මට ආදරේ' අන්තර්ජාලයට එක්කර පැය දොළහක් තුළ එය නැරඹූ පිරිස විසිදහසද ඉක්ම විය. මේ ඒ ගීතය පිළිබඳ ඔහු හා කළ සංවාද සටහනකි.
'ඈ මට ආදරේ' ගීතය
'ඈ මට ආදරේ' කියන්නෙ මගේ අලුත්ම ගීතය. එය රචනා කළේ මමයි. මහේෂ් සුනෙත් කැලුම් එහි සංගීත අධ්‍යක්ෂණය සිදුකළා. ගීතයේ රූගත කිරීම් සිදුවුණේ බෙන්තර ප්‍ර‘දේශයේ. මේ වගේ නිර්මාණයක් කළේ අත්දැකීම් එක්කද කියලා බොහෝ දෙනෙක් අහනවා. තාම කල් වැඩියි මට ඒ ගැන කියන්න. තරුණ ගායකයන් ගායනා කරන රැප් ගායනා බොහෝමයක වචනවල අර්ථයක් නැහැ. ශබ්ද රසය පමණයි තිබෙන්නේ. මම මෙයට අර්ථ රසයක් ලබාදුන්නා. ගැහැනියකගේ දෙතොල්, නිලුපුල් ඇස් පමණක් නොවෙයි ආදරය වැදගත් කියන දේ මම රෙගේ සහ රැප් ගීතවල තරුණ පරම්පරාව කියා දෙනවා. මම මේ ගීතය ගායනා කළාට රූප රචනා කරලා සංගීතවත් කළේ සුනෙත් කැලුම්. ඇත්තටම මම මේ ගීතය ගායනා කරන්න නෙමෙයි හිටියේ. කැලුම්ගේ ස්ටුඩියෝ එකේ ඉඳන් රාත්‍රී දොළහට විතර ලිව්වට පස්සෙ කැලුම් ගීතය ඉල්ල ගත්තා. ඔහු සංගීත නිර්මාණය කරලා මටම ගායනා කරන්න කිව්වා.
කුමාර තිරිමාදුර කියන ගායකයා සහ ගීත රචකයා
මේ වෙද්දී මම සීඩී පටයක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ගීත දහසයක් නිර්මාණය කර අවසන්. එයට 'උඩැක්කි කෝලම' ගීතයත් ඇතුළත්. මම මල් සින්දු කරලා නැහැ. විවිධ තේමා යටතේ මම ගීත නිර්මාණය කරලා තියෙනවා. ඩිරෙක්ට් මාකටින් කියලා කොල්ලෝ ගම්වල ඉඳන් කොළඹට එනවනේ. ඒ අය වෙනුවෙන් 'රස්සාවට කොළඹ ඇවිත්' කියන ගීතය නිර්මාණය කරලා තියෙනවා. වයසට ගිය අයට චමින්ද කියනවනේ. ඒ වෙනුවෙන් ගීතයක් නිර්මාණය කර තිබෙනවා. එලෙස විවිධ මාතෘකා යටතේ ගීත හදලා තියෙනවා.
මම අලුත් ගීතයක් ලියලා තියනවා 'මට කවදාවත් කවුරුත් ආදරේ නොකල බව දැනුණේ ඔබ හමුවීමෙන් පසුවයි' කියලා. ඒ ගීතයට තමයි ඊළඟ රූප රචනාව සිදුවෙන්නේ. මම මුලින්ම ගායකයෙක් වෙන්නෙ මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයේ ඉගෙන ගන්නකොට. අසංක ප්රියමන්තයි, මමයි මිතුරන්. ඔහු නවවැනි ශ්‍රේණියේ, මම දහවැනි ශ්‍රේණියේ. අසංක සංගීතය විෂයක් ලෙස ප්‍රගුණ කරමින් ඉදිරියට ගියා. මම වේදිකා නාට්‍යවලට සම්බන්ධ වුණා. පොඩි කාලෙ තිබ්බ ආශාවට දැන් තමයි ඉඩ ලැබිලා තියෙන්නේ. ඒ අවස්ථාව මම ආශාවෙන් කළා. මම මගේ දුව සම්බන්ධයෙන් ලිව්වා 'පුංචි මල් ගසක් ටික ටික දළුලනවා^' කියන ගීතය. එය එඩ්වඩ් ජයකොඩි ගායනා කරනවා. දර්ශන රුවන් දිසානායක සංගීතවත් කළා.
සිනමා වැඩකටයුතු
'නිවුස් පේපර්' චිත්‍රපටයේ රූගත කිරීම් ජනවාරි මාසයේ කරනවා. 'ශ්‍රී ලංකන්' කියන චිත්‍රපටයේ තිර පිටපත නිර්මාණය කරගෙන යනවා. මේ චිත්‍රපටයට ගීතයක් රචනා කරන්න හිතුවේ නැහැ. මම ඒ ගීතය රචනා කරන්න අමිල තේනුවරට දීලා තියෙනවා. චිත්‍රපටයේ වැඩකටයුතු ආරම්භ වුණාම ඒ ගීතය ගැන හිතනවා. මම අවුරුදු පහළොවක පත්තරකාරයෙක්. මෑතක ගීත ලියන්න, ගීත ගායනා කරන්න මගේ හිතේ වැහිලා තිබ්බ ෆයිල් එකක් ඕපන් වුණා. ඒ ෆයිල් එක ඔන් වීමත් එක්ක නිර්මාණ රැසක් ඉදිරියේදී බිහිවෙයි.